....
..
..ඩැඩාට කියනවා..!.මං ඩැඩාට කියනවා...!!!..
තීනු මුමුනන්නෙම ඒක....ගාල් ගෝනියක් විසි කරනවා වගේ සීයා අත්තගෙ කඩුල්ල ගාවදි දාලා ගිය වෙලාවෙ ඉදන් පොලොවටත් තල තල දෙස් දෙවොල් තියන්නෙම ඕක කිය කිය...කන්න ගියත් ඕක කියනවා...නිදාගන්න ගියත් ඕක කියනවා....ස්කෝලේ ගාවට යනකනුත් ඕකම කියනවා...හරියට නිකම් මන්තරයක් වගේ..මතුරන්න මතුරන්න ඩැඩාට ඇහෙයි වගෙ...
අලුත් දවසක් පටන් අරන් තිබුනා උනත් ගානක් නැතිවම තීනු කලින් දවසෙ සිද්ධියට පුපුරනවා...මෙ තරම් කේන්ති යන්නෙ ධතාශ් බලෙන්ම උස්සන් ඇවිත් බලෙන්ම දාලා ගිය එකටද එහෙම නැත්නම් යනවා කියන්නෙවත් නැතුව ආපිට හැරිලා ගිය එකටද කියලා එයාටම හිතාගන්න බෑ...ඒ හේතුව මොකක් උනත් තීනුගෙ උසාවියේ වැරදිකාරයා ධතාශ් විතරක් වෙද්දි....උදේ පාන්දර ගෙට්ටුව ගාව හම්බුනු සිත්රූටවත් එයා ගුඩ් මෝනිම් කිව්වෙ නෑ..ගේට්ටුවෙන් යන එන හැමෝගෙම නියපොතු කපන...අඩුපාඩුවලට බනින සිත්රූ ගුරුවරුන්ට වගේ තීනුටත් ගුඩ්මෝනින් කිව්වත් එයා ඒක ගනන් ගත්තෙ නෑ...ඉතින් කොල්ලගෙ මූන ඇද උනා.....
..මොකෝ අප්සට් ගහලා..ප්රශ්නයක් ද තීනු....
..ඔව් ප්රශ්නයක් තමා..ලොකු ප්රශ්නයක් ...!!!
එකපාරටම තීනු කොල්ලගෙ ඇගට කඩන් පැන්නා..නිකම් හිතේ තියෙන කේන්තිය පිටින් යවන්න කෙනෙක් හම්බුනා වගේ..ඉතින් තීනුගෙ සද්දෙන් සිත්රූ ගැස්සුනා....
..ම්..මේ මොකද මේ...
සිත්රූ ඇහුවට තීනුට දෙන්න උත්තර නෑ....එයා ගේට්ටුව ගාවම ටික වෙලාවක් හිටන් ඉදලා අනිත් ලමයිට එන්න ඉඩ දීලා පැත්තකට උනා..බැලූ බැල්මට තීනුගෙ ඇහිබැම ඇකිලිලා තියෙන විදිහයි..කම්මුල් ලා රෝස පාටවෙලා තියෙන විදිහයි නිසා සිත්රූට හිතුනා මොනා උනත් වෙලා තියෙන්නෙ ඒ තරම් හොද දෙයක් නෙවේ කියන්න...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........