16 ° ᥫ᭡

322 95 14
                                    

"එහෙනම් පූජකතුමා ඔය දොරෙන් එලියට යන්න පුලුවන්. මට පාඩුවෙ ඉන්න දීලා.."

ජන්කුක් නළල ඇඟිලි දෙකකින් මිරකන් කිව්වෙ එයා දිහා බලන්නවත් කරදර නොවීම. එයාගෙ හිතට මෙච්චර කාලෙකට වැදුන එකම රූපයත් පාරිශුද්ධ රූපයක්.එයාට අතක්වත් තියන්න තහනම් තරම් එයා පවිත්‍ර කෙනෙක්. ජන්කුක්ට හිතන්න තිබුනා ඒ කෙනා සුරදූතයෙක් තරම් ලස්සන වෙද්දි. ඒත් ජන්කුක් යන්න කිව්වම ඒ වීදුරු වගේ ඇස් බයෙන් වගේම නොසන්සුන්ව පිරිලා ගියා. හරියට එයාට යන්න බෑ වගේ ජන්කුක් දිහා බලන් හිටියෙ.

"ඇයි? "

ජන්කුක් ඇහිබැමක් උස්සන් එයා දිහා බලන් ඉන්න කෙනාගෙන් අහද්දි එයාගෙ ගැස්සුන ඇස් ඉක්මනට බිම බලාගෙන ඇඟිලි පොඩි කරන්න ගත්තා.

"ම්..මට තව ටිකක් වෙලා ඉන්..න දෙන්න පුලුවන්ද? " ඒ කටහඬේ කලින් තිබුනා වගේ පණ්ඩිතගතියක් තිබුනෙ නෑ. අසරණ විදිහට එහෙම කියද්දි ජන්කුක් ප්‍රශ්නාර්ථයකින් එයා දිහා බැලුවෙ.

"හොරෙක් වගේ දුවන් යන්නෙ මොකද ඇත්තටම? තමුන් මේ පරීක්ෂණයට ආවා නෙවෙයි වගේනේ? "

"මං මෙහෙම පරීක්ෂණයක් තියනවදවත් දන්නෙ නෑ.."

"ඉතින් ඔයා කොයි ලෝකෙද ඔය දුවන්නෙ? " ජන්කුක්ගෙ ඇස් වල වගේම කටහඬෙත් නොරිස්සුම පිරිලා. එයා ඒ තරම් කතා කරන්න ආස කෙනෙක් නෙවෙයි. ඒකත් එයාගෙ නිදහස නැති කරපු කෙනෙක් එක්ක.

ඒත් ඒකට උත්තර නොදුන්න ඒ කෙනා ලොකු හුස්මක් පහතට දාලා දොර දිගේ පහලට රූටලා ගිහින් බිම ඉඳගත්තෙ ජීවිතේ ලොකු මහන්සියකින් වගේ. කකුල් නවලා පපුවට ලං කර ගත්ත ඒ පොඩි ජීවියා බෝලයක් වගේ හුරතලේට ජන්කුක්ට පෙනුනෙ ඇයි කියන්න ජන්කුක්ටම තේරුණේ නෑ. ඒත් ජන්කුක් එයාගෙන් ඈත් වෙලා ජනේලෙ ලඟට කිට්ටු වෙලා එළිය බලලා ඒක හම් වලින් කල තිරයකින් වහලා දැම්මා.ඒ කවුරු හරි එතන පරික්ෂා කරාවි කියලා ජන්කුක්ට සැක හිතුන නිසා.

ජන්කුක් කලේ පොඩි දෙයක් වුනත් ඒ දේ දිහා බිම ඉඳන් හිටිය කෙනාගෙ වීදුරු ඇස් වලින් බලන් හිටියා. ස්තූති කරන්න වගේ එයාව හැංගුවට. ඒත් ජන්කුක් ඒ දිහා බලන්නෙවත් නැතිව ජනේලය ලඟ බිත්තියට හේත්තු වෙලා පපුව උඩ අත් බැඳගත්තේ නිදහසට කරුණු අහන්න වගේ. ඒක තේරුණා වගේ අර ඇස් බිම බලාගෙන තවත් කකුල් පපුවට තුරුලු කර ගෙන හෙමින් කතා කරන්න ගත්තා.

"ඔයා දන්නවද මගෙ නම ජිමින්.."

"ජිමින්? "

"ම්ම්.. ජිමින් පාක්. මාව දන්නවද? "

ජන්කුක්ට ඒ නම පුරුදුගතියක් දැනුනා. කොහේ හරි එයා ඒක අහලා තියනවා. ඒත් කොහෙදිද? එයා නළල රැළි කරන් ජිමින් දිහා බලද්දි ජිමින් පොඩි හිනාවක් තොල් අතරේ තියාගෙන ජන්කුක් දිහා බලලා ආයෙත් බිම බලාගත්තා.

"මම හිතුවා නගරයෙ ඉන්න හැම කෙනාම මාව දන්නවා ඇති කියලා. ඒත් එක්කෙනෙක් හරි දන්නෙ නෑ කියන්නෙ සතුටක්.."

"මං නගරය එක්ක ඒ තරම් සමීප නැහැ.මට වැඩ තියනවා. කාලයක් නෑ."

"ම්ම්.. ඔයා චිත්‍ර ශිල්පියෙක් වගේ. මම ආසයි නර්තනයට.ඒත් ඒක අකැපයි.. ම්.. පූජකයෙකුට."

ජිමින්ගෙ කටහඬේ තිබුනෙම අසරණගතියක්.හරියට එයා අකමැති දෙයක් කරන්න එයාටම බල කරනවා වගේ ගතියක් ජන්කුක්ට දැනුනා.එයාට මේ කෙනාව ප්‍රහේලිකාවක් වෙලා තිබුනෙ. එයාගෙ හැසිරීම නිසා ජන්කුක්ට කවදාවත්ම නැතිව දුක හිතුනා.

"මාව ඊළඟ පූජාවෙදි පුද පූජා කරන්න සිර කරන්න නම් කරලා ඉවරයි. ශුද්ධලාභියා මමයි.."

"මොකක්? "

ජන්කුක් ගැස්සුනා. එයගෙ හිතට කියාගන්න බැරි නොසන්සුන් රිදීමක් ආවේ නිකන්ම. ඒ කඳුලු පිරුණ ඇස් ජන්කුක් දිහා බලන් ඉන්නවා. ගොඩක් අසරණ විදිහට එයාගෙ තත්වය ඒ ඇස් කියවනවා. ජිවිතේ පළවෙනිවතාවට ම කවදාවත්ම නොදැක්ක කෙනෙක් හමුවුන මුල්මවතාවෙ ජිමින් එයාගෙ හැඟීම් පාපොච්චාරණය කරලා මූණ කකුල් අතරෙ හංගන් ඉකි ගැහුවා.ජන්කුක් ගල් වෙලා බලන් හිටියෙ කියන්න දෙයක් නැතිව.

ඔව් අන්තිමට එයාට මතක් වුනා ජිමින් කියන නම ඇහුවෙ කොහෙදිද කියලා. එයයි ඊළඟට දෙවියන්ට බිලි දෙන්න ඉන්න ශුද්ධලාභියා..! දෙවියන්ගෙ කැමත්ත... ජිමින්..

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Where stories live. Discover now