"නවත්තනවා ඕක! ජිමින් යන්න එපා! එයාට ඉන්න දෙනවා. මං උබලව මරලා දානවා! ආෂ්... ශාප වෙයන්!
ජන්කුක්ගෙ අත් දෙපැත්තෙන් අල්ලන් හිටිය පර්වත වගේ සෙබලුන් හතර දෙනාටත් ජන්කුක්ව පාලනය වුනේ නැහැ වගේ.එයා ජිමින්ව අල්ලන් ඉන්න අනිත් පූජකයන්ට ශාප කරමින් ජිමින්ව තමන්ගෙ ළඟට ගන්න උත්සහ කලේ වියරුවෙන් වගේ කෑ ගහමින්. රැජිණිය කැටයම් කල තේ කෝප්පයක් තොල ගාමින් සිද්ධිය රස වින්දා වගේම සේවිකාවන් කලින් බිඳිලා ගිය වීදුරු අස් කරමින් හිටියා. ජිමින්ගෙ ඇස් බිමට බර වෙලා හෙමින් අඬද්දි ජන්කුක් දහඩියෙන් පෙඟිලා ගිහින් තිබුනෙ අල්ලන් හිටිය මිනිස්සුන්ගෙන් බේරෙන්න දැඟලුව නිසා.
"උබලට එයා වෙනුවට මාව මරලා දාන්න පුලුවන් නේද! ආ? මාව මරන්න.. කරුණාකරලා.. එයාට ජීවත් වෙන්න ඉඩදෙන්න..."
ජන්කුක් අන්තිම අසරණ තත්ත්වයෙන් අහද්දි ජිමින් කඳුලු පුරවගෙන ඔලුව දෙපැත්තට වැනුවෙ.
"නවත්තන්න ජන්කුක්.. මේ ඇති. ඔයයි ජ්..ජීවත් වෙන්න ඕනි. ඒ ඔයා.."
"තමුන් කටවහ ගන්නවා ජිමින්! "
ජන්කුක් ජිමින්ට පවා රතු වුන ඇස් වලින් කෑ ගැහුවෙ තමන්ගෙම කොණ්ඩය ඇදගෙන. ඒත් ඊළඟට එයා සන්සුන් වෙන්න උත්සහ කලා. මේ වෙලාවෙ එයාට සේරම විනාශ කරන්න ඕනි වුනත් එයා සන්සුන් වෙන්න උත්සහ කලේ රැජිණිය දිහාට හැරෙමින්. රැජිණිය කලින් අහපු ප්රශ්නයට එයා උත්තර නොදුන්නා වගේම රැජිණියට උත්තරේ හිතාගන්න ඒ තරම් අමාරු වුනේ නැහැ.. මේ සේරම මිත්රත්වයක් වෙනුවෙන් කියලා විශ්වාස කරන්න තරම් රැජිණිය අනුවණ වුනේ නැහැ.
"ජන්කුක් ඔය බොහෝ කලබලයි.. ඔබට ඒ තරම් මේ තරුණයා වටිනවාද? "
රැජිණිය තේ කෝප්පයේ රවුම් හැඩය වටා ඇඟිල්ලක් ගෙන යමින් ප්රශ්න කරද්දි ජන්කුක් ජිමින් දිහා බැලුවා.. ජිමින්ගෙ ඇස් එයා දිහා විතරයි තිබුනෙ. ඒ මළානික ඇස් ආදරෙන් පිරිලා.. ඒ වගේම අසරණකමකිනුත්." ගොඩක්. මගෙ ජීවිතේ දීලා ඔහුව රැකගන්න තරම් මට වටිනවා.." ජන්කුක් මිමිණුවෙ ඒ ඇස් දිහා බලාගෙනම.
"හ්ම්... ජීවිතේටත් වඩා වටින බැඳීමක්. ඊජිප්තුවේ මෙවන් සම්බන්ධතා තියනවා ඇති කියලා විශ්වාස කලේ නැහැ. ඒ වුනත්..........තව දුරටත් තියෙන එකකුත් නැහැනෙ.."
ВЫ ЧИТАЕТЕ
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Фанфик~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+