26 ° ᥫ᭡

301 85 17
                                    

ජිමින් තරප්පු පේළිය බැහැලා ආවේ උරහිස්සකින් කඩන් වැටෙන කමිසය උඩට කර කර.එයාගෙ කම්මුල් වල රතු පාට තාමත් බොඳ වෙලා තිබුනා. එයා මේසය ලඟට ඇවිත් එයාගෙ ඉස්සරහ තියන දුන් දාන කෑම දිහා බලන් හිටියා. තම්බපු එළවලු වගේම පිළිස්සුව මස් එයාට කන්න ලේසි වෙන්න තීරු වලට කපලා තිබුනා. පළතුරු වගේම කිරිත් පිළිවෙලට තියලා ලී හැන්දකුත් පැත්තකින් තියලා. එයාට ඇහුනා ජන්කුක් එතනින් ඇතුළට තිබුන කුටියක බඩු එහෙ මෙහෙ කරන සද්දෙ. ඒ කුස්සිය වෙන්න ඇති කියලා ජිමින්ට හිතුනා.

ජිමින් ඇඟිලි තුඩු වලින් ඇවිදන් ගිහින් ඒ දොරෙන් එබුනෙ ජන්කුක් මොකද කරන්නෙ බලන්න. ජන්කුක් එයාට පිටිපස්ස හරවලා භාජන ටිකක් සෝදමින් හිටියෙ.එයාගෙ කමිසයක් තිබුනෙ නැති උඩු කයේ මාංශපේෂී ඉලිප්පිලා ගොඩක් කඩවසම්ව පෙනුනා. ඉණෙන් රැඳිලා තිබුන කලු පැහැ ඇඟටත් වඩා විශාල කලිසමෙන් සැරසිලා හිටිය එයා ටුටුකාමන් රජු නෙවෙයි රේ දෙවියටත් වඩා කඩවසම් කියලා ජිමින්ගෙ හිත කෑ ගැහුවා. ඊයෙ ගෙල තෙක් නිදහස්ව තිබුන කොණ්ඩය පවා එයා උඩට කරලා බඳලා තිබුනත් ඇවිස්සලා තිබුන කොණ්ඩ කෑලි වල අපිළිවෙල පවා හරියටම ඒ කඩවසම් රූපයට ගැලපුනා.

"මං දිහා බලන් ඉඳලා එපා වෙන්නෙ නැද්ද? "

ජන්කුක් එයා කර කර ඉන්න වැඩෙ නවත්තන්නෙ නැතිවම අහද්දි ජිමින් පාවි පාවි හිටිය ලෝකෙන් බිමට කඩන් වැටුනා වගේ. ජිමින් දන්නෙ නෑ ජන්කුක් එයා පහලට ආව වෙලාවෙ ඉඳන්ම බලාගෙන හිටියෙ කියලා. ජන්කුක්ගෙ ඉස්සරහ තිබුන කැඩපත්* තීරුව ඒකට උදව් වුනා. ජිමින් බිත්තියෙ ඔලුව හප්පගත්තෙ ඇස් පියාගෙන.

"මෝඩ ජිමින්..." එයා තමන්ටම බැනගෙන දෙවනිපාරටත් ඔලුව හප්ප ගත්තෙ වෙච්චි ලැජ්ජාවට.එයා ජීවිතේට දැකලා නෑ වගේනෙ ජන්කුක් දිහා බලන් හිටියෙ.

ඒත් එයා මේ සැරේ ඔලුව වද්ද ගනිද්දි කලින් වගේ රිදුනෙ නෑ. ඒ ඇයි කියලා ජිමින් ඔලුව උස්සලා බලද්දි ජන්කුක් ඔලුව වදින තැනට එයාගෙ අත තියාගෙන හිටියෙ.ඒ ඇස් නපුරු විදිහට ජිමින්ට රැව්වෙ ජිමින් බයටම ඇස් ලොකු කරන් අඩියක් පස්සට තියද්දි.

"පිස්සුද ඔලුව හප්පගන්නෙ ආ? තුවාල වුනා නම් හප්පනවා තව පාරක් ඔලුව කලු ගලක. යනවා ගිහින් කාලා ඉන්නවා...! "

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Wo Geschichten leben. Entdecke jetzt