අශ්වයාගෙන් බහින්නෙ නැතිවම ජන්කුක් ලඟ තිබුන වීදි වෙළඳසැලකින් තඹ වලට තිරිඟු පාන් රෝලක් අරගත්තෙ ගෙදර චීස් ඉතුරු වෙලා තිබුන නිසා.ඒක ජිමින්ට දුන්න ජන්කුක් ඉටිපහන් දල්වලා සැණකෙළි තියන ඊජිප්තු වීදි හරහා හෙමින් අශ්වයව අරන් ගියා.
වංශවතුන් ගොඩක් වෙලාවට අශ්වයන්, ඔටුවන් වගේම කරත්තත් පාවිච්චි කලා. ඊජිප්තුව ගොඩක් කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය වුණ ශිෂ්ටාචාරයක්. ඒකට ගොඩක්ම උදව් වුනේ නයිල් ගඟ.ඊට අමතරව තිබුනා නම් ඒ වටිනා ඛනිජ නිධි. ඉතින් ඒ නිසාම ඊජිප්තුව කානත්ර මිටියාවත් තිබුනත් පොහොසත් නගරයක්.
ජිමින්වත් එක්කගෙනම තමන්ගෙ මන්දිරයට ආව ජන්කුක් ජිමින්ව එහෙමම තියලා අශ්වයගෙන් බිමට බැහැලා ගේට්ටු ඇරලා ඇතුළට ඇවිදන් ගියෙ ජිමින්ව වැටෙන්න නොදී අල්ලගෙනම. මන්දිරේ ඉස්සරහ අශ්වයව නවත්තපු ජන්කුක් ජිමින්වත් උස්සලා බිමින් තියලා ගේට්ටු වහලා දාලා අගුල් දැම්මා.
"ඇතුළට යන්න මිනී. මම මෙයාව ඉස්තාලයට දාලා එන්නම්."
"මං මෙතන ඉන්නම්. ගිහින් එන්න ජන්කුකී.."
"බැහැනෙ. අශ්වයට වතුර එහෙමත් දෙන්න ඕනි. ඇතුළට යන්න හොඳ ළමයා වගේ. ගිහින් උණු වතුරෙන් නාගමු.ම්? "
"හරි.."
ජිමින්ගෙ කොණ්ඩෙත් අවුස්සලා දාපු ජන්කුක් අශ්වයව ඉස්තාලයට අරන් ගිහින් පිදුරු වගේම වතුරත් පුරවලා එද්දි ජිමින් ඇතුළට ගිහින් තිබුනා. ජන්කුක් තාප්පෙ තිබුන ලාම්පු පත්තු කරලා ඇතුළට ආවේ තවත් පාරක් ගේට්ටු අගුල් දැම්මද බලලා.
ජිමින් ඔහේ ගලවලා දාලා තිබුන හම් සපත්තු පැත්තකට කරපු ජන්කුක් පිටේ තිබුන හම් බෑග් එකත් පැත්තකින් තියලා ජිමින්ව හොයාගෙන ගියා. ඒ වෙද්දි ජිමින් කලුවරේ ගිලිලා තිබුන මන්දිරයේ හැමතැනම දුව දුව ඉටි පහන් දල්වන ගමන් හිටියෙ. ඉටි වලින් වෑස්සුන ඒ ඒ ආධාරක ගින්දර එළියට රාක්ෂයෝ වගේ පෙනුනෙ. සාලය පුරාම ඉටි පහන් දල්වපු ජිමින් සෝපාව උඩ හිටගෙන අන්තිමට බිත්තියේ තිබුන උසම උස ඉටි පහනක් පත්තු කරලා ජන්කුක් දිහාට හැරුණා.
"සේරම පත්තු කලා.."
"කාමරෙත්? " ජන්කුක් ජිමින් ගාවට ඇවිත් එයාගෙ අතේ තිබුන ඉටි පහන අරන් මේසෙ උඩින් තියලා ඉණ වටේ අත යවලා බදාගත්තා.
ජිමින් හිටියෙ සෝෆා එක උඩ නැගගෙන නිසා ජන්කුක් මූණ තද කරගත්තෙ ජිමින්ගෙ බඩට. එයා ජිමින්ගෙ කබායෙ බොත්තම ගලවලා දාලා ජිමින්ගෙ සිනිඳු බඩ නහයෙන් කිති කැව්වෙ ජිමින් හුරතල් විදිහට හිනා වෙද්දි.
"ඔව් කාමරෙත් පත්තු කලා. අපි යමු නාන්න ජන්කුකී මම වතුර උණු වෙන්න භාජනේට ගින්දරත් දැම්මා.."
ජිමින් ජන්කුක්ගෙ බෙල්ල වටේ අත දාලා තුරුලු වෙද්දි ජන්කුක් ජිමින්ගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ජිමින්ගෙ ඇඟේ තිබුන බාගෙට ගැලවුන කබාය අයින් කරලා දැම්මා.ජිමින් එයාගෙ ඉණ වටේ කකුල් ඔතාගනිද්දි ජන්කුක් එයාව වඩාගෙන තරප්පු පේළිය නගින්න ගත්තා.තරප්පු පේළියෙත් තැනින් තැන ජිමින් ඉටි පහන් පත්තු කරලා තිබුනා.
ජන්කුක් එයාලට බහින්න පුලුවන් තරමට වතුර මද රස්නෙ කරන හැටි ජිමින් බලන් හිටියා. ලොකු පුලුස්සපු මැටි වලින් කරපු අනර්ඝ නිර්මාණයක් වුන ඒ නාන තටාකය ජන්කුක්ගෙ මන්දිරේ එයාලගෙ කාමරයට අල්ලලා නාන කමරයෙ හදවලා තිබුනා. ජන්කුක්ට විශ්වාසයි එයාට ඇරෙන්න මේ වගේ දෙයක් තියනවා නම් ඒ ක්ලියෝපැට්රාට විතරයි. මොකද ඒ තාක්ෂණය දැනන් හිටියෙ එයා විතරයි.
ඒත් ජන්කුක් කොහොමද නවීනපන්නයේ ඒ රහස් දැනන් හිටියෙ?
"එන්න ජිමිනි. අපි නාන්න ඕනි.."
BINABASA MO ANG
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfiction~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+