20 ° ᥫ᭡

344 89 6
                                    

ජිමින්ව එයාගෙ කලු ලොම් කබායෙන් එතුව ජන්කුක් එයා උස්සලා පරිස්සමට ඔසෙයින්ගෙ පිටෙන් තියලා එයත් නැග්ගෙ ඇඟට තිබුන දුහුල් කලු කලිසමෙන් විතරයි. එයාගෙ නිරුවත් උඩුකය විනිවිද ගිය සීතලත් තෙමිලා හිටිය නිසා කකුල් වලට දැනුන සීතලත් එයා දරාගත්තා. එයාට ඊට වඩා ජිමින් වෙව්ලන එක දරාගන්න බැරි වුනා. ජිමින්ව පපුවට කරලා අල්ලගෙන තනි අතින් ඔසෙයින්ව අරන් ගිය ජන්කුක් වැඩි වේගයකින් ගියෙ නැත්තෙ ජිමින්ට තවත් සීතල දැනේවි කියලා.

ජිමින් සැරින් සැරේ ගැස්සුනා.එයාගෙ වටේ එතිලා තියන ජන්කුක්ගෙ අත එයාව වැටෙන්නෙ නැතිව අල්ලන් හිටිය නිසා එයා එයාවම තුරුලු කරන් හිටියා විතරයි. ජිමින් තාමත් හිටියෙ කම්පනයෙන්.එයා තව විනාඩි කීපෙකින් මැරෙන්න හිටියත් ජන්කුක් ඒකට ඉඩ නොදී එයාව බේරගත්තා. ඊළඟට කරන්න ඕනි මොකද්ද කියලා එයාට තේරුණේ නෑ. එයාට ඒ ගැන හිතන්න ඕනිත් නෑ. එයාට ඕනි වුනේ මේ වෙලාවෙ එයාට මේ දැනෙන ආරක්ෂාව උණුසුම විඳින්න. ජීවිතේ පළවෙනිවතාවට දැනෙන කවුරු හරි තමන්ව බලාගනීවි කියලා දැනෙන හැඟීම පපුව ඇතුලෙ මැරෙන්නෙ නැතිව තියාගන්න එයාට ඕනි.

ජන්කුක් එයාගෙ මන්දිරේ ගේට්ටු වලින් ඇතුළට ඔසෙයින් අරන් ගිහින් ඉස්තාලයට එයාව දාන්නවත් පරක්කු නොවී ජිමින්ව උස්සන් ඇතුළට ගියෙ ඔසෙයින් නහයෙන් පිඹලා බිම පහුරු ගාද්දි. දැනෙන සීතලට අශ්වයා තමන්ගෙ නවාතැනට තනියම ගෑටුවා.

ජන්කුක් යද්දි දල්වලා ගියා වගේම තාමත් දැල්වෙන ඉටි පහන් එළියෙන් ජිමින් ඒ මන්දිරේ දිහා යන්තම් බැලුවා. ඒත් එයාට ඒ තරම් පණක් තිබුනෙ නෑ.ජන්කුක් එයා කොහෙට අරන් ගියත් ඒ විදිහටම යන්න එයා ජන්කුක්ට පවරලා ඉවරයි. කොහොමත් මුරණ්ඩු වුනොත් කම්මුලට තව රිදෙන්න පාරක් වදී කියලත් එයාට බය හිතුනා.

ජන්කුක් ජිමින්ව උස්සන් තරප්පු පේළියක් නැගලා ලොම් කලාල ගොඩගහලා තිබුන තැනක පරිස්සමට තිබ්බෙ ජිමින් මෙච්චර වෙලා දැනුන ජන්කුක්ගෙ උණුසුමට ලෝබ වෙලා ඒ අතින් ජන්කුක්ගෙ අත අල්ලගනිද්දි. ජන්කුක් ඇස් හිනී කරලා බලලා ඒ අත තමන්ගෙන් ගලවලා දැම්මා.

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Tempat cerita menjadi hidup. Temukan sekarang