ජන්කුක්ගෙ මන්දිරේ කුස්සිය ගොඩක් පිළිවෙලට එයා තියාගෙන හිටියා. ජිමින් මේ පැත්තට නොඑන නිසා ජන්කුක්ට ලේසියි වැඩේ. එයා ඉක්මනටම උයන්න හිතාගත්තෙ එළවලු සුප් එකක්. ඊයෙ රෑ හදපු බැදපු මස් වගේම සහල් කැඳත් ඉතුරු වෙලා තිබුන නිසා වැඩේ ඉක්මන්. මොකද එයා දන්නවා ජිමින්ට ගොඩක් බඩගිනියි කියලා.
ජන්කුක් ජිමින්ව උස්සන් ඇවිත් කුස්සියේ මේසය උඩින් තියලා තමන්ගෙ කමිසය ගලවලා දැම්මෙ ගොඩක් රස්නෙ දැනුන නිසා. බෙල්ලෙ පාමුලට වැවුන කලු කොණ්ඩයත් උඩට කරලා බැඳගත්ත ජන්කුක් එළවලු රාක්කෙන් එළවලු තෝරන හැටි ජිමින් ඇස් ලොකු කරන් බලන් හිටියා.හරියට ලෝකෙ තියන රසවත්ම දේ දිහා බලන් ඉන්නවා වගේ. එයාගෙ රෝස තොල් වල පාටටම කම්මුල් හැරුණේ ජන්කුක්ගෙ නිරුවත් උඩුකය දැකලා.
"ම්හ්ම්..."
"ඇයි මිනී? "
ජිමින් පොඩි කෙඳිරියක් දීලා ජන්කුක්ගෙ අවදානය එයාට ගත්තෙ මේසෙ උඩ කකුල් හොඳට උඩට අරන් ගුලිවෙලා ඉඳගෙන. ජන්කුක් ඒ දිහා නොබලන්නම හේතුව ඒක. එයාගෙ ඇඟට පොඩිමවත් ඇඳුමක් තිබුනෙ නෑනෙ.ඒත් ජන්කුක් එයා දිහා නොබලන එකට නම් ජිමින් කැමති වුනේ නෑ.
එයා මේසෙන් බිමට පැන්නෙම මූණ බෙරි කරන්. එතකොට නම් යන්තම් ජන්කුක් එයා දිහා බැලුවා.
"ඇයි මිනී? මොනවා හරි ඕනිද? "
"මිනීටත් උයන්න උදව් වෙන්න ඕනි.."
ජිමින් ජන්කුක්ගෙ ඉස්සරහට ආවේ එයා කපමින් හිටිය කැරට් ටික දිහා බලගෙන. ජන්කුක්ගෙ ඉස්සරහින් හිටගෙන පණ්ඩිතයා වගේ නුහුරට පිහිය අල්ලන ජිමින් දිහා ජන්කුක් හිනා වෙවී බලන් හිටියා.
"හරි එහෙනම් කෝ එන්නකෝ. අපි දෙන්නම කපමු."
ජන්කුක් ජිමින්ව පිටිපස්සෙන් වැළඳගෙනම ජිමින්ගෙ පිහිය තිබුන අතම එයාගෙ අතින් අල්ලගත්තා.ජිමින්ගෙ අතින් ඒ විදිහට අල්ලන් කැරට් ටික හෙමින් කපන්න ගත්ත ජන්කුක්ගෙ කමිසයක් තිබුනෙ නැති උඩුකයට ජිමින්ගෙ උණුසුම් ඇඟ හොඳට දැනුනා.ජිමින්ගෙ සේද වගේ සිනිදු කොණ්ඩෙ ඇවිස්සිලා යන්න ජන්කුක් පොඩි පොඩි සිපුම් ඒ ඔලුව උඩින් තියලා ජිමින්ට දැනුනා. ඒත් එයාට ගොඩක්ම දැනුනෙ එයාගෙ පිටට හේත්තු වෙලා ඉන්න ජන්කුක්ගෙ හුස්ම ඉහල පහල යන හුස්ම.
"දැන් මොකද්ද කරන්නෙ? "
සේරම එළවලු භාජනේට දාලා ලිපෙන් තිබ්බට පස්සෙ ජිමින් ජන්කුක්ගෙන් ඇහුවෙ. ජන්කුක් එළවලු කපලා ඉවර වුනාට පස්සෙ ජිමින්ව ආපහු මේසෙ උඩින් ඉන්දවලා තිබ්බා. ජිමින්ව එහෙම තියාගෙන එයාට උයන්න අපහසුයි.
"දැන් මේ ටික තැම්බෙනකන් ඉන්න ඕනි. ඊට පස්සෙ අපි කමු."
ජන්කුක් ජිමින්ගෙ කම්මුල් මිරිකලා රත් කරලා අරන් තිබුන ඊයෙ රෑ කෑම කෑම මේසෙන් ගෙනිහින් තියලා ජිමින්ව වඩා ගත්තා.
"ඇඳුමක් ඇඳගන්න ඕනි බෝලේ.."
"ම්හු..මිනීට එපා."
ජිමින් කම්මුල් පුම්බන් ඔලුව දෙපැත්තට වනද්දි ඒක බලාපොරොත්තුවෙන් හිටියා වගේ ජන්කුක් හිනා වෙලා ජිමින්ගෙ කම්මුලක් සිපගත්තා.
"මාව අවුස්සන්නනෙ? ගොඩක් නරකයි මිනී ඒක නම්."
කාන්තාර වලින් වටවුන ඊජිප්තුවට සිසිලස ගෙනත් දෙන්න තිබුන එකම දේ නයිල් නදිය විතරක් වෙද්දි ජිමින් නම් රස්නෙට කබා කමිස ඇඳගෙන ඉන්න කැමති වුනේම නැහැ. අනිත් දේ විශේෂයි. ජන්කුක්ට ම මවපු නිරුවත් සුරදූත රූපයක් එයා. ඉතින් එයාගෙ විදිහ ඒ. අමතක කරන්න එපා එයා සිතුවමක්..!
أنت تقرأ
WILDFLOWER [▪︎COMPLETED▪︎]
أدب الهواة~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+