50 ° ᥫ᭡

277 84 23
                                    

ප්‍රධාන පූජකයා ක්ලියෝපැට්‍රා රැජිණිය ඉදිරියෙ එහාට මෙහාට ඇවිදිමින් හිටියෙ සාමකාමී සන්සුන් විදිහට. ඒ වයස්ගත මුහුණේ තිබුන පරිණත බව වැඩි කරන්න වගේ තිබුන දිගු සුදු රැවුල ඒ මහලු අතින් දිගටම පිරිමදිමින් ඒ කෙනා හිටියෙ. රැජිණිය තමන්ගෙ ආසනයේ හිඳ සිටියා වගේම සේවිකාවන් පවන් සලමින් හිටියෙ රැජිණිය තොල් සපමින් නොසන්සුන්ව බලන් ඉද්දි. ප්‍රධාන පූජකයාගෙ සන්සුන් හැසිරීම රැජිණියව තරහ ගස්සනවා.

"ජූජකතුමා ඔබගෙන් මම පැනයක් විමසුවා. එය කල හැකිද නොහැකිද? "

රැජිණිය සීතල කටහඬින් දෙවනි පාරට අහද්දි වයස්ගත මහල්ලා එයා දිහා බලලා ඔලුව උඩ පහල කලේ හෙමින්. රැජිණිය ඇස් සිහින් කර ඒ දිහා බලද්දි ලොකු හුස්මක් යවපු පූජකයා රැජිණිය දිහාට හැරුණා.

"එය කළ හැකි බවද පවසන්නෙ? "

"හ්ම්... කළ හැකියි නමුත්...."

"නමුත්? දිගටම පවසන්න.." රැජිණිය උවමනාවෙන් ඇහුවෙ කවදාවත්ම නැති තරම්.

"නමුත් මේ තරම් කාලයකට එය සාර්ථක වෙලා නැහැ දරුවා.. පුරාණ ඊජිප්තුවැසියො පැරණි රාජධානියෙදි එය කරන්න උත්සාහ කලා වුනත් ඔවුන් අසාර්ථක වුනා තමා. ශුද්ධ වූ ආත්මය නොමරා ආත්මය නිදහස් කරන එක ඔබ සිතන්නේ පහසුයි කියලද? එය නයිල් නදිය කළඹෙන් නැති වෙන්න දිය දෝතක් ගන්නවා වගේ..."

පූජකයා සිය දිගු රැවුල පිරිමදිමින්ම කියද්දි රැජිණිය අහන් හිටියෙ අවදානයෙන්. මහලු පූජකයා දිගටම කතා කරන්න ගත්තෙ රැජිණිය අමතර ප්‍රශ්න කලේ නැති නිසාමයි.

"දෙවියන්ට වංචාවක් කරනවා වගේ ඒ දෙය. නමුත් ඔබ කියන දේ නිවැරදියි.. ඊජිප්තුව බේරාගන්න වුනත් එක ඊජිප්තු වැසියෙක්ම බිළි දෙන එක අසාධාරණයි..ඒ නිසා....."

" ඒ නිසා ඔබ උත්සාහ කරනවද එය නොවීමට? ඒ ඊජිප්තු වැසියා පවා ආරක්‍ෂා කරන්න උත්සාහ කරනවද? "

රැජිණිය දිළිසෙන ඇස් වලින් ප්‍රශ්න කරද්දි මහලු පූජකයා තොල් අතර සිනහවක් රඳවගෙන ඔලුව උඩ පහල කලේ රැජිණිය සැනසුම් සුසුමක් හෙලද්දි..

"ස්තූතියි ඔබට.."

"නමුත් මේ තරම් ජීවිතය රැකගන්න උත්සාහ කරන්න තරම් ඒ ශුද්ධ ආත්මය ඔබට වටින්නෙ ඇයි දරුවා..? "

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Where stories live. Discover now