55 ° ᥫ᭡

281 80 25
                                    

ජන්කුක්ට ඕනි වුන එකම දේ ජිමින්ගෙ උණුසුම වෙද්දි එයා ඔසෙයින්ගෙ පිටෙන් බිමට පැනලා වේගයෙන් ඇතුළට දුවන් ආවා. ජිමින් තමන්ට හැමදාටම නැති වුනා කියලා එයා අද බය වුනා වගේම තාමත් ඒ සිතුවිල්ලෙන් එයාට ගැලවෙන්න බැරි වුනා. ඒකෙන් මිදෙන්න නම් ජිමින්ව තමන්ගෙම ඇස් වලට දැකලා එයාව දැනෙන්නත් ඕනි කියලා ජන්කුක්ගෙ හිත බල කලා.

මොකුත්ම නොදන්න ජිමින් එයාලගෙ ලොම් කලාල උඩ වැතිරිලා හිටියා වෙද්දි කල්පනාවක නිසාම ජන්කුක් එන සද්දෙවත් එයාට ඇහුනෙ නැහැ... එයාගෙ අතේ කලු තීන්ත පොඟවපු සිහින් පින්සලක් තිබුනා වගේම පැපිරස් පත්‍රයක එයා චිත්‍රයක් අඳින්න උත්සාහ කරලා තිබුනා..

"ජිමින්! "

ජන්කුක් වේගවත් බර අඩි තියමින් තරප්පු පේළිය නැගලා එන සද්දෙ ජිමින්ට ඇහුනා. අඩියට දෙකට ඒක නැගපු ජන්කුක් දොර බිත්තියෙ හැප්පෙන්න තරම් සද්දෙන් ඇරලා  ජිමින් ලඟට ආවේ ජිමින් නැගිටලා ඇස් ලොකු කරන් බලන් ඉද්දි. ජන්කුක් ජිමින්ව අතින් ඇදලා අරන් තුරුලු කර ගත්තෙ එක තත්පරෙන් වෙද්දි ජිමින් වේගෙන් ඒ පපුවෙ හැප්පිලා හිතාගන්න බැරුව බලන් වගේ හිටියා. ඒත් තමන්ගෙ බෙල්ලෙ පාමුල මූණ හංගන් ඉන්න ජන්කුක් මොකක් හරි දුකකින් වගේම කලබලෙන් ඉන්නෙ කියන්න එයාට නොතේරුණා නෙවෙයි. එයාගෙ ඇඟිලි තුඩු ජන්කුක්ගෙ කොණ්ඩෙ අතරෙ හෙමින් එහෙ මෙහෙ ගියා.

"ඇයි ජන්කුකී? මොකද්ද වුනේ කියන්නකෝ..."

"...ම්හු..මට මෙහෙම ඉන්න දෙන්න ටිකක්.."

"ම්ම්.. ඔයාට ඕනි තරම් වෙලාවක් ඉන්න."

ජිමින් එක අතකින් ජන්කුක්ගෙ ඔලුව අත ගාමින් අනිත් අතින් පිටට පොඩි තට්ටු දැම්මෙ ජන්කුක්ව සනසන්න වගේ. ජන්කුක් තරම් උස නැති එයා ඇඟිලි තුඩු වලින් ඉස්සිලා හිටියෙ  ජන්කුක් එයාව ඉණ වටේ අත දාලා බදාගෙන පපුව උඩ ඔලුව තියාගෙන ඉද්දි.

.
.
.
.
.
.
.
.
.
.

ටික වෙලාවක් යද්දි දෙන්නම ලොම් කලාල උඩ වැතිරිලා හිටියෙ තුරුලු වෙලා. ජන්කුක් ජිමින්ට සිද්ධ වුන දේවල් පැහැදිලි කරමින් හිටියෙ.

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Where stories live. Discover now