22 ° ᥫ᭡

313 81 8
                                    

ජිමින් තද නින්දෙ.. එයාට තටාකයේ බිත්තියට හේත්තු වෙලාම නින්ද ගිහින්. ජන්කුක් සැනසුම් සුසුමක් පාතට දාලා තටාකයෙම ඔලුව ගහගත්තා. එයා මොන තරම් බය වුනාද...

"මං පිස්සෙක් වෙලා..." ජන්කුක් මුමුගත්තෙ තමන්ගෙම කොණ්ඩෙන් ඇදගන්න ගමන්.එයා නින්දෙ ඉන්න ජිමින් දිහා බලන් ටිකක් වෙලා හිටියා. එයා අත දික් කරලා වතුරෙ කඩන් වැටිලා තිබුන ජිමින්ගෙ අතක් අල්ලගත්තා. ඒ පුංචි ඇඟිලි තුඩු වතුරෙ හිටිය වෙලාව නිසා රැළි වැටිලා.

ජන්කුක් නැගිටලා ජිමින්ගෙ ලඟට ඇවිත් එයාගෙ කකුල් යටින් අත් දාලා වතුරෙන් උස්සලා ගත්තා. ඒත් ඒ එක ක්ෂණිකයෙන් ජිමින්ව ඇහැරුණා. එයා නිදිමත පිරුණ ඇස් වලින් ඉක්මනට ජන්කුක් දිහා බලද්දි ජන්කුක් කතාවක් නැතිවම එයාව උස්සන් කාමරේට ඇවිදන් ගියා. ජිමින්ව රතු වුනේ ආයෙත් එයා ජන්කුක්ගෙ ඉස්සරහ ඉන්න විදිහට.

"ම්..මාව බිමින් තියන්...න.." ජිමින් ජන්කුක්ගෙ කමිසයක් නැති උඩුකයට අතින් තට්ටු කලා.ඒත් ජන්කුක් මොකුත්ම නොකියා ජිමින් ගිහින් චිත්‍ර තියලා තිබුන මේසයක් උඩින් ඉන්දුවා.ජිමින් එයාගෙ ඇඟ නොපෙනී තියෙන්න ගුලි වුනේ ජන්කුක් එයාව පිහදාන්න සාලුවක් අරගනිද්දි. ජිමින්ගෙ හැසිරීමට ජන්කුක් කට කොණින් හිනා වුනා.

"තමුන්ගෙ නොදැක්ක තැනක් නෑ මම. දැන් වතුර පිටින් ගුලි වෙන්නෙ නැතුව පිහදාගන්නලා. වතුර බිංදුවක්වත් තියෙන්න බෑ මං බලද්දි."

ජන්කුක් ජිමින්ට තදින් කිව්වෙ හරියට පොඩි දරුවෙක්ට සැර කරන පියෙක් වගේ.ජිමින් දුන්න සාලුවෙන් ඉස්සෙල්ලම කලේ එයාව වහගත්ත එක. ජන්කුක් ඒකටත් සමච්චලේට හිනාවෙලා එයාගෙ ඇඳුම් රාක්කයකින් කලු පාට කමිසයක් තෝරලා මේසය උඩින් තිබ්බා.

"මේක අඳිනවා. ඔය තරම් පොඩි කලිසමක් මං ලඟ නැහැ.."

ජන්කුක් ජිමින්ගෙ ඉණ දිහා බලන් කියද්දි ජිමින් රතු වෙලා ගියෙ බලන් ඉද්දිම.

"මං පොඩි නෑ.." ජිමින් එකපාරටම කිව්වෙ ජන්කුක්ගෙ ඇස් මහත් වෙද්දි. ජිමින් දවල් වගේ පණ්ඩිත කතාවක් කිව්වා වගේ ඉක්මනට කට වහගත්තෙ අතින්. ජන්කුක්ට හිනා යන්න ආවත් ඒ බොළඳ හැසිරීමට එයා හිනාව හිර ගත්තා.

"පොඩියි වගේ මම නම් දැක්කෙ. මං කිව්වෙ ඉණ ගැන. අනික්වා පොඩියිද කියලා පස්සෙ බලන්නම්.." ජන්කුක් එයාගෙ සීතල කටහඬින් කට කොණින් හිනා වෙලා කියද්දි ජිමින්ව තක්කලි තරම් රතු වුනා.

"දෙවියනේ අශීලාචාරකම. රා අමේන් දෙවියන්ම බලන්න ඕනි මේවා.." ජිමින් තොල් උල් කර කර කියවනවා.ජන්කුක්ට සතුටක් දැනුනා ජිමින් ආයෙත් සාමාන්‍ය වෙනවා දැනෙද්දි. ඒත් එයා ඒක නොපෙන්වාම අඩියට දෙකට එයා ලඟට ලං වෙද්දි ජිමින් ඇස් ලොකු කරන් තවත් ඇඟට සාලුව තද කර ගත්තා.

"මම ඇවිත් දෙවියෝ සිහිවෙන්න පාරක් දෙන්න කලින් ඔය තෙත පිහදගන්නවා ජිමින්."

ජන්කුක් ජිමින්ගෙ කම්මුල් එක අතකින් මිරිකලා අල්ලලා කියලා ඒ ඇස් දිහා බලන් හිටියා.ජිමින් වුනත් ඒ දිළිසෙන කලු ගැඹුරු නපුරු ඇස් දිහා බලන් හිටියා. ඒවා හරි ලස්සනයි වගේම අමුතු ආකර්ෂණයක් තියනවා.ජන්කුක් ජිමින්ගෙ කම්මුල් අතෑරලා තරප්පු පේළිය බැහැලා පහලට ගියෙ ජිමින්ට සුප් එකක් හදාගෙන එන්න.

"නපුරුයි.." ජිමින් ඇස් හිනී කරලා කියලා කොණ්ඩෙ පිහදාන්න ගත්තෙ ජන්කුක් ආයෙ එද්දි සම්පූර්ණයෙන්ම වේළිලා ඉන්න ඕනි නිසා.එයා මේසෙන් බැහැලා ජන්කුක් තියලා ගිය කමිසය අතට ගත්තා.

"මේක විතරක්? හරි අශීලාචරයිනෙ.."

ජිමින් ඒක ඇඳගත්තත් එයා වගේ තව කෙනෙක්ට ඒකට රිංගන්න පුලුවන්කම තිබුනා. උසින් එයාට ඒක කලව තෙක් වගේ. ඒත් ඒක ගොඩක් කොටට ජිමින්ට දැනුනෙ. ඒත් වෙලාවෙ හැටියට සීතල ඇඳුම් ඇර මේක හොඳයි කියලා ජිමින්ට හිතුනා. අනිත් දේ ඒක ජන්කුක් සුවඳයි. ජිමින් අනුව ඒක ජන්කුක්ගෙන් විතරක් දැනුන ආවේණික සුවඳ වර්ගයක්.

ජිමින් ඊළඟට ආයෙත් මේසෙ ලඟට ගිහින් ඒක උඩ බිත්තියට හේත්තු කරලා තිබුන ලොකු චිත්‍ර දිහා උවමනාවෙන් බලන්න ගත්තා.

"එයා හරි දක්ෂයිනෙ.මේ මිනිස්සු ජීවමාන රූප වගේ.." ජිමින් පුදුමයෙන් ඒ චිත්‍ර දිහා බලන් හිටියෙ බෙල්ලත් ඇල කරන් මේසෙට බර වෙලා.

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Onde histórias criam vida. Descubra agora