....
..
ඒ පැය ගාන ගෙවිලා ගියේ කොයිතරම් ඉක්මනින්ද කියලා අකේන්ට හිතාගන්න බැරි උනා.....අවුරුදු පහකට පස්සෙ වැව් දිය රැලි සිපගෙන විත් ඇගේ වැදුනු ඒ හුලග.....කාස්ටකේ අස්සෙන් උනත් දැනෙන හුරු පුරුදු බව.....ගිනි අවුවෙන් බැට කාපු මහ පොලොවෙන් හමාන එන දූවිලි සුවද....ඒ එක්කම මග හැරුනු ආදරනීයන්ගේ කටහඩ...ඒ රූප.....පැය කීපෙක ඒ මතකෙම ඇති උනා අකේන්ට සැනසීමෙන් තව දවස් කීපෙකට හුස්ම අල්ලන්න...
හොස්පිටල් එකෙන් අකේන් පැනල ආව කියලා දැනගත්තත් හරි අකේන්ව හොයාගෙන ආව දිනේශ්ට...එයා යන්න ඇත්තෙ කොහෙද කියන්න අටුවා ටීකා ඕන උනේ නෑ......තාර වැටුනු ගුරු පාර දිගේ මගක් දුරක් යද්දිම දිනේශ්ට හිතුවා වගේම අකේන්ව හම්බුනා.....දිනේශ්ගෙ පිටිපස්සෙන් වාහනේ ලග සහන් කොලුවා...එහෙම නැත්නම් හොස්පිටල් එකේම ඇඩෙන්ඩන් කෙනෙක් විදිහට වැඩ කරපු ඉස්සර ඉදන්ම සීයගෙ පනිවිඩ ධතාශ්ව අරන් ගිය සහන් හිටගෙන ඉද්දි...කතාවක් නැතුවම හෙල්මට් එක බයික් එක උඩින් තියලා අකේන් වාහනේට නැග්ගේ දිනේශ් එතන නොහිටිය ගානට....දිනේශ් කියන්නෙ එයාගෙ ජීවිතේ අදුරුතම මතකයක්වත් නොවන ගානට......
දිනේශ් පවා අකේන්ට වචනයක්වත් නොකිව්වෙ කිව්වත් කොල්ලා අහන්නෙ නෑ කියන්න දන්න නිසා....මේ වෙද්දි අකේන්ගෙ හිතේ දිනේශ්ට තියන තැන කාටත් වඩා හොදින් දන්න නිසා....
අකේන් තූර්්‍යට කතා කරනවා.....සාමාන්‍ය විදිහට විස්තර කියනවා...අහන හැම ප්‍රශ්නෙකටම හ්ම් හ්ම් ගාලා උත්තර බදිනවා...කෑවද ඇහුවත් හ්ම්....මහන්සිද ඇහුවත් හ්ම්.....අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා විතරයි...අකේන් කවදාවත් ආපිට තූර්්‍යාගෙන් ප්‍රශ්න කලේ නෑ....කෑවද බිව්වද....හොදින් ඉන්නවද...ඔය මොනවත්ම ඇහුවෙ නෑ......අඩුම ගානේ නන්ගි කෝ කියලවත් එයා ඇහුවෙ නැති වෙද්දි.....අකේන් මොනාම හර් අහයි කියලා බලාපොරොත්තුවෙන් බලන් ඉන්න තූර්යාට හැමදාම උනේ බර හුස්මක් පිට කරලා කෝල් එක කට් කරන්න......බුදු සරනයි මගෙ පුතාට කියන තැන ආපිට බුදු සරනයි විතරක් කියද්දි වචනයක්වත් නොකියා ඉවසන්න...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........