07 ° ᥫ᭡

418 99 3
                                    

ජන්කුක්ගෙ තුරුලෙ හරි සනීපෙට ගුලි වෙලා හිටිය නිසා ජිමින්ට ඒ පපුවටම මහත කම්මුල් තද කරන් නින්ද ගිහින් තිබුනා. ජිමින් ඉන්න විදිහ එක්ක විදී මගෑරලා, වේගෙන් මිනිස්සු හිටිය ඊජිප්තුවෙ තැන් පහු කරපු ජන්කුක් නයිල් නදියෙ ඉවුර දිගේ උඩ පැත්තට අශ්වයාව ගමන් කෙරෙව්වා. නයිල් ගඟෙන් දැනෙන සනීප සුළඟත් එක්ක ජිමින් පොඩි පූස් පැටියෙක් වගේ සනීප නින්දකට වැටුනා.

ජන්කුක් එයාලගෙ චිත්‍රයට හොඳ වටපිටාවක් බලමින් ඉස්සරහට හෙමින් ගමන් කෙරෙව්වෙ. අශ්වයා වුනත් ජන්කුක්ට කීකරු වෙලා හෙමින් හෙමින් අඩි තිබ්බා. අන්තිමට නයිල් ගඟට බර වුන ලොකු ගහක හෙවණක් යටින් ජන්කුක්ගෙ තේරීම ඉවර වුනා.

ඒ දැවැන්ත ගහේ අත්තක් නයිල් නදියේ වතුර අල්ලන්න තරම් පහත් වෙලා ලස්සන කොළපාට ගුහාවක් වගේ. ඒ තැන තිබුනෙ ගඟට ඒ තරම් ලඟින් නිසා ජන්කුක් අශ්වයව ඉවුරෙන් පහල ඒ තැනට අරන් ගියා. ඉවුර උඩ ඉඳන් බලද්දි නොපෙනුනත් ඇත්තටම සොබාදහමෙ ආශ්චර්යයකට නිමවුන ඒ තැන ගැන ජන්කුක් ඕනිවටත් වඩා සෑහීමකට පත්වුනා.මිනිස්සු මේ පැත්තට කොහෙත්ම නොඑන නිසාදෝ ඒ තැන නයිල් ගඟටම රහසක් වෙලා තිබුනෙ.

ජන්කුක් එයාගෙ තුරුලෙ ඉන්න ජිමින් දිහා බලලා හිනා වෙලා ඒ කන්පෙත්තක් තෙත තොල් වලින් හැපුවා.

"ජිමිනී.. ඇහැරෙන්න මැණික.අපි ආවා."

ජන්කුක්ගෙ මිමිණිල්ල ජිමින්ගෙ කන්පෙති උඩ සිද්ද වුනේ. එයා ජිමින්ගෙ කබාය ඇතුලෙන් බෙල්ල පාමුල නහයෙන් කිතිකවන්නත් ගත්තා..

"ම්ම්හ්"

"ම් ම් නෙවෙයි ඇහැරෙන්න බෝලෙ. අපි ඇවිත් ඉන්නෙ."

"ම්?..කොහෙද ජන්කුකීහ්?"

ජිමින් තාමත් ඇස් පියාගෙන ලොකු ඈනුමක් ඇරලා දිගෑදුනෙ එයා ඉන්නෙ අශ්වයෙක්ගෙ පිටේ කියලවත් මතක නැතුව.ජන්කුක් එයාගෙ ඉණ වටෙන් අත දාලා තදින් අල්ලන් හිටියෙ නැත්තම් ජිමිනි බෝලයක් වගේ නයිල් ගඟටම පෙරළිලා යන්න තිබුනා.

"අපි ආවේ කුරුල්ලෝ බලන්න මිනී. මතක නැද්ද ම්? කෝ ඇස් අරින්න.මේ තැන හරි ලස්සනයි."

ජන්කුක් ජිමින්ගෙ වහන් ඉන්න ඇස් වලට පොඩි පොඩි හාදු තිබ්බා. ඒ දේවල් ලැබුනට පස්සෙ නම් ජිමින් නිදිබර නිල් ඇස් පොඩි කර කර එළිය බැලුවා. ඉස්සෙල්ලාම තමන් ඉස්සරහ ඉන්න ජන්කුක් දිහා බලලා හුරතල් විදිහට හිනා වුන එයා ඉස්සිලා ජන්කුක්ගෙ කම්මුලක හාදුවක් තිබ්බා. ජන්කුක් දන්නවා එයා ඇහැරුණ ගමන් ඕක කරනවා කියලා.

ජිමින් ඊළඟට දැක්කා එයා ඉන්නෙ අශ්වයගෙ පිටේ කියලා වගේම එයාගෙ ඇඟේ තිබුන කෝට් එකේ බොත්තමත් ඇරිලා ගිහින් කියලා.එයා කම්මුල් රතු කරන් ඒක දාගත්තා. එයා ජන්කුක් දිහා බලද්දි ජන්කුක් එයා දිහා බලන් හිනා වෙලා අශ්වයගෙන් බිමට බැස්සෙ ජිමින්ව අශ්වයගෙ පිටේම තියලා.

"කෝ එන්න.."

ජන්කුක් බිම ඉඳන් ජිමින්ගෙ අත් යටින් අත් යවලා උස්සලා බිමින් තිබ්බෙ ජිමින් ජන්කුක්ව බදලා අල්ලගනිද්දි. අශ්වයෙක් පිටේ යන එක ලේසි නෑ. විශේෂයෙන් පුරුදු නැති කෙනෙක්ට. ජිමින්ව වැටෙන්න ගියෙ ඒකයි. කකුල් පණ නෑ වගේ එයාට දැනුනා.

"මෙයාව අල්ලගන්න ජිමිනී.මම මේ කලාලය බිමට එලනකන්."

"හරී.."

ජන්කුක් ජිමින්ගෙ අත් අශ්වයගෙ පිටෙන් තියලා ඉක්මනට තමන්ගෙ පිටේ තිබුන ලොකු හම් බෑග් එකෙන් ලෝම කලාලයක් අරන් වේළුන කොළ උඩ එලලා බෑග් එකත් ඒක උඩට දාලා ජිමින්ව වඩාගෙන ගිහින් ඉන්දුවා.

"කකුල් තාමත් හරි ගියෙ නැද්ද? "

"ම්හු.. හිරි වැටිලා.."

ජිමින්ගෙ ලොකු හම් සපත්තු අයින් කරපු ජන්කුක් ඒවා හෙමින් මිරිකන්න ගත්තෙ රෝස පාට ඒ යටිපතුල් රතු පාටට හැරෙන්න දීලා. ජිමින් ආදරය පිරුණ ඇස් වලින් ජන්කුක් දිහා බලන් හිටියා. එයා දන්නවා ජන්කුක් එයාට ආදරේ කරන තරම්. එයාට ඒ ආදරය මහ ගොඩක් වැඩියි..

ඔව් ජන්කුක් එයාගෙ මිනීට දරාගන්නත් බැරි තරම් ආදරය පුරවලා දුන්නා..

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Where stories live. Discover now