....
..
අවුරුදු පහකට පසු...................
කාලෙකට පස්සේ හිරු රැස්වලට හාදු තියන්න හිතුනු වැහි වලාකුලක්....කාගෙත් ඇස්වලට සැනසීමක සේයාවක් කැන්දන ගමන් ලා නිලට හුරු අහස වහගත්තේ තරමක් තදින් හැමුව හුලන් රැල්ලත් එක්කමයි....
අවාරෙ වහින වැස්ස අගුනයිලු.....තවමත් මිනිස්සු කියන ඇත්තද නැත්තද කියන්න බැරි කතා එක්ක සමහරු හනිකට බස් හෝල්ට්වලටත්...හිසට හෙවනක් දෙන්න පුළුවන් තැන්වලට වාරු උනේ අහස අඩන්න ගන්නෙ කොයිවෙලාවෙද කියලා විස්වාසයක් නැති තැන..
පාර පුරා තැන තැන විසිරුනු දූවිලිත් අවුස්සගෙන ඇගම හීතල කරවන මහ පාලු ගතියක් ගැබ් උනු හුලගක් හමන් ගියා උනත්.....තවත් සමහරු කිව්වේ හුලග නිසා වැහි වලාකුලු ගහන් යයි කියලා වෙද්දි.....කුඩයක් අතේතිබිලත් සමහරු වැස්සක් නේන ගානට ඔහේ ඇවිදන් ගියා.....
වහීවි කියන මිනිස්සුත් වහින්නෙනෑ කියලා කියන මිනිස්සුත් විතරද.....වැස්සත් නැතත් වැඩක් නැති මිනිස්සු වගේම වහිනවද පායනවද කියලා දන්නෙවත් නැති මිනිස්සු ඒ අතරේ හිටියා.....වැස්ස විතරක්ම නෙවේ...ලෝකෙම පෙරලුනත් ගානක් නැති තරමට වෙන වැඩවල හිටිය මිනිස්සු ඒ අතර උනා....
හරියට එයා වගේ.............
...ඇති යකෝ ඇති...දැන්වත් ඕක නතර කරපන්...
..කියලා දේ අහලා නතර කරපන් හුත්තෝ ඕකා මැරෙයි....
..මැරෙයි...!...මැරෙයි නෙවේ අද ඕකව මන් මරනවා...!..
..උබලා කොහොමද යකෝ අපේ එකෙක්ට අත තියන්නේ ...තොපිලා සින්නො උනා කියලා හිතන් ඉන්නේ අපි දෙකට නැවිලා තොපිට පුක දෙන්න ඕන කියලද....කොන්ද පන නැති පොන්නයොනේ ඕයි තොපි...
..මොකක්ද හුත්තිගෙ පුතෝ තෝ කියන්නේ .!....
සමහර වෙලාවට ගිනි ගන්නේ ගිනි ගත යුතු දේවල්ම නෙවේ.....ආයෙමත් ගින්නකට අහුනොවිය යුතුයි කියන අදහසින් පාඩුවේ පැත්තකට වෙන නිවිලා ගිය ගිනි පුපුරු...!...දැන හෝ නොදැන ..ඇවිසිල්ලිලා තිබුනෙත් අලු යට ගිනි පුපුරක්..!
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........