ජන්කුක් දුන්න හැම මතකයක්ම ආදරණීය වෙද්දි ජිමින්ගෙ ඇස් ඉස්සරහ ඒ සේරම මැවෙනකොට කඳුලු වලින් පාලනයක් එයාට තිබුනෙ නැහැ.. එයාව මුණගැහුන පළවෙනි මොහොතෙ ඉඳන්, අද නළල සිපගෙන 'පරිස්සමට ඉන්න වස්තුව' කියලා නොපෙනී යනකන් ලැබුන ආරක්ෂාව ආදරය ජිමින්ට නැති කරගන්න තරම් ලෝබ හිතුනා. ඒත් ජන්කුක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්න තරම් එයා එක්ක ඉන්න එක ශාපයක් නම්?
"මං විශ්වාස කලා මේ වතාවෙවත් මං වාසනාවන්ත වේවි කියලා. ඒත් අන්තිමට හැරිලා බලද්දි තවත් මං අවාසනාවන්ත වුනා විතරයි.."
ජිමින් ලොකු හුස්මක් පහත දැම්මෙ කම්මුල් වලින් පල්ලම් බහින කඳුලු අතින් පිහදගන්න ගමන්.පැයකටත් වඩා ගෙවෙද්දි කඳුලු කම්මුල් වල වේලිලා ගිහින් තිබුනා වුනත් ජන්කුක් එක්ක බැඳුන මතක ඒ කඳුලු ආයෙත් අලුත් කරනවා. එයා අතේ තිබුන පරණ හම් වලින් බැන්ද පොත අරන්ම මෙච්චර වෙලා ඉඳන් හිටිය බිමින් නැගිටලා ගිහින් ඒක මේසය උඩින් තිබ්බා. ජන්කුක් එයාව ඇන්ද සිතුවමත් මේසය උඩින් තියලා තිබුනෙ පරිස්සමට. එදා එයාලා සතුටු වුන විදිහ අද වෙද්දි ජිමින් ඉස්සරහ බොඳවෙලා යන හීනයක් වෙලා ඉවරයි.
ජිමින්ගෙ ඇස් ගියෙ එතන තිබුන පොතක පිටු අතර තිබුන පැපිරස් පත්රයකට වෙද්දි එයාගෙ ගැහෙන ඇඟිලි තුඩු ඒ වෙතට ගියෙ නොදැනුවත්වම. ජිමින් ජන්කුක්ව කියලා විහිලුවට ඇන්ද කෝටු රූපය ජන්කුක් පරිස්සම් කරලා අරන් තියලා තිබුනෙ ජිමින්ගෙ තොල් අතරෙ හිනාවක් ඇඳිලා අතුරුදන් වෙද්දි.
"ඔයාට මට මේ තරම් ආදරේ කරන්න තිබුනෙ නැහැ නේද? අපි මුණනොගැහෙන්නත් තිබුනා...එහෙනම් මේ තරම් දුකක් දැනේවිද? "
ජිමින් ඒ චිත්රය දිහා බලාගෙන මිමිණුවෙ ඒ කඳුලු වැටිලා පැපිරස් කඩදාසිය පෙඟෙද්දි.එයා ජන්කුක්ගෙ කමිසය ගලවමින් එයාගෙ පූජක ඇඳුම අතට අරන් ඒක තුරුළු කර ගත්තෙ ඇස් පියාගෙන...
.
.
.
.
.
.
." දුටුවද ඒ ශුද්ධ වූ ආත්මය! "
"දෙවියනේ ඔහු නැවත පැමිණිලා!! "
"විශ්වාස කරන්නත් බැහැ ඔහුගෙ සුන්දරත්වය.. ඔහු සැබැවින්ම දේවදූතයෙක් නොවේද?"
YOU ARE READING
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfiction~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+