ජන්කුක් ජිමින්ගෙ වගේම ඒත් කලු පැහැ සිනිඳු කබායක් ඇඳගෙන ජිමින් එක්කම කාමරේට ආවා. ජිමින්ගෙ රෝස සුවඳ කාමරය පුරාම පැතිරිලා යනවා එයාට දැනුනා. ජිමින් දැනුන සනීපෙටම කාමරේ මැද්දෙ ගොඩගහලා තිබුන ලොම් කලාල ගොඩක් උඩට පැන්නා.ජන්කුක් එයා දිහා බලලා පහලට ගියෙ ජිමින් දැන් වරුවකට ඔතනින් නැගිටින්නෙ නෑ කියලා දන්න නිසා.
ජන්කුක් හවස් වරුවේ ඇන්ද කැන්වස් එකත් පින්සල් තීන්තත් අරන් උඩට ඇවිත් ඒවා සවිකර ගත්තෙ කොහොමත් රෑට ඒක ඉවර කරලා දාන්න ඕනි නිසා.එයා ජිමින්ගෙ එහා පැත්තෙන් ඒ දේවල් තියලා ආයෙත් පහත මාලයට ගියෙ රෑ කෑමට තිරිඟු පාන් ටික ලෑස්ති කරලා ගන්න. උදේටත් එක්ක දවල්ට කෑවත් පොඩි මොනවා හරි දෙයක් එයාගෙ ජිමිනිගෙ බඩට දාන්න එයාට ඕන වුනා.
ජන්කුක් සීත කල චීස් පාන් රෝලෙ ගාලා කර කලේ තවත් භාජනයක් ලිපෙන් තියලා කිරි රත් කරන ගමන්. ජිමින්ටත් එයාටත් ඇතිවෙන්න ටිකක් ලොකු පිලිස්සු මැටි භාජනයකට කිරි එක දාගත්ත ජන්කුක් පානුත් එක්කම කෑම උඩට අරන් ගියා. ජිමින් නින්දත් නොනින්දත් එකක් ජන්කුක් දිහා බලලා හිනා වෙලා ඉඳගත්තෙ ජන්කුක් එයාගෙ එහා පැත්තෙන් ඉඳගන්නකොට.
"බඩගිනි නෑනෙ.." ජිමින් කන්න කවදත් හොරයි. පොඩි හා පැටියෙක් කන තරම් එයා කන්නෙ. ජන්කුක්ට එයාව තනි අතින් උස්සන්න පුලුවන්. ජිමින්ව වඩාගෙන එහෙ මෙහෙ තිබ්බා කියලා ජන්කුක්ට පොඩ්ඩක්වත් මහන්සි නැත්තෙ ඒකයි.
"කන්න බෑ කියලා නම් ඔය කියන්නෙ අදත් බැනුම් අහනවා මගෙන් ජිමිනි.."
"ම්හු.. කවන්න.."
ජන්කුක් රවද්දි තවත් මූණ බෙරි කරගත්ත ජිමින් තිරිඟු පාන් වලට ඇද කලා.ජන්කුක් ඔය කෝළම් දන්න නිසා වෙනසක් පෙන්නන්නෙ නැතිවම සැරට හිටියෙ ජිමින් ඊළඟට එයා එක්ක හුරතල් වෙලා නොකා ඉන්න නිසා. ජිමින්ටත් කවන ගමන් ජන්කුක් කෑම ඉවර කරලා කිරි එකත් ජිමින්ගෙ අතින් තියලා එයා බීලා ඉවරවෙනකන් බලන් හිටියා. ජිමින්ගෙ රෝස තොල් සුදු පාට භාජනයට තද වෙලා තියෙද්දි පොඩි දරුවෙක් වගේ ඒක බොන විදිහ ජන්කුක් රසවින්දා.
"ආ.."
ජන්කුක්ට කිරි එක දික් කරපු ජිමින් එයාගෙ කට වටේම තියන කිරි පිහදාගන්න ගියත් ජන්කුක් ඊට වඩා ඉක්මන් වෙලා ජිමින්ගෙ කම්මුල් වලට අත තියලා ඒ මුණ දෝතට ගත්තා. ඒ තොල් වටේ රැඳුන කිරි බිංදු වලට තොල් තියන ගමන් උරාබිව්ව ජන්කුක් කිපසැරයක්ම ඒ රෝස තොල් කිරි රසට හැපුවා. ඒවා ගොඩක් මෘදුයි.හරියට කලින් කාපු පාන් වගේ.නෑ ඊටත් වඩා මෘදුයි.හයියෙන් හැපුවොත් ලේ පිරිලා රතු වෙන්න තරම් ඒවා හරි සංවේදියි.
ජන්කුක් ජිම්න්ගෙ තොල් තදින් සිපගත්තා. හෙමින් උඩ තොලත් යටි තොලත් එයාගෙ තොල් වලින් මැදිකරන් දඟකෙරුවා. පොඩි බබෙක්ගෙ වගේ කිරි සුවඳ රෝස සුවඳට මිශ්ර වෙලා ජන්කුක්ව මත් කරන්න තරම් ජිමින් ගාව සුවඳ වැඩියි.ජිමින් ජන්කුක්ට ඉඩ දීලා ජිමින්ගෙ කබාය මිරිකගෙන හිටියා. එයාගෙ නිල්පාට ඇස් පියවෙලා. එයා ඒ හාදුව රසවිඳින්න අරන් තිබුනා.
"ම්ම්ම්....."
ජිමින් සිහින් කෙඳිරිලි එක්ක තවත් ජන්කුක්ට තුරුලු වෙද්දි ජන්කුක් ජිමින්ගෙ තොල් වලින් පහල බෙල්ලත් කම්මුලුත් සිප ගත්තෙ තොල් වලින් හපනගමන්.ජන්කුක්ගෙ දත් වලටත් ඒ නිකැළැල් හම අහුවුනා. රතු පාටට කැළැල් ඉතිරි කරන ගමන් ජන්කුක් ඒවා තෙත් කලා.
"සුවඳයි.. ඔයා ලඟ ගොඩක් සුවඳයි.."
ජන්කුක් එකදිගටම මුමුණලා ජිමින්ව ඇඳ උඩ පෙරළගෙන එයාගෙ මතට ආවා.එයාගෙ ඇඟිලි වලින් ජිමින්ගෙ කබාය දෙපැත්තට ඇදුනෙ පපුවම ජන්කුක්ට නිරාවරණය කරලා දීලා. ඒවා තාමත් තෙතට දිළිසිලා පෙනුනා.ජන්කුක්ගෙ කෙස් අගින් වැටුන වතුර බින්දුත් ජිමින්ගෙ පපුවේ රැඳිලා. පපුව මැදින් ලාවට අර්ධ දෙකක බෙදිලා ඒවයේ රෝස පැහැ සංවේදී තැන් පවා තෙතින් දිළිසෙනවා ජන්කුක් දැක්කා.ජන්කුක් වම් පැත්තට නැඹුරුව එක තැනක් ළදරුවෙක් වගේ මුව තුළට ගනිද්දි ජිමින් ගැස්සුනා.
එකපාරටම වුන ගැස්සීමට ජන්කුක් ජිමින් දිහා බලද්දි ජිමින්ගෙ පුදුමය වගේම නොසන්සුන් වුන ඇස් එයා දැක්කා.එක තත්පරෙන් ජන්කුක් පියවි සිහියට ඇවිත් ජිමින්ගෙන් ඉක්මනට ඈත් වුනා.
"සමාවෙන්න.."
ජන්කුක් අහක බලාගෙන කියද්දි ජිමින්ගෙ ඇස් වල කඳුලු පිරුණෙ නිකන්ම. ජන්කුක් එයාගෙන් සීමා මායිම් තියාගෙන ඈත් වෙන එක එයාට දරන්න අමාරු වුණා. එයා දන්නවා ජන්කුක් එහෙම කරන්නෙ ලොකු හේතුවකට කියලා ඒත් එයා ඒ හේතුව ජිමින්ට කියන්නෙත් නැහැනෙ.
ජිමින් කලාලය උඩ ගුලි වෙලා හෙමින් ඉකි ගැහුවෙ ජන්කුක් නැගිටලා පහත මාලයට යද්දි..ජිමින් ලඟ ඉන්න එක මේ වෙලාවේ භයානකයි කියලා ජන්කුක්ට හිතුනා.
_____________________________
■. ඇති ඇති ඔය දරුවෝ දොයියන්න. හෙට ස'ප්රයිස් වෙමු.🙂
YOU ARE READING
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfiction~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+