51 ° ᥫ᭡

268 84 16
                                    

"ඒ අද.. අද...යි..... ඔයා අද මගෙන් යන්නම යනවා. මං පරාජිතයෙක් වෙලා... ඔයාව බේරගන්න මට බැහැ..මටත් ඔයත් එක්කම මැරෙන්නත් බැහැ.... ඇයි ඇයි ඒ... ම්.. වස්තුව ඇයි ඒ...ආ"

ජන්කුක් පිස්සුවෙන් වගේ තමන්ගෙම පපුවට ගහගත්තෙ තනි අතකින් වෙද්දි එයාගෙ අනිත්‍ අතේ මත්පැන් බෝතලයක් තිබුනා.. ඒකම කටේ තියාගෙන උගුරත් පිච්චිලා යන්න අන්තිම උගුරු කීපය බිව්ව ජන්කුක් ඒකත් පොළොවෙ ගහලා දැම්මෙ බිඳිලා යන්න..

ඊජිප්තුව මැද ප්‍රධාන පූජ්‍යස්ථානයෙ ජිමින්ව දෙවියන්ට පූජා කරන ඒ පූජාවට මුලු ඊජිප්තුවම රැස් වෙලා හිටියත් ජන්කුක්ට තමන්ගෙ සිරකුටියෙක් එළියට බහින්නවත් බැරි විදියට රැජිණිය ආරක්ෂාව තද කරලා තිබුනා. තමන්ගෙ මන්දිරේදි ජන්කුක් කීප සැරයක්ම ජීවිතය නැති කරගන්න උත්සාහ කරලා තිබුන නිසා එයාව හිර කරනවා ඇර වෙන විකල්පයක් රැජිණියට තිබුනෙ නෑ. ප්‍රධාන පූජකයගෙ අණ කිරිම් වලට අනුව ජිමින්ව නයිල් නදියෙන් නහවලා සිහි නැති කරලා තිබුනෙ පූජාව කාගෙවත් විරෝධයක් නැතිව සාමකාමී විදිහට සිද්ධ වෙද්දි..

රැජිණිය ජිමින්ගෙ සිහිසුන් වූ සිරුර දිහා බලන් හිටියෙ කල්පනා කරමින් වෙද්දි ජූජයකයත් තේවා තෝත්තර කරමින් දෙවියන්ට ජිමින්ව බාරගෙන ඊජිප්තුව විනාශ කරන්න එපා කියලා ආයාචනා කලා.. ජිමින් සම්පූර්ණ ස්වේත ඇඳුමින් වගේම රන් ආභරණ වලින් සරසා තිබුනෙ දේවදූතයෙක් වගේ වෙද්දි හැම ඊජිප්තු වැසියෙක්ම ඒ සුන්දරත්වයට වශී වුනා වගේම ජිමින්ගෙ ජීවිතය නැති වෙන එක ගැන සියුම් අනුකම්පාවක් තියා ගත්තා.

ඒත් රැජිණිය වගේම ප්‍රධාන පූජකයා දැනන් හිටියා මේ දෙයින් කාලයකට ජිමින්ගෙ ආත්මය විතරක් වෙන් වෙලා සිරුර විතරක් සිරගත වෙන බව. ජිමින්ගෙ සිරුර එන්නත් වලින් පෝෂණය කරන්නත් ආත්මය පමණක් දෙවියන් වෙත පූජාකරන්නත් අණ ලැබිලා තිබුනෙ. ඊජිප්තුව වීනාශ නොවී නැවත ස්වයංපෝෂිත සංවර්ධිත රාජ්‍යක් වුනාට පස්සෙ ජිමින්ගෙ ආත්මය නැවත ගෙන්වා ගන්න ඔවුන් තීරණය කරලා තිබුනා.

රැජිණිය මේ වෙලාවෙ ජිමින්ව බේරාගන්න උත්සාහ කලත් ඒ සිතුවිල්ල ඒ විදිහටම තියේවිද...?

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Kde žijí příběhy. Začni objevovat