38 ° ᥫ᭡

292 86 15
                                    

ජන්කුක් එයාගෙ ඉස්සරහ ඉන්න ජිමින් දිහා බලලා හිනාව හිරකරගෙන ආයෙත් පැපිරස් එකේ මූණ ඔබාගත්තා. ජිමින් දිවත් හපාගෙන ජන්කුක් වගේම පැපිරස් එකක් අඳින පුවරුවක රඳවන් පැන්සල දික් කරන් කල්පනා කරන්නෙ ලෝකේ තියන බරපතලම ප්‍රශ්නය එයා ඉස්සරහ වගේ.

උදේ කෑමෙන් පස්සෙ ජිමින්ටත් ජන්කුක් වගේ චිත්‍ර අඳින්න ඕනි වුනේ වෙන කරන්න කියලා දෙයක් නැතිව කම්මැලි හිතුනාම. ඉතින් ජන්කුක්ට එයාටත් අඳින පුවරුවක් දීලා පැන්සල් උල් කරලා දෙන්න වුනා. ඒ වගේම එයාට බලාගෙන අඳින්න ඕනි වුනෙත් ජන්කුක්ව. ඒ නිසා ජිමින් කියන කියන අතට එයාට බලන්නත් වුනා.

"ඔහ්.. ජන්කුක් මට ඉඳගෙන ඉන්නවා අඳින්න තේරෙන්නෙ නැහැනෙ."

"දැන් ඔයා මට කියන්නෙ හිටගන්න කියලද ජිමින්? නිකන් මවාගෙන මම හිටන් ඉන්නවා අඳින්න.."

ජන්කුක් ජිමින් දිහා බලන ගමන් කියද්දි ජිමින්ගෙ මූණ අකමැත්තෙන් පිරුණා. එයා ජන්කුක්ට රවලා ආයෙ අඳින්න ගන්නකොට ජන්කුක් කට කොණින් හිනාවෙලා ඇස් පියාගෙන ජිමින් ගැන එයාගෙ හිතේ මැවුන රූපයක් පරික්ෂා කලා.

එයාගෙ හිතට පැහැදිලි කටු සටහනක් මැවෙද්දි එයා ඒක පැපිරස් එකේ සටහන් කලා විතරයි.එයා ජිමින්ට දැනෙන්න දුන්නෙ නැහැ එයා අඳින්නෙ ජිමින්ව කියලා. උදේ වරුවම හෙමින් ගෙවිලා යද්දි මන්දිරය ඉස්සරහ තිබුන පොඩි උද්‍යානය කොටසෙ ඒ දෙන්නා තමන්ගෙ සිතුවම් වල ගිලිලා හිටියා.

"ජිමින්? "

"....ම්? "

"තාම ඉවර නැද්ද ඇත්තටම ආ? මං ඉවර වෙලා ගොඩක් වෙලා."

ජන්කුක් පැන්සල බිම තිබුන ලී පෙට්ටියට විසි කරලා බෙල්ල දෙපැත්තට නවලා හිරි ඇරියෙ එකම විදිහට ඉඳලා රිදෙන නිසා. කොහෙද ජිමින් එයාගෙ චිත්‍රේ ඉවර වෙනකන් ජන්කුක්ට හෙලවෙන්නවත් දෙන්නෙ නැහැනෙ.

"තව ටිකයි..."

ජිමින් තොල් උල් කරන් පැන්සලත් හපමින් කල්පනා කරනවා දකිද්දි ජන්කුක් කකුලක් පිට කකුලක් දාගෙන පපුව උඩ අත් බැඳගෙන ජිමින් දිහා බලන් ඉන්න ගත්තා. දවස් දෙකට ඒ සිනිඳු කොණ්ඩය වැවිලා නිසා කාන්තාරෙන් එන සුළඟත් එක්ක අහුවෙලා අවුල් වෙලා යනවා. තාමත් ඇඳගෙන ඉන්න ජන්කුක්ගෙ ලොකු කමිසයට එයා ඇඳන් ඉන්න කෙටි කලිසමවත් පෙනුනෙ නැති තරම්. ජන්කුක් හැමදාමත් වගේ ඒ රූපයෙ අතරමන් වෙනවා. එයාට මතක් වුනා ජිමින් උදේ එයා තමන්ගෙද කියලා ප්‍රශ්න කරපු හැටි.

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Tahanan ng mga kuwento. Tumuklas ngayon