08 ° ᥫ᭡

396 99 18
                                    

ජන්කුක් ලෝම කලාලය උඩට එක එක පාට කුරුලු පිහාටු ගොඩක් හලද්දි ජිමින් ඒ දිහා බලන් හිටියා. ජන්කුක් ගෙදරින් එද්දි ඒවත් හම් බෑග් එකේ පුරවගත්තා කියන්න එයා දැනන් හිටියෙ නෑ.

"ජන්කුකී බලන්න ආවේ කුරුල්ලොමද?"

ජිමින් දඟකාර හිනාවකින් අහද්දි ජන්කුක් හයියෙන් හිනා වෙලා ජිමින්ගෙ කම්මුලක් මිරිකුවා.

"මට බලන්න පොඩි කුරුලු පැටියෙක් ඉන්නවා.."

ජන්කුක් කලාලය ඉස්සරහ කැන්වස් එක රඳවන්න පුළුවන් විදිහට ලී පුවරුව හදාගත්තෙ ටිකක් ඈතට වෙන්න. ටිකක් එහායින් තිබුන ලොකු ගලකුත් උස්සන් ඇවිත් එයාට ඉඳගන්න කැන්වස් එක ඉස්සරහ තියාගත්ත ජන්කුක් අන්තිමට දාඩිය පිහාදාගෙන එයා දිහා දිළිසෙන ඇස් වලින් බලන් ඉන්න ජිමින් දිහා බැලුවා. ජිමින් කලාලයෙ පැත්තකට වෙලා ඉඳන් බලන් හිටියා.

"සේරම හරි. එන්න මිනී."

ජන්කුක් මහන්සිය බලන්නෙ නැතුවම ජිමින්වත් උස්සලා කුරුලු පිහාටු උඩින් දිගා කරලා එයාට ඕනි විදිහට කුරුලු පිහාටු එයාගෙ වටේ තවත් විසුරුවා. නයිල් ගඟට බර වුන ගහේ වේළුන කොළත් දුඹුරු පාට කලාලය උඩ විසිරුව එයා ජිමින්ගෙ දුඹුරු පාට කබායෙ දාලා තිබුන බොත්තමට අත තිබ්බා.

ජිමින් ඇස් ලොකු කරන් බලන් ඉද්දි ජන්කුක් ජිමින්ගෙ ඇඟට තිබුන එකම ඇඳුම වුන දුඹුරු පාට කබායෙ බොත්තමත් ගලවලා දාලා ඒ නිරුවත් සුරදූත ඇඟ තමන්ට පේන්න සැලැස්සුවා. ජිමින්ට ඒක ලොකු අපහසුවක් නොවුනත් වෙනදා නැති එළිමහන් තැනක නිරුවත්ව ඉන්න එකෙන් නොසන්සුන්තාවක් දැනුනා.එයාගෙ කම්මුල් ගිනිගන්න වගේ. එයා ජන්කුක් දිහා බැලුවෙ රෝස පාටට හැරිලා.

"ලැජ්ජ වෙන්න එපා මිනී. මම විතරයි ඉන්නේ. කවුරුත්ම එන්නෙ නෑ.."

ජන්කුක් එයාගෙ කබා සාක්කුවෙන් ගත්ත වේළුන දුඹුරු පාට කැළෑ මලක් අරන් ජිමින්ගෙ කන ලඟ රඳවලා ඈතට ගිහින් බලන් හිටියා.ඒත් එයාටම හිතුනා ජිමින්ව ඒ විදිහට දකින එක එයාටත් අමාරුයි කියලා.

අනිත් දේ එයාට හිතුනා තව කෙනෙක්ට එයාගෙ වටිනම දේ පෙන්නන්න තරම් එයාට පරාර්ථකාමී වෙන්න බෑ කියලා. ජිමින්ව සම්පූර්ණයෙන්ම බලන්න අනිත් අයට තහනම් කරන්න එයාට ඕනි වුනා. අන්තිමට එයා තීරණය කලා එයාගෙ ඇස් වලට විතරක් අයිති තැන් කබායෙන් වහලා දාන්න..

ජන්කුක් ජිමින්ගෙ ලඟ දණගහන් කකුල් අතර තෙරපුණ යටිකය කබායෙ එක පැත්තකින් වහලා දාලා පපුවෙ තැනින් තැනට කුරුලු පිහාටු තිබ්බා.ජිමින් ජන්කුක්ට කිසිම බාධාවක් කලේ නෑ. එයා ජන්කුක්ට සම්පූර්ණයෙන්ම ඉඩ දුන්නෙ එයාව පාවිච්චි කරන්න.

"දැන් හරි.."

"ඇයි ඒ ජන්කුක්? රැජිණියට ඕනි වුනේ සම්පූර්ණ නිරුවත් රූප නෙවෙයිද? "

ජිමින් අහද්දි ජන්කුක් එයා දිහා බැලුවා. ජිමින්ගෙ කොණ්ඩෙ ඇවිස්සලා හරි ලස්සන සරාගී පෙනුමක් ලැබිලා.

'මං මොකක් ඇන්දත් එයා බලන්නෙ නෑ මිනී. එයාට ඕනි මාව. ඒත් මම ඔයාව අඳින්නෙ මාවම සනසගන්න..'

ජන්කුක් උත්තර දුන්නා. ඒත් ඒ හිතින් විතරයි!

" ඔයාව මට කාටවත් පෙන්නන්න ලෝබයි මිනී.. මේ විදිහ හොඳයි. ඔයා අර විදිහට ඉන්න ඕනි මං ඉස්සරහා විතරයි."

ජන්කුක් කට කොණින් හිනා වෙලා ජිමින්ගෙත් ඈතට ගිහින් කලු තීන්ත කලවම් කරලා පින්සල් පොඟවන්න ගත්තා. හැමදාමත් වගේ මුහුණක් නොපෙන්නුව අඩ නිරුවත් සිත්තමක් ජන්කුක්ගෙ අතින් නිමවෙන්න ගත්තා.

ජිමින් එකම විදිහට ටික වෙලාවක් ඉඳලා නයිල් නදියෙ හුළඟත් එක්ක නින්දට වැටුනෙ ජන්කුක් දැන් පැය දෙක තුනක් ඕකම කරන නිසා.එයාගෙ නින්දෙන් දැඟලිල්ලට එහා මෙහා වෙන දේවල් ආයෙත් හදන ගමන් ජන්කුක් එයාගෙ චිත්‍රය ඉවර කරන්න ගත්තා.

ඒ අතරෙ ක්ලියෝපැට්‍රා රැජිණිය ජන්කුක්ව තමන්ගෙ කර ගන්න විදිහක් හිතමින් ඉන්න ඇති කියලා ඒ දෙන්නම දැනන් හිටියෙ නැහැ.



___________________________________


■. නිරුවතත් කලාවක්.. කියලා මේ කතාව රසවිඳින්න.රාගය ආදරය පිරුණ හැඟීම හරි ලස්සනයි... ( කතාවල..☝️)

■. මං ලියලා නම් ඉවරයි 12 එනකන්ද කොහෙද.. ඒත් අදට ඔය ඇති ළමයි. එයාලාට චිත්‍රේ අඳින්න දීලා අපි යමු...😌

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Where stories live. Discover now