ක්ලියෝපැට්රා රැජිණිය තමන්ගෙ දෙකකුල් ලඟ හුරතල් වෙමින් හිටිය සුදු පුළුන් ගුලියක් වගේ පූස් පැටියෙක් අත් අතරට ගත්තා. නිල්පාට ඇස් වලින් එයා ගොඩක් වටින සීසර් අධිරාජ්‍යයා තෑගි කල පූසෙක් කියලා හිතන්න පුලුවන්. මොකද එයා ගොඩක් වටිනවා.. ජන්කුක්ට ඒ පූස් පැටියගෙ වටිනාකමවත් අනුමාන කරන්න බැහැ. ඊජිප්තුවේ පූසන් දේවත්වයෙන් අදහන්න තරම් වටිනවා. එයාලයි ප්‍රධානම සුරතලුන් වුනේ.
රැජිණිය පූස් පැටියා උකුලෙන් තබාගෙන සෙමින් අතගාන්න වුනේ ජන්කුක් දිහා බලාගෙන. නිරුවත් කකුල් උඩ හරිබරි ගැහුන පූස් පැටියා දැක්කම ජන්කුක්ට ලැජ්ජාවක් දැනුනා.ඒත් පූස් පැටියා රැජිණියගෙ උකුලෙ ගුලි වෙලා ජන්කුක් දිහා නිල් ඇස් වලින් බලන් හිටියා.
" ජන්කුක් ඉතින් ඔබ සිතුවම අවසන් කලාද? "
රැජිණිය සාමකාමීව අහද්දි ජන්කුක් එයාගෙ පිටේ තිබුන සම් බෑගයෙන් තරමක් ලොකු කැන්වස් සිතුවමක් අරගත්තෙ උත්තරයක් නොදී. ජන්කුක්ගෙ මේ වගේ කෙලින් ගතිගුණ වලට රැජිණිය ආකර්ෂණය වුනා. ඒවගේම කලු පැහැයෙන් නොමැකෙන්න එක අතක් පුරා ඇඳලා තිබුන සිතුවම් වගේම ඒ මාංශපේෂී රැජිණියව උමතු කරනවා. සිත්තරෙක්ගෙම කියන්න වගේ ඒ දිග ඇඟිලි වලින් රැජිණියට ස්පර්ශ ඕනි වුනා.
එයා උකුලෙ සිටි පූස් පැටියා ආයෙමත් බිමින් තියන ගමන් සිංහාසනයෙන් නැගිට්ටෙ නිරුවතින්. පිරුපුන් ඇඟ පසඟ ලාලිත්යව නළවමින් ජන්කුක් ලඟට ඇවිදන් ආව රැජිණිය ජන්කුක්ගෙ පපුවට අත තිබ්බා. ඒත් ජන්කුක්ගෙන් පුංචිමවත් ප්‍රතිචාරයක් තිබුනේ නැහැ.
ඒ කලුපාට ඇස් කෙලින් ඉස්සරහ බලාගෙන හිටියේ රැජිණිය නූල් කැබැල්ලක් හෝ ගත නැතිව තමන්ගෙ වටේ දැවටෙන එක ගණන් නොගෙන. ක්ලියෝපැට්රා රැජිණිය කියන්නෙ මොන තරම් දක්ෂ බලවත් කෙනෙක් වුනත් එයා ජන්කුක් ඉස්සරහ එයා සරාගී කාන්තාවක්ම විතරයි.
"බොහොම ස්ථිර ගතිගුණ. සෘජු දෑස්.. අහ්ම් ජන්කුක් ඔබ මාව සලිත කරනවා. මගෙ මුලු සිරුරම ඔබව ඉල්ලනවා.. ම්හ්ම්..."
රැජිණිය ජන්කුක්ගෙ පිටුපසින් ගෙල ලඟ තොල් තබමින් මිමිණුවා. එයාගෙ සංවේදී සියුම් තැන් ජන්කුක්ට ඇඳන් හිටිය කබායෙන් දැනෙන්න සැලැස්වුවා. ඒත් ජන්කුක්..?!
එයා ලියතඹරා මල් ලඟ දැහැන් බිඳෙන්නෙ නැති තවුසෙක් වගේ. එයාට රැජිණියගෙ ශෘංගාරාත්මක දේවල් දැනුනේ නෑ. රැජිණියගෙ නිරුවත් පිරුණ රන්වන් පැහැ ඇඟ ගැන එයාට නිකමටවත් ආශාවක් ආවේ නෑ.
"ජන්කුක් අදවත්....ම්? "
රැජිණිය ජන්කුක්ගෙ ඇස් ඉස්සරහට ඇවිත් එයාගෙම ළැම ස්පර්ශ කරමින් ඇසුවෙ. එයාට ඕනි වුනා මොන දේ කරලා හරි ජන්කුක් එයාට ආකර්ෂණය වෙන්න.ඒත්..
"සමාවෙන්න රැජිණිය. මං ආවේ සිතුවම බාරදෙන්න විතරයි."
ඔව් ජන්කුක් එයාගෙ අත් වල තිබුන කැන්වස් සිතුවම ඉස්සරහට දික් කරලා රැජිණියගෙ පපුවට තද කරලා ඔලුව නවලා ආචාර කලා.
"මං දැන් යන්නම් රැජිණිය. තවත් සිතුවම් පහක් විතර තියෙනවා දෙන්න. ඒවා ඉක්මනින් ඉවර කරන්නම්."
ජන්කුක් මුරණ්ඩු අශ්වයෙක් වගේ. රැජිණියව රාජසභාවේ තනි කරලා දාලා එයා ආපහු හැරිලා යන්න ගියා.රැජිණිය තරහින් අතේ තිබුන සිතුවම වෙනදා වගේම පැත්තකට විසිකරලා දැම්මා.
"මේ සියල්ල විසි කර දමනු.! ජන්කුක් නුඹ තව ටික දිනක් ඉවසනු..! ක්ලියෝපැට්රාට අවශ්‍ය නම් ඒ සීසර් වුවත් වැදගත් නෑ. අවශ්‍ය දේ අවශ්‍යමයි! "
රැජිණිය තරහින් කෑ ගහලා සේවිකාවන්ට අණ කලාම සේවිකාවක් ඉක්මනට ඇවිත් චිත්‍රය අරන් ගියා.රැජිණිය බර හුස්ම පිටකරමින්ම තමන්ගෙ කුටියට ඇවිදන් ගියා.
"ස්නානයට සූදානම් කරනු."
ක්ලියෝපැට්රා රැජිණිය ස්නානය කලේ තාරුණ්‍යය රැකෙන පරිදි බූරු දෙනුන් හත් සියයකගෙන් දොවා ගත් ක්ෂීරය වලින්.එයා ඒ ක්ෂීරය කලවම් මිල අධික රෝස වතුරෙ ගිලිලා ගියෙ පැළඳ හිටිය ආභරණ සේරමත් උනා දාලා.
"මගේ රූ ස්වභාවයේ අඩුවක් ජන්කුක් දකිනවද? " රැජිණිය කල්පනාවේ ඇස් පියාගෙන තටාකයේ කිමිදුනා.
ESTÁS LEYENDO
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfic~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+