..
..
..
.
.
.
.
.ඉරිදා දවස ගෙවිලා යන්නෙ ඇහිපිය ගහන පමාවට...උදා වෙනකම් බලන් ඉන්නෙ කොයි මොහෙතෙද...ඉරිදා දවස ගෙවෙනකම් දැනෙන්නෙවත් නැති තරම්..තමන්ගෙ ආදරනීයන් එක්ක ඉන්න නිසාම දවස ගෙවෙන හැටි නොදැනෙන තරම් නිසා වෙන්න ඇති අන්දකාරෙ එක්ක ඉරිදා දවසෙ අවසානෙට ලන් වෙලා තිබුනා....
ඒ උනත් හැමදේම සාමාකාමිව තියෙන අවස්තාම උදා වෙන්නෙ නෑ....කොතනින් හරි මොකක් හරි වැරැද්දක් තියෙනවා....
..උබ හිතන් ඉන්නෙ මේවා උබට ලියලා දීලා කියලද ගෑනීයේ..මේවයෙ අයිතියක් අපිටත් තියෙනවා...
..පිටදේසක්කාර හැත්ත..!..උබලට කොහොමද යකෝ මේ හතර මායිමේ අයිතියක් තියෙන්නේ..ඈ බොල....මං ඉපදුනෙත් මේ ගමේ මැරෙන්නෙත් මේ ගමේ...කොහෙදෝ ඉදලා කඩාපාත් උනු තෝ එනවද මේවයේ අයිතිය කතා කරන්න....
..අයිතියක් තියෙනවා තමා යකෝ..මේ මගෙ ගෑනිගේ දේවල්...
..උබේ ගෑනිගේ මගුල් මෙහෙ නෑ...මේවා මගෙයි මගෙ මිනිහගෙයි දේවල්... බොල කොන්ද පන නැති එකා වගේ ගෑනිගෙ ගේ අස්සෙ වැට්ලා ඉන්න උබ එනවද අයිතිය ගැන කතා කරන්න ආහ්හ්....
..මොකක්ද පරට්ටියේ උබ කිව්වේ....
වෙලාවක් අවේලාවක් නෑ එතන ලොකු රන්ඩුවක්....හරිහමකට මායිම බෙදලා නැති නිසාත් අයිතිය කියන්න ඔප්පු තිරප්පු නැති නිසාත් අයිතිය වෙනුවෙන් කා කොටාගන්න එක තරම් දෙයක් තවත් නෑ....
..මොකද උබලා ඔය ආ....
..පොඩ්ඩක් ඉන්නකො අප්පා..
ඒ අස්සෙ අප්පච්චිත් කෑ ගහනවා....කෑ.ගහන්නෙ නැතුව තියෙයිද කෙල්ලො දෙන්නා වැටේ එල්ලිලා පාරෙන් එහා වෙන රන්ඩුව දිහා.බලන් ඉන්නවා....උන්ටත් ඕපයක් කිව්වොත් වෙන මොකුත් ඕන්නෑ...ඔය.රන්ඩුව යන්නෙ සීයා අත්තගෙ ගෙවල් පැත්තෙ ගෙදරක...ඉතින් ටිකක් ඇහෙනවා මදි නිසා මුන් දෙන්නා මේ පාරටම ඇවිල්ලා කන තියලා අහන් ඉන්නවා....
...ආන් ආන් වලදක් පොලේ ගැහුවා....
..අඩේ කුසුමා වැඩ්ඩා නේද...සුමිතට වලදෙන්ම දීලා අදින්න ඇති....
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........