ජිමින්ගෙ ඇඬුම ජන්කුක් අහන් හිටියෙ වේදනාවෙන්. ජන්කුක්ට කරන්න ඕනි දේ තේරුම්ගන්න අමාරු වුනා.එයා කවදාවත්ම කෙනෙක් සනසලා තිබුනෙ නැහැ.ඒත් එයාගෙත් හිත රිදුනා.ජිමින්ට අඬන්න ඉඩදීලා එයා නොසෙල්වී බලන් හිටියා.එයාට ජිමින් ගාවට ගිහින් සනසන්න ඕනි වුනේ නැහැ. ජිමින් වුනත් එයා වුනත් දන්නවා ජන්කුක් මොනවා කියලා සැනසුවත් කතාව ඉවර වෙන්නෙ කොහොමද කියලා.
අන්තිමට ජිමින්ගෙ ඇඬුම අඩු වෙලා ඇහෙන්නෙ නැතිව ගිහින් නහය විතරක් උඩට කරන තරමට අඩුවුනා. ඒ වෙද්දි හොඳටම හවස් වෙලා සීතල රැයක් උදාවෙන්නත් ඇවිත්. ජිමින් එයාගෙ කකුල් අතරින් ඔලුව උස්සලා එයා එක්ක හිටිය උස මනුස්සයා කෝ කියලා හොයද්දි තාමත් එයා තමන් දිහා පිළිමයක් වගේ බලන් ඉන්න හැටි දැකලා කම්මුල් රතු කර ගත්තා. නොදන්න කෙනෙක් ඉස්සරහ ඇඬුවට ජිමින්ට ලැජ්ජාවක් දැනුනා.
"ම්..සමා.... වෙන්න.....?? "
"ජන්කුක් ජියෝන්...."
"සමාවෙන්න ජන්කුක්ෂි.."
ජිමින්ට කලින් ජන්කුක්ගෙ නමවත් අහන්න බැරි වුනානෙ.එයාට තමන් ගැන ලැජ්ජ හිතුනා.එයා පැය ගාණක් එකම විදිහට ඉඳගෙන හිරි වැටුන කකුල් වලින් නැගිට්ටෙ හෙමින්. එයා දැන් යන්න ඕනි. ඒත් කොහෙද?
නැහැ ජිමින්ට යන තැන ගැන කිසිම අදහසක් තිබුනෙ නැහැ. ඒත් එයා යන්න ඕනි. තවත් මෙතන තිබුන අපහසු වාතාවරණයට එයා අකමැති වුනා. අඬද්දි සනසවන්නෙවත් නැති මනුස්සයෙක් ලඟ එයාට ඉන්න ඕනි වුනේ නෑ. එයාටත් තමන් කරදරයක් විතරයි.. ජිමින්ට එහෙම හිතෙද්දි ආයෙත් කඳුලු පිරෙනවා වගේ දැනුනෙ.
"මට.. මං යන්න ඕනි. ස්තූතියි මාව බේරගත්තට."
"මම මොකුත් කලේ නැහැ ඔයා වෙනුවෙන්."
ජන්කුක්ගෙ සීතල කටහඬේ කිසිම තෙතමනයක් තිබුනෙ නැහැ.ජිමින්ගෙ හිත ආයෙත් රිදුනත් එයා ඔලුව පහත් කරලා දොර ඇරගෙන එළියට ගියෙ තාමත් තමන් පස්සෙන් පැන්නුව ක්ලියෝපැට්රාගෙ සෙබලු ඉන්නවද කියලා ඔලුව දාලා බලලා. ඒත් මුලු ඊජිප්තුවම ගොඩක් සීතල රැයකට වැටිලා ඉවරයි. නගර අලංකරණය කරපු වීදී ඉටි පහන් විතරයි තිබුනෙ.
ජිමින් එයාගෙම අත් හරස් කරලා තමන්ගෙ පපුව බදාගත්තෙ සීතල දරාගන්න බැරිව. උදේ පූජාවට ඇන්ද දුහුල් සලුව ඇර වෙන කිසිම දෙයක් නැතිව එයාට තිබුනෙ ලේ පවා කැටි ගැහෙන සීතලක්.එයා වීදිය දිගේ ඇවිදන් ගියේ හෙමින් අඩි තියමින්.. යන තැන ගැන අදහසක් එයාට නැහැ. ගෙදර ගියොත් අනිවාර්යයෙන්ම තමන්ගෙ වංශවත් පියා එයාව උදෙන්ම ගිහින් රැජිණියට බාර දෙනවා. තමන්ගෙ මවට දරුවෝ පහලොස් දෙනාගෙන් එකළොස් වෙනියා වුන ජිමින් නැති අඩුව ඒ තරම් දැනුනෙත් නැහැ.
ජිමින් ගැහි ගැහි වීදිය දිගේ ඇවිදන් යන හැටි පපුව උඩ අත් බැඳගෙන බලන් හිටිය පෞරුෂයෙන් පිරුණ කඩවසම් තරුණයෙක් හිටියා.තමන් යන පැත්තට විරුද්ධ පැත්තටයි ජිමින් යන්නෙ. ජන්කුක්ගෙ පිටිපස්සෙන් එයාගෙ අශ්වයාත් සද්දයක් නැතිව තමන්ගෙ ස්වාමියා බලාගෙන ඉන්න පැත්ත බලන් හිටියා.
"මට ඔයා වෙනුවෙන් කරන්න දෙයක් නැහැ ජිමින්."
ජන්කුක් තමන්ට කියාගෙන තවත් මොහොතක් බලන් ඉඳලා අශ්වයගෙ පිටට නැගලා ආයෙත් බලන් හිටියා. ජිමින් කොහෙ යයිද කියලා එයාට හිතන්න අමාරු වුනා.එයාට ඒක වැඩකුත් නැහැ. එයා තමන්ගෙ ගෙදර යන්න අශ්වයා හරවගත්තා.
YOU ARE READING
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfiction~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+