25 ° ᥫ᭡

294 89 28
                                    

පපුවට දැනුන නුපුරුදු උණුසුමට ජන්කුක් ඇස් ඇරියෙ ගැස්සිලා ගිහින්. ටික වෙලාවක ඉඳලම නහය ලඟ කිතිකැවෙන සිනිඳු කෙස් ජන්කුක් නින්දෙන්ම අයින් කර කර හිටියෙ. ඊටත් පස්සෙයි එයාට දැනුනෙ මොකක් හරි උණුසුම් දෙයක් එයාගෙ තුරුළෙ තියනවා කියලා. ජන්කුක් ඇස් අරිද්දිම එයා ජිමින්ගෙ කොණ්ඩෙ දැක්කෙ. ඒ වෙද්දි එයාට සේරම එක පෙළට මතකෙට ගලාගෙන ආවා. කොහොමත් එයාට එච්චර හොඳට නින්දක් තිබුනෙ නෑ ඒ රැය. ඒත් එයාට හිතුනා කවදාවත්ම නැති තරම් හොඳින් ජිමින්ට නින්ද යන්න ඇති කියලා.

ජන්කුක් දැක්කා ජිමින් රෑට ඇඳගත්ත කමිසය එක උරහිසක්ම කඩන් වැටිලා කියලා. ඒ මදිවට නින්දෙන් දඟලපු පාරට ඒක තිබුනේ ඉණෙනුත් උඩ. ජන්කුක්ගෙ ඇස් උඩ ගියෙ එතකොට. තමන්ගෙ තුරුළෙ අඩනිරුවතින් ඉන්න සුරදූතයෙක් වගේ කෙනා නිසා ජන්කුක්ට කොයි වෙලාවෙ හරි හුස්ම හිරවෙනවා. ඒ සිහින් ඉඟෙන් පහල රවුම් හැඩ වුන පිටුපස ජන්කුක් කලින් දවසේ රෑ ගහපු ඇඟිලි පාර තාමත් තිබුනා.ජන්කුක්ට ඒක දකිද්දි නම් හිනාවක් ඇඳුනා.

"එහෙම ලස්සනයි.ආයෙත් මට ඒක කරන්න ඕනි.." ජන්කුක් හිතුවෙ කට කොණෙ හිනාව තියාගෙනම.

ජන්කුක්ට ජිමින් ඇහැරවන්න ඕනි වුනේ නැහැ.ඒත් එයා ඇහැරෙන්න කලින් උදේට කන්න දෙයක් ලෑස්ති කරන්න ජන්කුක්ට ඕනි වුනා. ඒත් ජිමින්ගෙ ඔලුව තිබුනෙ එයාගෙ අතක් කොට්ටයක් විදිහට පාවිච්චි කරන් නිසා එයාට හෙලවෙන්නවත් බැහැ වගේ දැනුනෙ.ජන්කුක් හෙමින් එයාගෙ අනිත් අතින් ජිමින්ගෙ ඔලුව උස්සලා එයාගෙ අත නිදහස් කර ගන්න උත්සහ කලා.

"ම්ම්හ්...ම්...."

"ෂ්ෂ්ෂ්....නිදාගන්න..ඇහැරෙන්න එපා.."

ජිමින් කෙඳිරිගාන ගමන් දඟලද්දි ජන්කුක් මෘදුව කියන ගමන් ජිමින්ගෙ පිටුපසට පොඩි තට්ටු දැම්මෙ නිකන්ම.ජිමින් ආයෙත් නින්දට වැටෙනකන් හෙමින් තට්ටු කරමින් හිටිය ජන්කුක් ලොම් කලාල උඩින් හෙමින් නැගිටලා හිටගත්තෙ අත් වල හිරි අරින ගමන්. එයා එහාට මෙහාට ව්‍යායාම කරන ගමන් නින්දෙන් රෝස තොල් වලින් උතුරලා යන්න කෙළ බේරන ජිමින් දිහා බලන් හිටියා.

ජිමින්ගෙ කමිසය හරිගස්සලා එයාව ලොම් ඇතිරිල්ලකින් ආවරණය කරපු ජන්කුක් ඒ ඔලුවත් අතගාගෙනම තරප්පු පේළිය බහිද්දි ඒ ලී වල 'කිරි කිරි' සද්දය නෑසෙනකන්ම බලන් හිටිය ජිමින් ඉක්මනට ඇස් ඇරලා ලොම් ඉඳගත්තා.එයාව ලැජ්ජාවට රතු වෙන ගමන් තිබුනෙ.

"ජිමින් කොච්චර අශීලාචාර විදිහටද තමුන් නිදාගෙන හිටියෙ. ලැජ්ජාවක් මේක නම්."

එයාම එයාට හයියෙන් ඔලුවට ගහගත්තේ පිස්සු විදිහට ඔලුවත් වන වන. ජිමින් ඇහැරුනේ ජන්කුක් එයාගෙ අත අයින් කරගන්න කොටම වගේ. ඒත් එයාට ඇස් අරින්නෙ නැතිව ජන්කුක් කරන්න යන්නෙ මොකද්ද කියලා බලන්න ඕනි වුනා.ඒත් ජන්කුක් එයාව නිදිකරන්න පස්සට පුංචි තට්ටු දානවා දැනෙද්දි එයාට තේරුණා ඇඳගත්ත කමිසය වෙන කොහෙවත් තිබිලා තියෙන්නෙ කියලා. ඒත් ජන්කුක් එයාට කරදරයක් නොකර නිදිකරවලා , ඇඳුමත් හරිගස්සලා , ඔලුව අතගාලා යද්දි ජිමින්ගෙ හිත සතුටින් වගේම උණුසුම් හැඟීමකින් පිරුණා.

"එයා හරිම හොඳ කෙනෙක්.මට... දැනවා මං එයා ගැන හිතනවා.. ඔහ්.. මොනවද ජිමින් ඔයා මේ හිතන්නෙ. නෑ නෑ ඕක හිතන්න එපා.."

ජිමින් ඊළඟට එයාගෙ කම්මුල් දෙකම අත් වලින් වහන් ලොම් කලාල ටික උඩ පෙරලිලා ගියෙ බෝලයක් වගේ.හොඳ වෙලාවට ජන්කුක් උඩට ආවේ නැත්තෙ. ජිමින් ජන්කුක්ට අශීලාචාරයි කිව්වට එකවිදිහකට ඉන්න දන්නෙම නැහැ. පූජකයෙක් වුනේ අත උස්සලාද කියලා හිතෙන තරමට දඟ , හුරතල් කෙනෙක්.!

"ජිමින් මට ඇහෙනවා ඔයා ඇහැරලා කියලා. පහලට එන්න.. "

ජිමින්ට ඇහුනා පහලින් ජන්කුක් කෑ ගහන විදිහ. ඔව් ජන්කුක්ට දැනුනා කලින් ජිමින් ඇහැරිලා හොරට ඉන්නෙ කියලා.එයා තනියම හිනා වෙවී පහලට ගියෙ ජිමින් දැන් ඉන්නෙ ලැජ්ජාවෙන් කියලා තේරුණ නිසා. එයා ඒ නිසයි රැවටුනා වගේ තරප්පු පේළියෙ බරට අඩි තියමින් පහලට බැස්සෙ.




______________________________



■. මං පිස්සෙක් වගේ අප්ඩේට් කලාට ඔයාලා හෙමීට කියවන්න හාද...මට වෙලාව තියන තියන වෙලාව ලියනෝ.. මොකද මමත් ජීවත් වෙන්නෙ ඊජිප්තුවේ වගේ මම මේකට හිර වෙලා.🙂

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Tempat cerita menjadi hidup. Temukan sekarang