13 ° ᥫ᭡

389 91 18
                                    

ජන්කුක් එයාලගෙ කාමරෙන් එළියට ඇහෙන පුංචි ඉකි ගැසීම නෑසිලා යනකන්ම දොරට හේත්තු වෙලා බලන් හිටියා.එයා දන්නවා ජිමින් ගොඩක් දුකින් ඉන්නෙ කියලා.ජිමින් වගේම එයාගෙ හදවතත් ගොඩක් සියුමැලියි. පුංචි සීරිමකින් ඒක ගොඩක් රිදෙනවා. එයා විශ්වාස කරනවා ඇති ජන්කුක්ට එයාව එපා ඇති කියලා. ජන්කුක්ට එයාගෙ සුන්දරත්වය මදී ඇති කියලා.

ඒත් එයා දන්නවා නම් ජන්කුක් සේරටම වඩා බය දේ ඒක කියලා? ජිමින් තරම් නිකැළැල් කෙනෙක් එක්ක එකතු වෙන එකත් ඊජිප්තුවේ භයානක දෙයක් කියලා? ජිමින් දන්නවා නම් ඇත්තටම ජන්කුක් පාලනය වෙන්නෙ පුලුවන් කමකට නෙවෙයි කියලා.. එහෙනම් දේවල් වෙනස් වෙන්න තිබුනා.

ජන්කුක්ගෙ ඇස් වලිනුත් ඔහේ කඳුලු කැට ගලාගෙන ගියා.ජිමින් වගේ ඉකි ගහලා නැතත් එයා එයාගෙම මැණික් කටුව හපාගෙන ඇඬුම හිර කර ගත්තා.ජිමින්ගෙ ඉකිය ඉවර වෙද්දි ජන්කුක් සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්නම දොර ඇරගෙන හෙමින් ඇතුළට අඩි තිබ්බා. හිතුවා වගේම ජිමින්ට අඬන අතරෙම නින්ද ගිහින්. ලොම් කළාල උඩ ගුලි වෙලා ජන්කුක් බාගෙට ලෙහලා දැම්ම විදිහටම කබාය පිටින් එයා තද නින්දෙ හිටියෙ.

ජන්කුක් ලොම් කළාල උඩින් ජිමින්ගෙ එහා පැත්තෙන් වැතිරුණේ ඒ මූණ දිහාම බලන්. තාමත් ඇස් කොණ් වල රැඳිලා තිබුන කඳුලු බිංදුවක් හෙමීට රූටලා පහලට ගලන් යනවා. ජන්කුක් හෙමින් ඒ කඳුලට තොල් තියලා සිප ගත්තා. තෙත වෙලා තිබුන මුහුණෙ අහිංසකකම, විනාඩි ගාණකට කලින් තිබුන හුරතල්කම නැතිව දුක පිරිලා තිබුන එක ගැන ජන්කුක්ට තමන් ගැනම තරහ ගියා.

"මට සමාවෙන්න ජිමින්.හැමදේම හරිගස්සන්න මට කාලය දෙන්න.. මට දේවස්ථානයේ චිත්‍ර අඳින්න අවස්ථාව ලැබෙනකන් ඉවසන්න.මම ඔයාව කොහොම හරි බේරගන්නවා.. මට කාලය දෙන්න.."

ජන්කුක් ජිමින්ගෙ හිස පිරිමදින ගමන් මිමිණුවෙ බිඳීගිය කටහඬින්. එයා ජිමින්ගෙ මූණ දෝතට අරන් අතොරක් නැතුව පොඩි පොඩි හාදු වලින් සැරසුවෙ ජිමින් නින්දෙන්ම කෙඳිරිලි තියද්දි.

ජන්කුක් ජිමින්ගෙ ඉණවටේ අත යවලා එයාව තමන්ගෙ පපුව උස්සලා අර ගත්තා.එයාගෙ වම් පපුව උඩ පූස් පැටියෙක් වගේ නිදන් ඉන්න ජිමින්ගෙ මහත කම්මුල් පොඩි වෙලා තැලිලා ගිහින්. ජන්කුක් හිනා වෙලා ඒ රෝස සුවඳ කොණ්ඩෙ සිපගෙන ජිමින්ව බදාගෙන ඇස් පියාගත්තෙ නිමාව තාමත් කලේ නැති චිත්‍රය හෙට උදේම සම්පූර්ණ කරන්න හිතන්.

ජන්කුක්ගෙ මතකය මීට වසරකට උඩදි සිදු වුන දෙයට ගියෙ නිකන්ම.එයා ඇස් පියාගත්තත් ඒ දේවල් ඇස් ඉස්සරහ මැවි මැවි පෙනුනා...

මොකද වසරකට කලින් මේ වගේම රැයක පළවෙනිවතාවට ජිමින් කියන ඊජිප්තු තරුණයා එයාගෙ ඇස් ඉස්සරහ හිටියා..! එයාගෙ අත් අතරට ජිමින් දුවන් ආවා...... එයාගෙ තුරුළටම.

වෙනස් එකම දේ.. එතකොට ජිමින් සාමාන්‍ය මනුස්සයෙක්.........!

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Tempat cerita menjadi hidup. Temukan sekarang