47 ° ᥫ᭡

271 83 17
                                    

ජන්කුක් මාලිගාවට යන්න ඔසෙයින්ගෙ පිටේ නැගලා ගේට්ටු තුළිනුත් නොපෙනී යනකන් බලන් හිටිය ජිමින් ජනෙල් තිර වහලා දැම්මා. එයා ජන්කුක්ගෙ කමිසයෙන් විතරක් තාමත් හිටියෙ ජන්කුක් එයා එහෙම ඉන්නවට ආසයි කියලා දන්න නිසා.එයාගෙ හිතට තිබුනෙ සතුට පිරුණ හැඟීමක්. ජන්කුක් කිව්ව විදිහටම හෙට යන ගමනට දෙන්නගෙම ඇඳුම් නවලා හම් බෑග් එකක අසුරන එක තමයි එයාගෙ රාජකාරිය වුනේ. ගෙනියන්න පුලුවන් තරම් ජිමින් නවන්න ගත්තෙ ඉතිරි ඒවා දාලා යන්න හිතලා.

ජන්කුක් ඊයෙ ගෙනාව දේවල් ඇතුළෙන් ගෙනත් තිබ්බ නිසා ජිමින් තෙමිලා තියන දේවල් වේලෙන්න දාලා කෑම වර්ග පවා ලී පෙට්ටියකට ඇසිරුවෙ ඒක ඔසෙයින්ගෙ පිටේ බඳින්න හිතාගෙන. ඔසෙයින්ව අරන් යන්න වෙන්නෙ ජන්කුක් එයාව නැති කරගන්න අකමැති නිසා. එයාගෙ පිටේ නැගලා යන්නෙ නැති වුනත් කෑම ටික එයාගෙ පිටේ අරන් යන්න පුලුවන් වෙයි කියලා එයාලා හිතුවා.

"සීත කබා දෙකක් ඇති වෙවිද? අපි දෙන්නට දෙකක් ඇති. මේ තරම් අරන් යන්න බැරි වෙයි.."

"සති දෙකකට කෑම මේ වැඩියිද? එකහමාරක් කාන්තාරය හරහා යාවි. කෝකටත් සති දෙකකට ඇතිවෙන්න ගමු.."

"තිරිඟු පාන් රෝල් , පළතුරු ජෑම් , චීස් එක්ක වියළි මාංශ..? ආ.. ජන්කුක්ගෙ පින්සල්.. පැපිරස් පත්‍ර, කැන්වස් ගන්න ඕනි. එයාට ඒවා නැතිව පාලු හිතේවි.."

"ඔසෙයින්ට සීතල දැනේවිද රෑට? ආ උඩ තිබුන එක ලොම් ඇතිරිල්ලක් ගමු.අපිට නිදාගන්න ලොම් ඇතිරිල්ලි තුනක් වැඩි නෑ.එකක් ඔසෙයින්ට."

ජිමින් තනියම කියවමින් දේවල් ගොඩගහලා අන්තිමට තවත් ලොම් ඇතිරිල්ලකක් ගන්න හිතුවෙ ජන්කුක් අලුතෙන්ම ගෙනත් තියන වැඩි උණුසුමක් දෙන ලොම් ඇතිරිල්ලි දෙක දිහා බලලා. එයා තරප්පු පේළිය දිගේ උඩට දුවගෙන ගියෙ එයාලා නිදාගන්න පාවිච්චි කරන ලොම් ඇතිරිල්ලක් අරන් එන්න.. ජිමින් උඩම තිබුන ඝනකම් ලොම් ඇතිරිල්ල උස්සගෙන යන්න හැදුවත් එක කොණක් බිම දිගේ ඇදිලා එනවා. ඒ එක්කම ඒකත් එක්ක පැටළුන බර දෙයක් එයාට දැනෙද්දි ජිමින් ඒ මොකද්ද කියලා හැරිලා බැලුවා.

"ම්..? පොතක්? ඇයි ඒක අපි නිදාගන්න තැන තියෙන්නෙ? "

ජිමින් නළල රැළිකරන් ඒක අතට ගත්තෙ උස්සන් හිටිය ලොම් ඇතිරිල්ල හෙමින් බිමින් තියලා. ගොරෝසු හම් රෙද්දකින් බැඳපු පරණ පොතක් වුන ඒකෙ ඇතුළු පිටුව පෙරලුවෙ ජිමින් නිකමට වගේ. ඒත් එයා දැක්ක දේ එක්ක ඒ හීනි ඇස් ලොකු වුනා.

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Where stories live. Discover now