ජන්කුක් ගේට්ටු ඇරලා මන්දිරයේ මිදුලට එන්නත් කලින්ම එයාගෙ ඇස් ගිහින් නතර වුනේ එකතැනක. ඒ එක්කම එයාගෙ ඇස් ලොකු වුනා වගේම නිකන්ම ඔසෙයින්ගෙ පිටෙන් බිමට පැනුනා. හදවත නවත්තන්න ලං වෙලා වගේ වේගෙන් ගැහෙද්දි එයා වේලුන තණකොළ උඩ බිම ඉඳන් හිටිය ජිමින්ගෙ ලඟට දුවන් ගියේ ජිමින් බය, වේදනාව පිරුණ ඇස් වලින් එයා දිහා බලන් ඉද්දි. ඒ ඇස් වල තිබුන බැල්මට ජන්කුක්ට දැනුනෙ එයාව ගිනිගන්න එනවා වගේ.
"ජිමින්! මොකද්ද වුනේ?! "
"..........."
ජන්කුක් දුවන් ඇවිත් ජිමින් ගාව දණ ගැහුවම දැක්කෙ ජිමින් අත් දෙකෙන්ම එක කකුලක් අල්ලන් ඉන්නවා කියලා. ඒ දණහිස සීරිලා ගිහින් රතු වෙලා ලේ බිංදු පවා දණහිස දිගේ පහලට ගලන් යනවා. ජිමින් තාමත් හිටියෙ ජන්කුක්ගෙ කමිසයම ඇඳගෙන කියන එකත් පුදුමයක්.ජන්කුක් කිව්වා එයාට තමන්ගෙ ඇඳුම් ඇඳගන්න කියලා.
"කතා කරනවා ජිමින්. තමුන්ගෙ කකුලට වුනේ කියනවා. "
ජන්කුක්ගෙ ඇස් රතු වෙලා. එයාට පෙනුන විදිහට මේක වැටිලා ඇති වුන තුවාලයක්.ඒ ලඟම ගලකුත් තිබුන එකේ පැටලිලා වැටෙන්න ඇති කියලා හිතාගන්න ජන්කුක්ට ඒ තරම් අමාරු වුනේ නැහැ.ජන්කුක්ට තරහ ගියෙ ගෙදරින් එළියටවත් බහින්න එපා කිව්ව කෙනා මිදුලේ දුවලා වැටිලා තුවාල කරන් ඉන්නවා දැක්කම.එයාගෙ දිගු ඇඟිලි ජිමින්ගෙ කම්මුල් තද කරලා තනි අතින් අල්ලගත්තෙ කේන්තිය පාලනයක් නැතිම වෙලා. කකුල රිද්දනවටත් වඩා ජන්කුක් එයාගෙ කම්මුල් මිරිකලා බනින එකට ජිමින්ට ඇඬෙන්න ගත්තා. ඒත් ඒකට ජන්කුක්ගෙ අත හෙලවුනේවත් නැහැ.
"ම්හ්..රිද්..දෙනවා.."
"රිදෙනවා? තමුන් වැටෙන්න කලින් නෙවෙයිද ඒක හිතන්න ඕනි ආහ්? මොකද්ද කලේ එළියට බැහැන්. මං කිව්වද එළියට එන්න කියලා පාක් ජිමින්!?"
"........."
ජිමින් නහය උඩට ඇද ඇද අඬන්න ගනිද්දි ජන්කුක් කලින්ටත් වඩා හයියෙන් කෑ ගැහුවාම ජිමින් එයා දිහා බලන්න බයකමට බිම බලාගත්තා.
"කියනවා මොන මගුලටද එළියට ආවේ! අනිත් එක ඔහොම. උඩට විතරක් ඇඳන් මොන විකාරයක් කරනවා කියලද ඔය හිතන් ඉන්නෙ? ආහ්? තමුන්ට මං අතින් මැරෙන්න ඕනිද? කතා කරනවා ජිමින්.."
ජන්කුක් ජිමින්ගෙ උරහිස් වලින් අල්ලන් හෙළෙව්වෙ පාරක් ගහන්න අත නලියද්දි නවත්තගෙන. ජිමින් කලින්ටත් වඩා ඇඬුවෙ ජන්කුක් හොඳටම එයාට බනින නිසා..
"ම්.හ් මං ආවේ..මේ මල්.. වේළිලා...නිස්..සා......ම්හ්..මාව..වැටුන් නා.."
ජිමින් එයාට ටිකක් එහායින් තිබුන වේලුන මල් පඳුරු දිහා බලන් අඬන ගමන් අකුරු අමුණද්දි ජන්කුක්ට අත් මිට මෙළවුනා.එයා ඇස් පියාගෙන ලොකු හුස්මක් පාතට දැම්මෙ තරහ පාලනය කරගන්න.
"මල් වලට වතුර දාන්නද මං තමුන්ට කියලා ගියෙ ජිමින්?! ඕනි එකක් කරගන්නවා. තනියම නැගිටලා එනවා."
ජන්කුක් ඇඟිල්ල දික් කරලා සීතල කටහඬින් කියලා නැගිටලා යන්න ගියෙ ජිමින්ව ගණන්වත් නොගෙන. එයා තරහින් අඩි තියලා ගිහින් ගේට්ටු වහලා අගුලු දාලා ඔසෙයින්වත් අරන් ඉස්තාලයට යන හැටි ජිමින් රිදෙන පපුවට අත් දෙකම ගුලි කරන් බලන් හිටියා.ඊළඟට ජන්කුක් හම් බෑග් දෙකතුනක්ම අත් වලින් උස්සන් ඇතුළට ගියාම ජිමින් අඬමින් ම නැගිටින්න හැදුවෙ ජන්කුක් එයාව අරන් යන්න එන්නෙ නැති නිසා. එයා අමාරුවෙන් දණහිස නවන්නෙ නැතිව නැගිටින්න උත්සාහ කලා.
ජන්කුක් මේසෙ උඩින් බඩුටික තියලා ජිමින් අමාරුවෙන් නැගිටින්න උත්සාහ කරන විදිහ පපුව උඩ අත් බැඳගෙන බලන් හිටියෙ කේන්තියෙන්.
"මුරණ්ඩුකම.. එපා කියන දේමයි කරන්නෙ." ජන්කුක් මිමිණුවෙ ජිමින් කකුල අද්දවමින් මන්දිරයට දිහාට අඩියක් තියද්දි. ජන්කුක් තමන්ගෙම කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යවලා ඇදගත්තෙ හිතට එන දුක වේදනාව තරහව පාලනය කරගන්න.
අඩියට දෙකට ජිමින් ගාවට ගිය ජන්කුක්, ඇස් ලොකු කරන් බලන් ඉන්න ජිමින්ට හිතන්න තරම් වෙලාවක් නොදී එයාව උස්සලා අරන් උරහිස්ස උඩින් දාගත්තෙ පහසුවෙන්.ජිමින්ගෙ කමිසය ටිකක් උඩ උස්සපු එයා ඇඟිලි පහම තදින් හිටින්න ඒ නිරුවත් පසුපසට ගැහුවෙ ජිමින්ට කෙඳිරි ගෑවෙන්න. ජිමින් ජන්කුක්ගෙ කමිසය පුංචි අත් වලින් මිරිකගෙන නහය උඩට ඇද ඇද අඬද්දි ජන්කුක් එයාව උස්සන්ම තරප්පු පේළිය නැගලා කමරේට ඇවිත් ලොම් කලාල ගොඩ උඩට අතෑරලා දැම්මේ පණ නැති රෙදි බෝනික්කෙක් වගේ.
ESTÁS LEYENDO
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfic~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+