46 ° ᥫ᭡

254 82 20
                                    

ජන්කුක් ලොකු හුස්මක් යවන ගමන් මාලිගයට ඇතුළු වුනේ රැජිණිය එයාව හමුවෙන්න කැමැත්ත පළකරලා තියෙද්දි. එයාගෙ අතේ තද වුන රැජිණියගෙ සිතුවම තියන කැන්වසය හොඳින් පැපිරස් පත්‍ර වලින් ඔතලා පරිස්සමට තිබුනා. එදා වගේම දොරටු ලඟ තිබුන රෝස මල් දිහා බලලා ලොකු හුස්මක් පිටකරපු ජන්කුක් ඇතුළට ගියෙ අදින් පස්සෙ හැමදේම හරියයි කියලා හිතන ගමන්..

"ජන්කුක් ජෝන් ඔබ පැමිණිලා.."

"රැජිණිය.. "

ජන්කුක් රැජිණිය වෙනුවෙන් ආචාර කරලා සිතුවම අත් දෙකෙන්ම දික් කරනකොට රැජිණිය හිනා වෙලා ඉඳන් හිටිය ආසනයෙන් නැගිටලා ජන්කුක් ලඟට පියවර තියන්න ගත්තා. ජන්කුක් බිම බලන් හිටියා ඇර එයා දිහා බලන්න කරදර නොවෙද්දි රැජිණිය ජන්කුක් ලඟටම ඇවිත් ඒ ආභරණ සහිත අතින් ජන්කුක්ගෙ නිකටින් අල්ලා උඩට ඉස්සුවා..

"ඔබ බොහෝ කඩවසම් ජන්කුක් ජෝන්. කෙසේද එය ඔබ සතුටු වුවාද මා සිතුවම් කිරීමෙන්? "

රැජිණිය ඇඳ සිටියේ අතිශයින්ම දුහුල් ලා රෝස පැහැ වස්ත්‍රයක් වෙනකොට ජන්කුක් ඒ දිහා ඇස් නොයවන්න වගබලාගත්තා. රැජිණිය එයාගෙ අතත් ස්පර්ශ කරන්ම සිතුවම ගනිද්දි ජන්කුක් අප්‍රසාදය පාලනය කරගත්තෙ අදට විතරක් නිසා ඉවසලා.

"මම මගේ පොරොන්දුව ඉටු කලා රැජිණිය. දැන් ඔබේ වාරය.."

"ඔහ්..? වගකීමක් පමණද? කෙසේවුවත් ඔය සෘජු භාෂාවට මා බොහො හෙයින් ආකර්ශනය වෙනවා ජන්කුක්. ඔබව දුරස් කරන්න හිතෙන්නෙ නෑ.."

"වචනය නම් වචනය රැජිණිය! ඔබ වචනය දුන්නා."

ජන්කුක්ගෙ ඊතල වගේ වචන උස් වුනේ රැජිණිය පොරොන්දුව කඩකරාවි කියලා සැක හිතෙද්දි. ඒත් රැජිණිය ඒකට හිනා වෙලාම ඒ සිතුවම දිග ඇරියෙ ජන්කුක් නොනවත්වා තමන්ගෙ කම්මුල් දිවෙන් තෙරපද්දි. සිතුවම දිග ඇරිය රැජිණ තමන්ගෙම ජීවමාන නිරුවත් සිතුවම දැකලා ගල් වුනේ එය එතරම් ජීවමාන නිසා.. ජන්කුක් මොන තරම් දක්ෂද කියන්න රැජිණිය නොදන්නවා නොවුනත් කිසිම අඩුවක් නැතිව ඒ විදිහටම ඇඳලා තිබුන සිතුවම රැජිණියගෙ හදවත ගැස්සුවා.එයා පුදුමෙන් ජන්කුක් දිහා බලද්දිත් ජන්කුක් රවාගෙන එයා දිහා බලන් හිටියා.

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin