"ආශ් මගෙ ඇස් දෙක! "
ජන්කුක් තව පොඩ්ඩෙන් අමාරුවෙන් හදාගත්ත සුප් එක එතනම අතාරිනවා. එයාගෙ අත් පවා පණ නැති වුනා දැක්ක දේ එක්ක.එයා ආපු සැනින් අනිත් පැත්ත හැරුණේ හරියට නොදැකිය යුතු දෙයක් දැක්කා වගේ. ඇස් දෙක පියාගත්ත ජන්කුක්ට එයාගෙ පපුව සැහැල්ලු කරගන්න ලොකු හුස්මක් ගන්න වුනා.
ජිමින් මේසෙට බර වෙලා ඇඟිලි තුඩු වලින් පවා ඉස්සිලා ජන්කුක් ඇඳපු චිත්ර බලද්දි එයාට ගාණක් වුනේ නෑ එයාගෙ කමිසය එයාගෙ බෝල පස්ස සම්පූර්ණයෙන්ම එළියට නිරාවරණය කරලා කියලා.ජන්කුක්ගෙ ඇස් වලට වුනේ ඒක දකින්න. එයා බොහොම අමාරුවෙන් තමන්ව පාලනය කරගනිද්දි ජිමින් කරන්නෙම ජන්කුක්ට දෙවනි මහලෙන් පනින්න හිතෙන වැඩ.
ජන්කුක් ආයෙත් හිත තද කරන් ඇතුළට ගිහින් මේසෙ උඩින් මැටි භාජනය තිබ්බත් ජිමින් හිටියෙ ඇඳලා තිබුන එක දර්ශනයක ගිලිලා වගේ. ජන්කුක්ගෙ නරහ ඉලිප්පුන අත වේගෙන් ඇවිත් එයාගෙ පිරුණු පිටුපස තැලිලා යන්න තරම් හයියෙන් වදිනකන් ජිමින් දන්නෙ නෑ..
"ආආආආව්! "
ජිමින්ට කෑ ගැස්සුනේ වැදුන පාරෙ සැරට. ඒවා ගොඩක් මෘදුව ජන්කුක්ට දැනුන නිසා එයා ගැහුනා විතරක් නෙවෙයි මිරිකලා අතෑරලා දැම්මේ කට කොණින් සෙල්ලක්කාර හිනාවක් දාලා.
"යාහ් තමුන්! රිදුනා..! "
ජිමින් කෑ ගහලා එයාගෙ බෝල පස්ස අතගා ගනිද්දි ජන්කුක්ට පලවෙනි පාරට ඒ ඇදවුන මූණ දැකලා හිනා ගියා.ඒක පොඩි හිනාවක්. ඒත් ජිමින්ට ඒක එයා ජීවිතේ දැක්ක ලස්සනම හිනාව වුනා.
"අශීලාචාරකමය අරකය මේකය කිව්වට පේනවනෙ ඇඟේ ඇඳුම් නෑ.."
"ඉතින් අඳින්න දුන්නද එකක්?" ජිමින් තරහින් වගේ කෑ ගැහුවට ඒ ලැජ්ජාවට කියලා ජන්කුක් දන්නවා.ජන්කුක් ඒ නිසාම ජිමින්ගෙ මූණට බර වුනේ ජිමින් පස්සට අඩියක් තියලා පිටිපස්සට ගිහින් මේසෙ හැප්පෙද්දි.
"ඕනි නැහැ. ඔහොම ඉන්නකොට ලස්සනයි. හුරතල්.."
ජන්කුක් ජිමින්ගෙ කන් පෙති වලට මුමුණද්දි ජිමින් කලින්ටත් වඩා රතු වුනා.ඒත් ඊළඟට එයා ජන්කුක්ගෙ පපුවට අත් තියලා තල්ලු කරලා දාන්න උත්සාහ කලත් ජන්කුක්ගෙ අත් එයාගෙ ඉණ වටේ යනවා එයාටම දැනුනා.
"තමුන්! ඕ මොන නැහැදිච්චකමක්ද මේ? ඈත් වෙන්න.."
ජිමින්ගෙ කමිසය උඩට ඉස්සිලා ගිහින් ජන්කුක් රත් වෙන්න ගැහුව පාරට හෙමීට අතගාද්දි ජිමින්ට දැනුනෙ ලැජ්ජාවට ගිනිගන්න යනවා වගේ.එයා කවුරුත්ම ඉස්සරහ මේ වගේ ඉඳලා නැහැ. හැබැයි ජිමින්ගෙ පපුව නම් වේගෙන් ගැහෙනවා. ලාවට ජන්කුක්ගෙ උණුසුමට ආසාවකුත් නොසන්සුන්කමකුත් ඒ පපුවෙ ගැහෙන රටාවෙ ලියවිලා.
"රිදුනද? " ජන්කුක් ජිමින්ගෙ කන ලඟ හෙමින් කියනවා වගේම ජිමින්ගෙ උරහිස්සට උඩින් තමන්ගෙ අත් කරන වැඩේ දිහා එයා බලන් ඉන්නවා. ඒක ජන්කුක්ගෙ අත් වලින් තෙරපෙන විදිහට ජන්කුක්ගෙ තොල් අතරෙ හිනාවක් ඇඳුනා.
"සිනිඳුයි.."
ජන්කුක් ආයෙත් කියද්දි ජිමින් දියවෙන්න ලං වෙලා හිටියෙ. එයා ජන්කුක්ගෙ උරහිස්සෙ මූණ හංගගත්තා.
"නවත්තන්නකෝ..මොන ලැජ්ජාවක්ද මේ.."
"මං විතරනේ ඉන්නෙ.."
"ඉතින් ඒ ඇතිනෙ." ජිමින් නහයෙන් අඬට නිසා ජන්කුක් ජිමින්ගෙන් අත් අරන් ඈත් වුනා. ඒත් ඒකෙන් ජිමින්ට හිස් ගතියක් දැනුනා.
ජන්කුක් අතක් ඊළඟට ජිමින්ගෙ කම්මුලට ආවේ එයා ඒකත් කලින් වගේම මෘදුව අතගෑවා.ජිමින් පුදුමෙන් වගේම තේරුම් ගන්න බැරි හැඟීම් ගොඩක් ඇස් වල පුරවන් එයා දිහා බලන් හිටියා.ජන්කුක් ලාවට හිනා වෙලා කම්මුලේ අත තියාගෙනම ඒ ජිමින්ගෙ වීදුරු ඇස් දිහා බැලුවෙ.
" රිදුනද ඇහුවෙ කම්මුලත් එක්ක.මම ගැහුව පාරට රිදුනද? කලින් නයිල් ගඟේදි..."
ජන්කුක් කියද්දියි ජිමින්ට ඒක මතක් වුනෙත්. ජිමින් දන්වලා ජන්කුක් ගැහුවෙ ඇතිවුන පීඩනයට කියලා. ඒත් එයාට තේරුණේ නෑ ඇයි ජන්කුක් පීඩනයට ලක් වෙන්න ඕනි කියලා.ජිමින් ජන්කුක් දිහා බලාගෙන ම නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා. ඒ වුනාට ජන්කුක් දැක්කා තමන්ගෙ අතේ ඇඟිලි පහම ජිමින්ගෙ පිටුපසේ වගේම කම්මුලෙත් පැහැදිලිව ලේ පුරලා මතු වෙලා තියනවා.
"සමාවෙන්න.ඒත් ආයෙත් ඔය වගේ දෙයක් කරගන්න හැදුවොත් මම තමුන්ව මරනවා! "
ජන්කුක් ජිමින්ගෙ අල්ලන් හිටිය කම්මුලම රිදෙන් නැති වෙන්න මිරිකුවා. ජිමින් ඒක තේරුණා කියන්න ඔලුව උඩ පහල වැනුවා. ජන්කුක් ආයෙත් කතා කලා. හැබැයි ඒ ජිමින්ගෙ කන් පෙතිවලට.
"ඒ වගේම ආයෙ ඔය පස්ස මට පේන්න එළියෙ තිබුනොත් කලින්ත් වඩා සැර පාරක් වදියි.ඒකට නම් කමක් නෑ ඉතින්.රතු වුනාම ලස්සනයි ඔයා."
"ඔහ් රා මේන් දෙවියනේ නැහැදිච්චකම! "
ESTÁS LEYENDO
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfic~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+