37 ° ᥫ᭡

289 90 29
                                    

" මේ පොඩි පූජකතුමා ඉන්නෙ බැතිමතෙක්ගෙ උකුල උඩට වෙලා ඉඟුරු පාන් ගෙඩිය වගේ. ඒක ලැජ්ජ නැතිකමක් නෙවෙයිද? "

ජන්කුක් ජිමින්ගෙ උරහිසෙන් නිකට තියාගෙන ඒ සිහින් ඉණ මිරිකුවේ කමිසය ඇතුළෙන් අත දාලා.ජිමින් ඒකට දැඟලද්දි ජන්කුක් අතේ තිබුන කෝපි කෝප්පය එක අතකින් අල්ලන් අනිත් අතින් ජිමින්වත් අල්ලන් හිටියා.

"අත ගන්න එහෙනම් බහින්න.."

ජිමින් මූණත් බෙරි කරන් ජන්කුක්ට කිව්වෙ ජන්කුක්ට ආයෙත් හිනා යද්දි.ඒ පොඩි ජීවියට ඉක්මනට තරහ යනවා කියලා දැන දැනත් අවුස්සන එක ජන්කුක්ට විනෝදයක් වුනා.ජන්කුක් එයාගෙ අත ලිහිල් නොකරම ජිමින් බාගයක් බීලා ඉවර කරපු කෝපි කෝප්පය බොන්න ගත්තෙ හිනාවෙවී. ජිමින් තරහටම අත් පපුව උඩ බැඳගෙන කැන්වස් එකට ඔරවගෙන හිටියෙ කැන්වස් එක එයාට වැරැද්දක් කලා වගේ.

"වස්තුව..? "

"........"

"කෝ ඉතින් ඔය තරහද? "

"........"

"මගෙ මැණික බලන්න මෙහෙ. කෝ ඉතින්.."

ජන්කුක්ගෙ ආදරය පිරුණ කටහඬ ඇහෙද්දි ජිමින්ව නොදන්න වෙනමම ලෝකයකට කඩන් වැටෙනවා.ජන්කුක්ගෙ දිග සිහින් ඇඟිලි එයාගෙ නිකටට තද වෙලා ජන්කුක්ගෙ පැත්තට මූණ හරවගනිද්දි ජිමින් කට හදලා රවලා දැම්මෙ ජන්කුක් හිනාව ගිලගනිද්දි.

"දන්නවද මේ විදිහට මම හිනා වෙලා ඉන්නෙ ඔයා නිසා කියලා...? දවසකට කලින් මගෙ ජීවිතේ මේ සුදු කැන්වස් එක වගේ. කිසිම දෙයක් නැහැ හිස්. ඒත් ඔයා ඇවිත් මේ පොඩි අත් වලින් ඒක පුරාම සායම් කරනවා..."

ජන්කුක් ජිමින්ගෙ අතක් අල්ලගත්තෙ ජිමින් ඒ දිහා බලද්දි.ජන්කුක් ඒ අත හෙමින් ඇඟිල්ලෙන් පිරිමදිද්දි ජිමින් බොඳ වුන ඇස් වලින් ජන්කුක් දිහා බැලුවෙ.

"මගෙත්... මගෙ.. ජීවිතේ කලුපාටට තිබුනේ."

ජිමින් මුමුණද්දි ජන්කුක් ඒ අත අරන් ගිහින් තමන්ගෙ කම්මුලෙන් තියාගත්තා.

"මාව දාලා යන්නෙ නැහැ නේද ජිමින්? ඔයා ආපහු යන්න බැරි තරම් මට ලං වෙලා ඉවරයි. ඔයාට යන්න බැහැ. මං ඉඩ තියන්නෙත් නැහැ"

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Where stories live. Discover now