42 ° ᥫ᭡

271 84 10
                                    

ජනේලයෙන් මේ සවස වුනත් රෑ වගේ වෙන්න අඳුරු වෙලා තියන අහස දිහා බලපු ජන්කුක් තමන්ගෙ ඉස්සරහ තිබුන පැරණි පොත දිහා බලලා සුසුමක් හෙලුවා. ඇත්තටම ශුද්ධ ආත්මය එක්ක ඊජිප්තුවේ වාසනාව අවාසනාව ගැන සම්බන්ධයක් තියේද කියලා දැනගන්න ජන්කුක්ට ඕනි වුනේ මිනිස්සු මේ තරම් කැළඹෙන්න හේතුව දැනගන්න. එයා ඒකට ඊජිප්තුවේ පැරණිම පුස්තකාලයට යද්දි ඒකෙ පාලිකාව වුන ජෙයාරා එයාව රවුම් හැඩති පුස්තකාලේ එක රාක්කයක් ලඟට එක්කන් ගිහින් ලොකු ඒත් පරණ විනාශ නොවුන පොතක් හොයලා දුන්නා.

"ඔබට අවශ්‍ය සියලු දේ මෙහි ඇති ජන්කුක් ජෝන්. ඔබේ සිතුවම් වල මම රසිකාවියන්.. උදව් අවශ්‍ය වුනොත් විමසන්න.."

ජෙයාරා මැදි වයස් කාන්තාව ජන්කුක්ට ආචාර කරන ගමන් හිනාවකින් කියද්දි ජන්කුක් පෙරළා ආචාර කරලා පොතත් අරන් මේසයකින් වාඩි වෙලා වේගෙන් අවශ්‍ය පරිච්ඡේදය හොයන්න වුනා.

"ශුද්ධ ආත්මය යනු ආත්ම සිය ගණනකට පෙර දෙවියන් වෙනුවෙන් තම ආත්මය බිලි දෙන්න නිමැවු පිරිසිදු අතිශය රූමත් තරුණයෙක් හෝ තරුණියක් වේ. දෙවියන්ට ඊජිප්තුව සදා රකින නමුත් උන්වහන්සේ නපුරු වන සමයන්හි සාමය උදාකල හැකි එකම ආත්මය ශුද්ධ ආත්මයයි.. ඔහු නයිල් නදියේ ශුද්ධ ජලයෙන් ස්නානය කරලා පිරමීඩ සොහොන් ගැබෙහි සතපවා දෙවියන් වෙත බිළි දෙන අතර එයින් දෙවියන් අතිශය සතුටට පත්ව ඊජිප්තුව ආරක්ෂා කෙරේ..."

ජන්කුක්ගෙ ඇඟිලි තුඩු පරිච්ඡේදය පුරා ගියෙ හිත පුරා ගිනිගන්න කේන්තිය පාලනය කරගෙන. එයාට විශ්වාස කරන්න ඕනි වුනේ නැහැ මේ විකාර පොතේ තියන කිසිම දෙයක් වෙනකොට ඒ පරිච්ඡේදය මගෑරලා බලාගෙන ගියෙ ජිමින්ව බිළි නොදුන්නොත් සිද්ද වෙන්නෙ මොකද්ද කියලා.

"දශක ගණනාවක් පුරා සිදුවු මෙම චාරිත්‍රය පැරණි රාජධානි සමයක ඉටු නොවුන අතර එහිදී ශුද්ධ ආත්මය යමෙකු විසින් සඟවා තබා ගන්නා ලදී. ඒ නමුත් වැඩි කාලයක් නොයා සඟවා තබාගත් තැනැත්තාට දේව ශාපය ලක්ව විවිධ අනතුරු වලට මුහුණ පෑමට සිදුවී අවසානයේ බි හි සුණු...මරණ..යක් ඇති විය... ශුද්ධ ආත්මය නැවත..... දෙවියන් වෙත..බිළි දෙන ලදී... මොන මගුලක්ද මේ! එතකොට මට වෙන හැමදේම මේ වැඩකට නැති ශාපයක් නිසා කියලද දැන් කියන්න යන්නෙ!! ආශ් ශාප වේවා! "

ජන්කුක් පොතට වේගෙන් ගැහුවෙ ඇති වුන තරහට ඇස් වලින් ගිනිපිටවෙන්න වගේ වෙද්දි. එයාට ඇහුනා ජනේලෙන් එළියේ 'සට සට' ගාලා බර වැහි බිංදු පොළවට කඩන් වැටෙනවා. දෙමහල් ගොඩනැගිල්ලක් වුන පුස්තකාලයෙ පහල බැලුව ජන්කුක් දැක්කෙ අහස දිහා බලාගෙන වැස්සෙ තෙමෙමින් යදින ඊජිප්තු වැසියන්. කාන්තර පොළවට වැස්ස වැටෙන එක ගැන සතුටු වෙනවට වඩා ඔවුන් ජීවිත ගැන බයවෙන හැටි ජන්කුක් දකිනකොට එයා තමන්ගෙම කෙස් ඇදගත්තා..

"මේ මගුල! ආෂ් ඇයි ඒ ජිමින්ම වුනේ? ඇයි ඒ මම නොවුනෙ!! ඇත්තටම ඒකෙ ඇත්තක් තියෙනවද? ජිමින්ව රැකගන්න කලින් මාව මැරේවිද! "

ජන්කුක් බිමට කඩන් වැටිලා බිත්තියෙ ඔලුව දෙතුන් පාරක් ගහගත්තෙ ආවේගෙන්.

"නෑ! නෑ මම එහෙම වෙන්න දෙන්නෙ නෑ. ඊජිප්තුවම විනාශ වුනත් මම ජිමින්ව අරන් පැනලා යනවා. මෝඩ මිනිස්සු දෙවියන්ට කිය කිය ඉන්නෙ නැතුව උනුත් තමන් ගැන බලාගන්න දැනගන්න ඕනි.. තව කෙනෙක්ගෙ ජීවිතේ නැති කරලා තමන් බේරෙන එක හරිද! "

ජන්කුක් අන්තිමට මිටමෙළවුන අතින් ඊජිප්තුවේ වැසියන් අහස වෙනුවෙන් බලන් ඉන්න එකට කෑ ගැහුවත් එයගෙ සද්දෙ පුපුරලා ගිය අකුණත් එක්ක පහල හිටිය ජෙයාරාටවත් ඇහුනද කියලා සැකයි. ජන්කුක් තවත් නොඉඳ අතේ තිබුන පොතත් බෑග් එකට ඔබාගෙන පහලට දුවලා ගියා..ජෙයාරාට යනවාවත් නොකියපු එයා ඔසෙයින්ගෙ පිටට නැගලා තමන්ගෙ මන්දිරයට වේගෙන් යන්න ගත්තේ වැස්සවත් තකන්නෙ නැතිව. ජිවිතේටත් වඩා වටින දෙයක් නැතිවෙන්න යද්දි ජන්කුක්ට එයා තෙමෙනවා කියන්නං නයිල් ගඟේ පාවෙන පතොක් මල් පෙත්තක් තරම් දෙයක් වුනා.

"ජිමින්?! "

ජන්කුක් ඔසෙයින්ව ඉස්තාලයට දාලා බඩු ටිකවත් ගන්න කරදර නොවී ජිමින්ව හොයාගෙන දුවන් ආවේ එයාට මේ වෙලාවෙ ඕනි වුන එකම දේ ජිමින්ගෙ උණුසුම කියලා දැනෙද්දි. ඒත් එයා පහල මාලයම බලලා අඩි දෙකට තරප්පු පේළිය නැග්ගෙ ජිමින් ඒ කොහෙවත් නොවෙද්දි. එයාලගෙ කාමරේ පවා හිස් වෙද්දි ජන්කුක් නාන කාමරයේ දොර වේගෙන් වැදෙන්න ඇරලා දැම්මේ හති හලන ගමන්. එයාව සම්පූර්ණයෙන්ම තෙමිලා කියන එකවත් ගාණකට ගියෙ නැහැ ජන්කුක්ට.එයාට ඕනි වුන එකම දේ ජිමින්ව වැළඳගන්න එක විතරමයි!

"වස්තුව! "

________________________________

●. ජිමින් ඇතුව ඇතිද නැතුව ඇතිද? 😌 මම හොඳ ළමෙක්..😌

●. මේ බිලිදෙන කතාව මනඃකල්පිතයි හරිද..? එයාලා මිනිස්සු බිලි දීලද කියලා මට හොයාගන්න බැරි වුනා. කුකුල්ලු ඒම නම් අදටත් නයිල් ගඟට බිලි දෙනවලු ☝️

( වැරදි බලලා නෑ බබාලා. ඔයාලා හරියට කියවන්න හාද.🙂 )

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora