01 ° ᥫ᭡

2K 127 31
                                    

ජන්කුක් දැනන් හිටියෙ නෑ එයාගෙ ජිමින් කොච්චර වෙලා එයා එනකන් බලන් හිටියද කියලා.හුරතල් පාටට කම්මුල් රතු කරන් ජන්කුක් අන්දවපු සුදු සේද සලුව විතරක් ඇඳගෙන එයා බලන් හිටියෙම ජන්කුක් ගෙදර එනකන්. වෙනදටත් වඩා ජන්කුක් ගෙදර එන එක පරක්කු වෙද්දි ජිමින්ගෙ හිත ගොඩක් නොසන්සුන් වුනා.

ජන්කුක්ගෙ ඊයෙ රෑ පින්සල් වලින් කැන්වස් එකේ සටහන් වුනා වගේම රූපයක් වෙලා එයා බලන් හිටියෙ. තාමත් ජන්කුක් අන්දවපු සුදු සේදය පිටින්. ලාවට ඒක තෙත් කරපු විදිහටම ඒක තිබුනා. එයාගෙ ඇඟට ඇලුන ඒකෙන් ඒ සුදු රෝස ඇඟ ගොඩක් තදට කැපිලා පෙනුනා. හරියට ගොඩක් ලස්සන නිරුවත් පිළිරුවක් වටේ ස්වේත සලුවක් ඔතලා වගේ. ජන්කුක්ට ඕනි වුනෙත් එහෙම.

එයා අද ම එයාගෙ සිතුවම ක්ලියෝපැට්‍රා රැජිණියට ඉදිරිපත් කරන්න ඕනි

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

එයා අද ම එයාගෙ සිතුවම ක්ලියෝපැට්‍රා රැජිණියට ඉදිරිපත් කරන්න ඕනි. ඒකට අණ කරලා සති දෙකක් වුනත් සිතුවම හරියට ඇඳලා ඉවර කර ගන්න පුලුවන් වුනේ අද පාන්දර. ඒකත් අරන් ඉක්මනටම මාලිගාවට ගියා ඇරෙන්න එයාට ජිමින්ට හරියට ඇඳුමක්වත් අන්දන්න බැරි වුනා.

ජිමින්ට ස්වේත සලුවෙ සීතල ඒ තරම් දැනුනෙ නෑ. මොකද කාන්තාරයක් මැදයි මේ ඊජිප්තුවේ මාලිගා ගොඩනැගිලා තිබුනෙ. ඒ අවටයි බලකොටු විදිහට වංශවත් අයගෙ නවාතැන් තිබුනෙ. ජන්කුක් ක්ලියෝපැට්රා රැජිණියගෙ ප්‍රධාන චිත්‍ර ශිල්පියා. ජිමින් කියන්නෙ ජන්ග්කුක්ගෙ එකම ආදරේ.

ඊට අමතරව රැජිණියගෙ ඇල්ම බැල්ම වැටුන කෙනෙක් තමයි ජන්කුක්. රැජිණිය ජන්කුක්ව මුණගැහෙන්නෙ තනිවම.ඒ වගේම නිරුවතින් හෝ අඩනිරුවතින් එයා ඉස්සරහ ඉන්නවා. ජන්කුක්ට කියලා සිය දහස්වතාවක්ම ඒ චිත්‍ර ඇඳගෙනත් තියනවා.ජන්කුක්ට අණ කරලා චිත්‍ර ඇඳන් ආවත් එයා නෙවෙයි ඒ කිසි දෙයක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ.එයාට ඕනි ජන්කුක්ව ගෙන්නගන්න. ඒවගේම ජන්කුක්ට තමන් ගැන ආශාවක් ඇති කරන්න.

ඉතින් අදත් ඒ වගේ දවසක්...

"මාගේ රැජිණිය, සිත්තරු ජන්කුක් පැමිණිලා.."

සේවිකාවක් රැජිණියට අචාර කරලා කියද්දිම රැජිණියගෙ මුහුණ සතුටින් පිරුණා.හරියට එයා බලාපොරොත්තුවෙන් හිටියා වගේ.එයා තමන්ගෙ සේවිකාවන් ලවා නිරුවත් වෙලා සිංහාසනයෙ ඉඳගත්තා.එයාගෙ රන්වන් පැහැ සමට ඔබින මැණික් පළඳනා විතරමයි එයාගෙ ඇඟේ තිබුනෙ. පිරුණ ළැමත් සිහින් ඉඟත් කාන්තාවකගෙ තියෙන්න ඕනි සුන්දරත්වය මනාව පෙන්නුම් කලා. දෙකකුල් මදක් ඈත් කර ජන්කුක්ට සිය සිරුරේ රහසක් නැතිවම නැරඹීමට එයා ඉඩ දුන්නේ සිහින් හිනාවක් තියාගෙන.

"පැමිණෙන්න ජන්කුක්.." රැජිණියගෙන් අණ ලැබෙද්දී ඊජිප්තු මාලිගාවේ දොරටු විවර වෙලා ජන්කුක්ට ඇතුළට එන්න ඉඩ ලැබුණා. ඒත් ජන්කුක් ඔලුව පහත් කරගෙනමයි හිටියෙ.

සිංහාසනයෙ ඉඳන් හිටිය රැජිණගෙ සිහින් කකුල් ඉහලට යත්ම පිරුණු කලව වෙද්දිම ජන්කුක් බිමට ඔලුව තවත් නවා ගත්තා. එයා හිතුවා වෙනදා වගේම රැජිණිය ඇත්තෙ නිරුවතින් කියලා.

"මා දෙස බලන්න ජන්කුක්.."

රැජිණියගෙ සරාගී කටහඬට ජන්කුක් ලොකු හුස්මක් පහත හෙලුවා. අනිවාර්යයෙන්ම අදත් රැජිණිය එයාව පරික්ෂා කරන්නයි යන්නෙ..

_______________________________

■. මෙය ඊජිප්තු ශිෂ්ටාචාරය හා ක්ලියෝපැට්‍රා රැජිණිය හා ගෙතී ලියැවෙන ප්‍රබන්ධයක් පමණක් යැයි සලකන්න. මෙහි එන සිදුවීම් සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වන අතර ක්ලියෝපැට්‍රා පිළිබඳව එන කරුණු ඇතැම් ඒවා පමණක් ඉතිහාසයේ පවසන පරිදි වේ. ඒවාද විචාරාත්මක දේවල් වන බැවින් කිසිඳු කරුණක් පිළිබඳව තර්ක හෝ මතවාද සිදු නොකරන්න.🙂

■. ග්‍රීක රෝම රසය හොඳින් දානවීමට ශෘංගාරාත්මකව ලියවෙන අතර 18+ ලෙස සඳහන් කරන්න කැමැත්තෙමි.🙃

■. ඉහත කරුණු වලට එකඟනම් ඔබට රසවිඳිය හැකිය.🥰❤

■. ඔයාලගේ කතාවට තියන කැමත්ත වගේම කමෙන්ට්ස් එක්ක තමා කතාව මොන වගේ වේවිද කොච්චර දිගට යයිද කියලා තීරණය වෙන්නෙ... 🤗 ඒනම් යමු කතාවට.😌

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Tempat cerita menjadi hidup. Temukan sekarang