ජන්කුක් එයාලට කෑම හදමින් හිටියෙ රෑ එයාට සම්පූර්ණ කරන්න තිබුන චිත්රය වෙනුවෙන් කෝපි එකකුත් රත් කරන ගමන්. උණුසුම් කෝපි කෝප්පයක් තොල ගාමින් පින්සල හසුරුවන්න එයා පුරුදු වෙලා. ජිමින් දවස පුරා දඟලලා දැන් නිදිමත පිරුණ ඇස් වලින් කෑම මේසෙ උඩට වෙලා නිදිකිරා වැටෙනවා ජන්කුක් දැක්කා.
"ජිමිනි කාමරේට ගිහින් නිදාගන්න. කෑම අරන් එන්නම්..
"ම්හු.."
ජන්කුක් බිත්තරය තැටිය උඩ අනිත් පැත්ත හරවන ගමන් ජිමින්ට කියද්දි ජිමින් ඇස් පොඩි කරලා මේසෙන් බිමට පැනලා ජන්කුක් ලඟට ඇවිදන් ආවා..
"තව ගොඩක් වෙලා යනවද? "
ජිමින් ජන්කුක්ගෙ පිටිපස්සෙන් ඇඟිලි තුඩු වලින් ඉස්සිලා බැලුවෙ ලිප මත තිබුන තැටිය දිහා. ජන්කුක්ගෙ කඩිසර අත් ඒකට මිංචි කොළ වගේම ලූණු එකතු කරන විදිහ එයා බලන් හිටියා.පැත්තක පාන් පෙති උඩට දැනටමත් චීස් තියලා තිබුන නිසා ඒවා උඩින් බිත්තර තියන්න විතරයි තිබුනෙ..
"තව ටිකයි.. ගොඩක් බඩගිනිද ම්? "
"හ්ම්..." ජිමින් ජන්කුක්ගෙ පැත්තෙන් හිටගෙන ඉණ වටේ අත දාලා බදාගෙන ජන්කුක්ගෙ ශක්තිමත් බාහුවකට නිකට තියාගෙන බලාගෙන හිටියෙ පොඩි බලු පැටියෙක් වගේ හුරතලෙන්..
ජන්කුක් එයාගෙ නහයට තට්ටුවක් දාලා බිත්තරය හතරැස් කෑලි වලට කපන්න ගත්තෙ පාන් පෙති උඩින් තියන්න. ඒත් එයාගෙ ඇස් ජිමින් දිහා බලන්න ගිය එක තත්පරේකට එයා අතින් අතපසුවීමක් වුනේ කවදාවත්ම නැතුව.
"ආව්...! "
"ජන්කුක්! "
ජන්කුක් අතින් පිහිය අතෑරිලා වම් අතේ ඇඟිල්ලක් අල්ලගත්තෙ ඒකෙන් දැනුන වේදනාවට.ඒකට ජිමින්වත් ගැස්සිලා ගියා. ජිමින් ඒ දිහා බලද්දි ජන්කුක්ගෙ ඇඟිලි අතරින් ලේ බිංදුවක් මතු වෙලා තිබුනා. බය වුන පාරට ජිමින් ඒ ඇඟිල්ල අරන් එයාගෙ කට ඇතුලට ඔබාගත්තෙ ජන්කුක් ඇස් ලොකු කරන් බලද්දි. ජිමින්ට ලේ වල රස දැනුනත් එයා ඒක දිගටම කෙළ වලින් තෙත් කරනගමන් සීතල කරද්දි ජන්කුක් හිනා වෙලා ජිමින්ගෙ ඔලුව අතගෑවා. ජන්කුක්ට රිදුනට ජිමින්ගෙ ඇස් වල කඳුලු පිරිලා තිබුනෙ අවසරයකින් තොරව.
YOU ARE READING
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfiction~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+