60 ° ᥫ᭡ ✔️

751 112 86
                                    

SEOUL
[ CAPITAL OF SOUTH KOREA ]

- 2023 -


"එයාලා අන්තිමට සතුටින් එයාලගෙ ජීවිතේ අන්තිම කාලය වෙනකන් ජීවත් වුනා.. හරියට එයාලට ඕනි වුනා වගේම.. චිත්‍ර ශිල්පියා තමන්ගෙ ආදරේ පරිස්සමට බලාගත්තා. ඒ වගේම පූජකයත් තමන්ගෙ ජීවිතේටත් වඩා චිත්‍ර ශිල්පියට ආදරේ කලා. එයාලා පොරොන්දු වුනා හැම ආත්මයකම.........හැමදාටම...... ආදරෙන් බැඳෙ..න්..න.."

කතාව කියමින් හිටිය කටහඬ අන්තිමට බිඳිලා යද්දි අහන් හිටිය ගොඩක් අය හුස්මගන්නත් අමතක කරලා තිබුනෙ. ඒක ඒ තරම් ලස්සන පුරාවෘතයක්. කවුරුත්ම කවදාවත්ම ඇහුවෙ නැති ඊජිප්තු ඉතිහාසයෙ සැඟවිලා ගිය එක කතාවක්. ක්ලියෝපැට්‍රා රැජිණියගෙ ඉතිරි වුන එක නිරුවත් සිතුවමක තිබුන ඒ චිත්‍ර ශිල්පියගේ අත්සන ඇර කිසිම සාක්ෂියක් නැති වෙද්දි ප්‍රොෆෙස මුලු ආදර කතාවම හොයාගත්තෙ කොහොමද කියන්නත් කවුරුත්ම දැනන් හිටියෙ නැහැ..

"ප්‍රොෆෙස පාක්? "

මෙච්චර වෙලා ස්ක්‍රීන් එක දිහාට හැරෙමින් තමන්ගෙ ශිෂ්‍යයන්ගෙන් කඳුලු සැඟවන් හෙමින් පිහදගත්ත මහාචාර්යවරයා ලෙක්චර් එකේ හිටිය එක ළමෙක්ගෙ අතක් ඉස්සෙනවා දැකලා ඒ දිහාට හැරුණා. තරුණ ප්‍රොෆෙස ඇත්තටම සුරදූතයෙක් වගේ ලස්සනයි කියලා ළමයි අතරේ මේ සතියට ගොඩක් ප්‍රසිද්ධයි.මොකද ප්‍රොෆෙස Egypt වල ඉඳන් මෙහෙට ඇවිත් තාම සතියයි.ඒ දිළිසෙන ඇස් වගේම පිරුණු තොල් වලට පිරිමි ළමයින්ගෙ පවා ඇටෙන්ෂන් එක ජිමින්ට නොඅඩුව ලැබුනා..

"කොහොමද ඇත්තටම ප්‍රොෆෙස මේ කතාව දන්නෙ? ඒ ගැන කිසිම සාක්ෂියක් ලැබිලා නැහැ.."

අත උස්සපු ළමයා පැන්සලත් කටේ ගහන් අහද්දි ජිමින් නෑ කියන්න ඔලුව වැනුවා. එයා තමන්ගෙ ග්ලාසස් උඩට කරන් ඇස් හීනි කරලා හිනා වෙද්දි හැමෝම වශී වෙලා වගේ බලන් හිටියේ. ඊටත් ෆුල් වයිට් කිට් එකකින් ඉන්න ප්‍රොෆෙස සයිඩ් එකෙන් කොණ්ඩෙ නළලට වැටෙන්න දාලා හිටියෙ. ඒන්ජල් කෙනෙක් වගේම තමා එයා.

"කවුද කිව්වෙ සාක්ෂි නැහැයි කියලා.. මං හොයාගත්තා කැණීම් වලින් චිත්‍ර ශිල්පියා එයගෙ ආදරේට පළඳපු ජුවෙලර්ස්. බලන්න.."

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Tahanan ng mga kuwento. Tumuklas ngayon