14 ° ᥫ᭡

360 92 7
                                    

~ වසරකට පෙර ~

ජන්කුක් සිය වෙනිවතාවටත් තමන්ගෙම හිසකෙස් ඇදගත්තා. එයා චිත්‍ර ශිල්පියෙක් වුන එක ගැන තමන්ටම දොස් කියාගන්න තැනට පත්වෙලා. ක්ලියෝපැට්‍රා රැජිණිය සරාගී කාමාශාවන්ගෙන් පිරි කාන්තාවක් කියලා එයා දැනන් හිටියත් එයාට ඒ වෙද්දි තේරුණේ නෑ ඇයි ජන්කුක්ට නිරුවත් රූප අඳින්න අණ කලේ කියලා. මොකද රැජිණියට ඕනි නම් තමන්ට ඕනි පුරුෂයෙක් හෝ කාන්තාවක් නිරුවතින් තමන් ඉස්සරහට ගෙන්න ගන්න පුළුවන් එක අසුරු සැණකින්.

ඒ තරම් බලයක් තියෙද්දි රැජිණියට ඕනි වුනේ ජන්කුක් ඒ රූප අඳිනවා බලන්න.රැජිණියගෙත් තියන අමුතු ආශාවන් කියා ජන්කුක් හිත හදාගත්තා. මොකද එතකොට ජන්කුක් හිතුවෙ නෑ රැජිණියට ඕනි තමන්ව කියලා.

ජන්කුක් මේ වෙලාවෙ හිටියෙ සම්මුඛ පරීක්ෂණයක වගේ. එයා ඉස්සරහ අඩනිරුවත් හෝ නිරුවත් කාන්තාවන්, පිරිමින් එක එක රටාවට හිටියා. ඒත් තාමත් චිත්‍රයක් වීමට තරම් අනර්ඝ රූපයක් ජන්කුක් දැක්කෙ නැහැ. ඒ කිසිම කෙනෙක්ට ජන්කුක්ට හිත ගියෙ නැතත් ඒ පැමිණි ඕනිම කෙනෙක්ට ජන්කුක්ට නම් හිත ගිහින් තිබුනා.

"පිටව යන්න.. "

ජන්කුක් දිගු ඇඟිලි තුඩු වලින් තම නළල පිරිමැද ගත්තා. ඊජිප්තු තරුණ තරුණියන් මොන තරම් සුන්දර වුවත් ජන්කුක්ගෙ හිත ඇදගැනීමට කිසිවෙකුට බැරි වුනා. මාලිගාවට ආසන්නයේ තිබුන කුඩා කුටීරයේ මේ පරීක්ෂණය තිබුනෙ. ජන්කුක්ගෙ අණ කිරීමත් එක්ක පැමිණිලා හිටිය හොඳම සුරූපිනියන්ගෙ මුහුණු ඇද වුනා. ඔවුන්ට තම ඇඳුම් ආභරණ පැළඳ ගන්න ඉඩ දී ජන්කුක් කුටියෙන් ඇතුළට තිබුන තවත් දොරක් ඇරන් ඇතුළට ගියේ හිස රිදෙන්න තරම් නිසා. එයා දවස් ගාණක් මේ පරීක්ෂණයට ආව මිනිස්සුන් දිහා බලන් හිටියෙ රැජිණියට හිතෙන් දොස් කියන ගමන්.

ජන්කුක් ආසනයක ඉඳන් කකුල් අතරෙ ඔලුව තියාගෙන හිටියා.ඒත් ගත වෙන්න ඇත්තෙ විනාඩි කීපයක් විතරයි. එකපාරටම වගේ තමන් හිටිය කුටියට වැලි කුණාටුවක් හැමුවා වගේ දොර වේගෙන් ඇරිලා ගිහින් ඒ වේගෙටම වැහිලා ගියා. ජන්කුක් ගැස්සිලා ගිහින් බැලුවෙ එයාගෙ විවේක ගන්න කුටියට එන්න තරම් නිර්භීත වුනේ කවුද කියලා.

ඒත් එයා දැක්කෙ බය වෙලා වේගෙන් හුස්මගන්න ගමන් දොරට පිට දීලා හේත්තු වෙලා ඉන්න පොඩි ජීවියෙක්. එයා හති හලන්නෙ ගොඩක් දුර දුවන් ඇවිත් වගේ. එයා ඇස් පියාගෙන දොරට හේත්තු වෙලා හයියෙන් හුස්ම ගනිද්දි ජන්කුක් කකුලක් පිට කකුලක් දාගෙන ඒ කෙනා අධ්‍යයනය කරන්න ගත්තෙ ඇස් හිනී කරන්.

ඒ කෙනා ඇඳගෙන හිටියෙ සුදු ස්වේත දුහුල් සලුවක්. දුවන් ආව දුරේ හැටියට වගේම දැඩි අව් රශ්මියට දහඩිය නෑවිලා ඒ සලුව එයාගෙ ඇඟට ඇලිලා. ඉණේ වගේම අත් පය වල තිබුන රත්‍රං පළඳනා වලින් එයා වංශවත් වගේම පොහොසතෙක් කියලා ජන්කුක්ට හිතුනා.පෙනුමෙන් පූජකයෙක්ගෙ වගේ ඒ සලු පිළි. ඒත් ඊටත් වඩා වංශවත් පාටයි. ජන්කුක් ඒ කෙනාගෙ මුහුණ නිරීක්ෂණය කරන්න ගත්තා.

තෙතට නළලට ඇලිලා තිබුන කොණ්ඩෙ වගේම, ලාවට විවර වෙලා හුස්ම උඩට අදින තොල් වගේම පියාගෙන හිටි ඇස් වලින් ඒ කෙනාට සරාගී ලස්සනක් දුන්නෙ

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


තෙතට නළලට ඇලිලා තිබුන කොණ්ඩෙ වගේම, ලාවට විවර වෙලා හුස්ම උඩට අදින තොල් වගේම පියාගෙන හිටි ඇස් වලින් ඒ කෙනාට සරාගී ලස්සනක් දුන්නෙ. නිකටෙන් බෙල්ලට වැටෙන දහඩිය බිඳු නිරාවරණය වුන පපුව දිගේ පහලට ගලන් යද්දි ජන්කුක්ට කෙළ ගිලුනා.විනිවිද පේන සලුවෙන් කැපිලා පේන පපුවෙ තද පැහැති ළය මඩලෙ තැන් ජන්කුක්ව හිරි වැට්ටුවා.

විනාඩි ගාණකට පස්සේ ඒ ඇස් ඇරලා ජන්කුක් දිහා බලපු පළවෙනිවතාවෙම ජන්කුක් තීරණය කලා ඒ කෙනා කවුරු වුනත් අයිති තමන්ට කියලා..

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Tempat cerita menjadi hidup. Temukan sekarang