15 ° ᥫ᭡

333 89 35
                                    

( තාමත් ජන්කුක්ගෙ අතීත වසරක මතකයන් යන්නෙ. )

ජන්කුක් ඉඳන් හිටිය තැනින් නැගිටලා ඒ කෙනා ගාවට ආවේ නිකට අතින් පිරිමදින ගමන්. හරියට පිළිම නෙළන කෙනෙක් එයා නෙළපු පිළිමයක් පරික්ෂා කරනවා වගේ.

හැබැයි ආගන්තුක තරුණයෙක් තමන් ලඟට ඇවිත් උඩ ඉඳන් යටට බලද්දි ආව කෙනාගෙ නම් මූණත් එක්ක රතු වුනා.එයා ඇස් ලොකු කරන් එයාගෙ ඇඟේ තිබුන ඇඳුම හරිගස්ස ගත්තෙ ඒ බැල්ම එච්චර හොඳක් පේන්නෙ නැති නිසා.ඒත් ජන්කුක් ඇස් හීනි කරන් ඒ පේන සිහින් ඉඟේ තරම අත ඈත් කරන ගමන් අනුගමනය කරන ගමන් හිටියෙ. එයා සිහියක් නැතිව ඉණෙන් අල්ලන්න ගියෙ ඇවිත් හිටිය කෙනාට පණ නෑ කියලා හිතලද මන්දා.

"යාහ්! අල්ලන්න හිතන්නවත් එපා මාව! "

කෑ ගහපු පොඩි ජීවියා ජන්කුක්ට ඒ හුරතල් පාට ඇඟිල්ල දික් කලේ ජන්කුක් මැස්සෙක් තරම්වත් ඒක ගණන් නොගෙන රවලා එයා දිහා බැලුවා.

"කරදර කරන්න එපා. එක විදිහකට ඉන්නවා." ජන්කුක් ආයෙත් ඒ කෙනාගෙ ඉණ දිහා බලන් කල්පනා කරනවා. ඒකට නම් පොඩි සුරදූත රූපයට සෑහෙන්න කේන්ති ගියා වගේ නහයෙන් පිම්බා.

"මොනවා කරනවා කියලද ඔය හිතන් ඉන්නෙ."

"පරික්ෂා කරනවා."

"මොනවද? "

ඒ කෙනා ඇස් හීනි කරලා තමන් ගාව දණගහන් තමන්ගෙ කකුල් වල උස ගැන හිත ජන්කුක්ගෙන් අහද්දි ජන්කුක් බිම ඉඳන් තරහින් එයා බැලුවා.

"ඇඳුම් නැතුව ඉද්දි කොහොම පේනේවිද කියලා. කට වහන් මට මේ ගැන හිතන්න දෙනවා. "

" රේ අමේන් දෙවියනේ මොන නැහැදිච්චකමක්ද? "

ආව කෙනා කට අතින් වහගත්තෙ කන් පෙති පවා රතු පාටට හැරිලා යද්දි. පුලුවන් තරම් දොරට ඇලුන එයා තමන් ඉස්සරහ දණගහන් ඉන්න කාන්තර අශ්වයෙක් තරම් දැවැන්ත කෙනා දිහා බලන් හිටියෙ ලැජ්ජාවත් මිශ්‍ර නොසන්සුන්තාවෙන්.

ජන්කුක්ට ඒ කිව්ව කතාවට කට කොණින් හිනා වෙලා ආයෙත් උඩ බලලා කෙලින් හිට ගත්තා. ජන්කුක් හිට ගත්තාම අර කෙනා ජන්කුක්ගෙ පපුවට විතරයි උස. ඒනිසාම එයාට වුනා ඇස් ලොකු කරන් බය වෙලා ඉන්න ඒ මූණට නැවිලා කතා කරන්න.

" මට කල්පනා කරන්න දෙයක් නැති වෙන්න ඕවා ගැලෙව්වා නම් මටත් ලේසියි.."

"දෙවියනේ කාම පිසාචයා. රේ අමේන් දෙවියනේ නැහැදිච්ච තරුණයගෙ අසහනයට සමාවදෙන සේක්වා. රා මේන්..!"

එයා තමන්ගෙ පපුවට අත් තද කර කර ඇස් පියාගෙන මුමුණද්දි ජන්කුක් ඇහිබැමක් උස්සන් බලන් හිටියා. කොහෙන්ද පාත් වුන පිස්සෙක් දිහා බලන් ඉන්නවා වගේ ජන්කුක් එයා දිහා ඒ සැරේ නම් බැලුවෙ.

"කවුද නැහැදිච්ච? "

"පූජකයෙක්ට ඇඳුම් ගලවන්න කියන්නෙ මොන නැහැදිච්චකමක්ද? "

පපුව උඩ අත් බැඳගෙන ජන්කුක්ගෙන් ප්‍රශ්න කරන මේ කෙනා දැක්කම ජන්කුක් උඩ බිම බැලුවේ කලින් තිබුන ඔලුව කැක්කුම දෙගුණ වෙනවා දැනෙද්දි. පෙනුමෙන් ඇඳුමෙන් පූජකයෙක් වගේ පේනවත් තමයි හැබැයි. ජන්කුක් ලොකු හුස්මක් පාත දාලා ඉණට අත් දෙක තියාගත්තා.

"නිරුවත් අනුරුවක් තෝරන පරීක්ෂණයකට සහභාගි වෙන්න තරම් ඔය පූජකයට මොළේ හොඳ නැද්ද? "

ජන්කුක් තරහ ගියත් නිවුන කටහඬකින් ඇහුවෙ ජන්කුක් දිහාට රවන් ඉන්න ඇස් ගැස්සෙද්දි.

"මොන නිරුව..... රේ අමේන් දෙවියනේ ඊජිප්තුවේ මොනවද මේ වෙන්නෙ..? සහනය සලසන්න රා මේන්..! "

අන්තිමට ජන්කුක්ට වුනේ ඔලුවෙ අත ගහ ගහන්න.හැමතිස්සෙම රා මේන් කියාගත්ත පූජකයෙක් විතරයි ජන්කුක්ට අද දවසට අඩුවකට හිටියෙ.

______________________________

රාමේන් දෙවියෝ කිව්වට ඇත්තටම දෙන්නෙක් හරිද? 😂

■. රා (රේ) යනු පුරාතන ඊජිප්තු හිරු දෙවියා වෙයි. ඔහු පුරාතන ඊජිප්තියානු ආගමෙහි ප්‍රධාන දෙවිවරයෙක් වූ අතර, ප්‍රාථමික වශයෙන් මධ්‍යහ්න සූර්යයා වෙතින් හඳුනාගැනුණි.

■. අමෙන්,අමුන්,ආමෙන් යන නාමයන් වලින් හදුන්වන්න දෙවියා බොහෝ අවස්ථාවල මිනිස් හිසක් සහ මිනිස් සිරුරක් සහිත දෙවියෙකි.සමහර අවස්ථාවල ඔහුට බැටලු හෝ එලුවෙකුගේ හිසක් සහිත විය.

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora