....
..
..සදකිනී ටීචර්!....ඕහ් අදත් ධනාශිගෙ පොඩි අයියද ආවේ..
පොඩි අයියා?...ඒකත් බට්ටිගේ....මොකක්ද් ඒ අහපු කතාව...තීනුගෙ ඇස් හීනි වෙලා ගියා...ඒ ඇහිබැමි දෙකත් ඇකිලිලා ගියා......ඒ එක්කම වගේ තීනු එයාගෙ ඉනට අත් දෙක තියාගත්තේ නපුරු පාට බැල්මක් මූනට අරගෙන....
..පොඩි අයියා නෙවේ මන් ලොකු අයියා!..මට දැන් දහ අටක්...ලොකු අයියා කියලා හිතන් ඉන්න කෙනා තමා පොඩි අයියා...තේරුනාද..ආහ්....
..ඕහ්.ඒ කියන්නෙ මන් හිතුවටත් වඩා තීර්ථ බාලයිද....මන් හිතුවෙ එයාට විස්සකට ලග ඇති කියලා....
සදකිනීගේ මූනේ ඇදිලා ගියේ හීන් හිනාවක්.....ලා නිල් පාට සාරියට අදත් හිස් මුදුනින් කොන්ඩෙ ගැටගහලා තොල් සායම් තවරලා හිටිය සදකිනීගේ ඇත්තටම ලස්සනක් තිබුනා උනත් තීනුට එයාව පෙනුනේ යක්ශනියක් ගානට....යක්ශනියක් නම් නෙවෙ තනිකරම මෙඩූසා ගානට......මෙඩූසා කියන්නෙම ග්රීක මිත්යා කතාවල එන ඔලුව පුරා කොන්ඩෙ වෙනුවට සර්පයෝ ඉන්න...ඇස් දිහා කෙලින් බැලුවොත් ඕනම කෙනෙක්..දෙවියෙක් උනත් ගල් පිලිමයක් බවට බත් කරන්න පුලුවන් මිනිස් වෙස් ගත් අසුරයෙක් වෙද්දි...තීනුට හිතුනෙම සදකිනී කියන්නෙත් එහෙම කෙනෙක් කියලා...ලස්සන මූනක් පෙන්නලා එයාගෙ මල්ලිව හොරකම් කරන් යන්න හදන යක්ශනියක් කියලා...
...විස්සක් නෙවේ තීර්ථට තාම දාහතයි.....ඔහොම ලොකුවට හිටියට එයා තාම හරි පොඩි ලමයෙක්....එයාට බත් ගුලි හදලා කැව්වෙ නැත්නම් කන්නෙත් නෑ....යුනිෆෝර්ම් එක අයන් කරලා දුන්නෙ නැත්නම් ස්කෝලෙ යන්නෙත් නෑ...හැමදේම කරලා දෙන්න ඕන මන් තමා..මේ තීනු තමා...නැත්නම් තනියම කිසිම දෙයක් කරගන්න දන්නෙ නෑ...
පපුවටත් අත් දෙක බැදගෙන තීනු මහ ආඩම්බරකාර විදිහට කියනකොට පැත්තක හිටිය ආදි අමාරුවෙන් තොල් තද කරන් හිනාව හිර කරගත්තා...යුනිෆෝර්ම් එක අයන් කරලා දුන්නෙ නැත්නම් ස්කෝලෙ යන්නෙත් නෑලු....ඔව් ඔව්..ඒක හින්දා වෙන්න ඇති එක් කෙනෙක් මොන්ටිසෝරිය ඉස්සරහ පාට ඇදුමක් ඇදගෙන සෙරප්පු දෙකක් දාගෙන ඉන්නේ...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........