🔞
සතියකට පසු........
රෝමයේ බටහිර ප්රාන්තයක කෙළවරක තිබුන දෙමහල් නිවසක් එක්ක තිබුන සුප්රසිද්ධ කලාගාරය චිත්ර ශිල්පී ජන්කුක් ජෝන්ගෙ වුනා. එතනින් එහාට තිබුන නිවාස පේළියම එයාගෙ සහෝදරයන්ට අයිති වංශවත් නිවාස.
ජන්කුක් දුඹුරු පැහැ කොකෝවා වලට කිරි මිශ්ර කරමින් හිටියෙ ජිමින් ඇහැරෙන්න කලින් කුස්සියට ඇවිත්. ජිමින් තද නින්දෙ හිටිය නිසා එයාට ඇහැරවන්න ඕනි වුනේ නැහැ. ඒත් වැඩි වෙලාවක් නොයාම එයාගෙ ඉණ වටා පුංචි අත් දෙකක් වෙලුනෙ ජන්කුක් ඒ සුවඳින් ම ඒ කෙනාව අඳුරගනිද්දි.
"මිනී මෙච්චර ඉක්මනට ඇහැරුණේ ඇයි වස්තුව.."
"ඔයා ගිහින්නෙ මාව තනියම දාලා.."
ජන්කුක් හිනා වෙමින් අහද්දි එයා දන්නවා දැන් වෙද්දි ජිමින්ගෙ මූණ නරක් වෙලා කියලා. ජන්කුක්ගෙ නිරුවත් පිටට මූණ තද කරන් ජිමින් නිදිමතේම මුමුණද්දි ජන්කුක් එයාව ඉස්සරහට අරන් තුරුලු කරන් ඒ ඔලුව සිපගත්තා.
"ආයෙ කවදාවත්ම දාලා යන්නෙ නැහැ.. කෝ එන්න."
"ම්ක්.."
ජන්කුක් ජිමින්ව උස්සලා උයන තැන ලී මේසය උඩින් තියලා උදේ සීතල නිසාම නිවීගෙන එන කොකෝවා එක ජිමින්ගෙ අතට දුන්නෙ තව ටිකක් පිඹලා නිවලා දාලා. ජිමින් ඒකත් තුරුලු කරන් බලන් ඉද්දි ජන්කුක් පාන් පෙති කපමින් ඒවට පළතුරු ජෑම් වර්ගයක් ගානවා ජිමින් දැක්කා.
"අපි උදේට කමු තව ටිකකින්. මම නාගෙන එන්නම්.."
ජන්කුක් පාන් පෙති ටික හදලා තියලා ජිමින්ගෙ නහයට තට්ටුවක් දාලා කියද්දි ජිමින් කොකෝවා එකත් එක්කම අත් දික් කලේ එයාව වඩාගන්න කියලා..
"ඇයි වස්තුවටත් නාන්න ඕනිද? "
"ඔයා එක්ක නම් හා.."
ජිමින් දඟකාර විදිහට කියද්දි ජන්කුක් හිනා වෙලා ජිමින්ව වඩා ගත්තෙ ජිමින් ජන්කුක්ගෙ ඉණ වටේ කකුල් යවද්දි. ඒත් ඒ එක්කම ජන්කුක්ගෙ ඇස් ලොකු වුනේ එයාට දැනුන දේ එක්ක.
"මිනී! ආයෙත් කමිසය විතරයිද ඇඳන් ඉන්නෙ ආ? "
ජන්කුක් උස්සන් ඉන්න ගමන් එයාගෙ අතට දැනෙන්න නිරාවරණය වුන ජිමින්ගෙ පිටුපසට පාරක් දෙද්දි ජිමින්ගෙ හුරතල් හිනාව එයාට කනගාවින් ඇහුනෙ. දන්නවා ජිමින් කියන්නෙ දඟ හිතුවක්කාරයෙක් කියලා. එයාට ඕනි ජන්කුක්ව අවුස්සන්නමයි.
YOU ARE READING
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfiction~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+