ජිමින් ජන්කුක්ගෙ තොල් වලට අන්තිම එකත් ලං කරලා එයා ඒක කනකන් බලන් හිටියා.එයත් කන ගමන් තමයි ජන්කුක්ටත් කැව්වෙ. බඩගින්නටම නොවුනත් ඒ පුංචි හුරතල් අත් වලින් කවාගන්න ජන්කුක්ට ඕනි වුනා.ඒ නිසා එයාගෙ හිතත් පිරුණෙ නොදන්න නොතේරෙන හැඟීමකින්. පළතුරු සේරම ජිමින්ට කන්න නියෝග වුනේ තනියම. කිරි එකකුත් තිබුනා ජිමින්ට ඉවර කරන්න.එයාගෙ ශරීරයට පණක් නෑ කියලා ජන්කුක් සැර කරපු නිසා ජිමින් මුණත් නරක් කරන් ඒවා තරහටම ගිලලා දැම්මා.
"මං එනකන් කොහෙවත්ම යන්න එපා. මෙහෙන් හෙළවිලා තිබුනොත් හොයාගෙන ඇවිත් හොඳ වැඩක් කරනවා තේරුණාද? "
ජන්කුක් එයාගෙ චිත්ර අඳින්න ඕනි කරන දේවල් වගේම අත්යාවශ්ය දේවල් පිරුණ බෑගයත් අරන් දොරෙන් එලියට බැස්සෙ ජිමින් එයා පස්සෙන් ගාටද්දි.ජන්කුක් යන්න කලින් ජිමින්ට උපදෙස් කන්දක් තරම් ගොඩගහලා දුන්නා.
"ඇඳුම් වේලිලා ඇති. ඕනි නම් ඇඳගන්න.මම පරක්කු වුනොත් තව පලතුරු කන්න. පරිස්සමට ඉන්න. කවුරු කතා කලත් ගේට්ටු අරිනවා තියා දොරෙන් එලියට එන්නවත් තහනම්. තේරුණාද ජිමින්! අහගෙනද ඉන්නෙ ආ?! "
ජන්කුක් රවාගෙන කෑ ගැහුවෙ ජිමින් එයා දිහා නැතිව ඔසෙයින් දිහා බලන් ඉන්න නිසා.ජන්කුක් එයාගෙ අශ්වයා ඔසෙයින් එළියට ගන්න ගමන් හිටියෙ.ඊයෙ රෑ ජිමින් ඔසෙයින්ව පැහැදිලිව නොදැක්ක නිසා එයාගෙ බෝල ඇස් ඔසෙයින්ව අධ්යයනය කරනවා. ඒත් ජන්කුක් කෑ ගැහුව පාරට එයා ගැස්සිලා ගිහින් ඒ පැත්තට හැරුණා.
"ඔව්. අහන් හිටියෙ..තේරුණා.."
"හැබැයි ජිමින් මං එද්දි තමුන් මම එපා කිව්ව එකක් හරි කරලා තිබුනොත් මම නපුරු මනුස්සයෙක් වෙයි."
"ම්හ්.. මට තේරුණා."
ජිමින් බිම බලාගෙන කකුල් වලින් බිම පහුරු ගෑවෙ ජන්කුක්ගෙ එයාට රවන නපුරු ඇස් වලින් බේරෙන්න ඕනි නිසා. ජන්කුක් ජිමින් දිහා බලන් හිටියෙ විනාඩි කීපයක්ම. එයා හුරතල්. හරිම ලස්සනයි. ජන්කුක්ගෙ කමිසයකින් ඉද්දි එයා ඊජිප්තුවේ මෙතෙක් පහල නොවුන තරම් සරාගී සුන්දර දෙවඟනක් වගේ. ජන්කුක්ට ලෝභ හිතුනා ඒ රූපය තනි කරලා යන්න.එයා ඇස් වල තියාගෙන රකින්න ජන්කුක්ට ඕනි වුනා..
"මෙහෙ එන්න.."
ජන්කුක් ජිමින්ගෙ ඔලුව පිටිපස්සෙන් අත තියලා ලඟට ගත්තා. ඒ තනි අතක දිග ඇඟිලි ජිමින්ගෙ හිස පිටුපස මෘදුව අතගෑවේ වචනයක්වත් නොකියා. ජන්කුක් ඇස් පියාගෙන ජිමින්ගෙ නළලට තොල් තද කලේ ගැහෙන හදවතේ රැඳුන හැඟුමන් කියාගන්න වචනවත් මදි නිසා. ජිමින්ට පවා නළල මතට සියුම් පහසක් දැනෙද්දි ඇස් පිය වුනා.
"පරිස්සමට මම එනකන් ඉන්න වස්තුව."
ජන්කුක් මිමිණුවෙ ඇසෙන නෑසෙන තරමට. එයා කවදාවත්ම කාටවත්ම ඒ විදිහට කතා කරලා තිබුනෙ නැහැ. එකදවසකින් ජිමින් එයාව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා ජන්කුක්ට දැනුනා.ජිමින්ව තමන්ගෙ ගෙදර තනියම තියලා යන එක පවා එයාව රිදවනවා.
ජන්කුක් තොල් ආපහු ගනිද්දි ජිමින්ගෙ දිළිසෙන ඇස් ජන්කුක් දිහා බැලුවා. එයාගෙ ඇස් කාන්තාරයට පායන තරු වගේ. දීප්තිමත් වගේම ආශ්චර්යමත්.ජන්කුක් ජිමින්ගෙ ඔලුව ආයෙත් අතගාලා ඔසෙයින්ගෙ පිටට නැග්ගෙ ජිමින් නොදැනුවත්ම ඉස්සරහට අඩියක් තියද්දි.
"ඇතුළට යන්න..."
"ඉක්මනට එනවා නේද? "
"හ්ම්.. ඉක්මනට එන්නම්. යන්න ඇතුළට මං බලන් ඉන්නකොට."
ජන්කුක් ජිමින්ට ඇස් වලින් දොර පෙන්නද්දි ජිමින් එයාගෙ උරහිසෙන් කඩන් වැටෙන කමිසය හදන ගමන් ගේ ඇතුලට දුවන් ගිහින් දොරෙන් පිටිපස්සෙ ඉඳන් ආයෙමත් ඔලුව එළියට දාලා බලන් හිටියා.එයා හිනාවකින් ජන්කුක්ට අත වැනුවත් ජන්කුක් ඔලුව යන්තම් පහත් කරලා ඔසෙයින්ව ගේට්ටු වලින් එලියට අරන් ගිහින් ආයෙත් බැහැලා ඇවිත් ගේට්ටු වහලා දැම්මා. එයා දැක්කා ජිමින් දොර වහන් කියලා. එයා බර හුස්මක් පහතට දාලා ඇතුළු නගරයේ ක්ලියෝපැට්රා රැජිණියගෙ මාලිගාවට ඉක්මනට යන්න ගත්තෙ තවත් වැඩ ගොඩක් කර ගන්න තියන නිසා.
ESTÁS LEYENDO
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfic~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+