....
..
..මොන මගුලක්ද අම්මා වෙලා තියෙන්නේ....
මිනාශි ගේ ඇතුලට ගොඩ උනේ කේන්තියෙන්ම කැ ගහගෙන...පන්ති ගියපු කෙල්ල එන්න පරක්කු නිසා බය වෙලා හිටිය අම්මගෙත් අප්පච්චිගෙත් මූනේ එයාව කඩුල්ල ගාව දකිනවත් එක්කම සැනසීමෙන් හිනාවක් ඇදුනා....ඒ හිනාව නැත්තටම නැති කරලා දාන්න කෙල්ලගෙ වචනවලට පුළුවන් වෙද්දි අම්මා අප්පච්චිගෙ මූන දිහා බැලුවා.....හේතු අහන්න දෙයක් නෑ....අවුරුදු ගානක ඉදන් වෙන එකම සිදුවීම නිසා ඒ දෙන්නා දන්නවා ඇයි දෙවෙනි කේන්ති අරන් ඉන්නෙ කියන්න...
...ඒ මදිවට මෙ ගෙදර..ශික්..හැමතැනම හැඩි කරලා...කුකුල් කොටුව මීට හොදයි....බට්ටී!..මං කී පාරක් කියලා තියෙනවද පිලිවෙලකට සෙල්ලම් කරන්න දන්නෙ නැත්නම් අකුල කොහෙහරි යනවා කියලා...
කඩුල්ල පනින්න හම්බුනේ නෑ කෙල්ල කේන්තියෙන්ම කෑ ගහන් ආවේ හැඩිවෙලා තිබුනු මිදුලට චුටි කෙල්ලටත් එක්ක බනින ගමන් ...පොඩි අය සෙල්ලම් කරනවා...සෙල්ලම් කරද්දි හැමතැනම හැඩිවෙනවා...ඒක වැරැද්දක් නෙවේ...බැන්නා කියලා පොඩි දරුවන්ට පිලිවෙලට සෙල්ලම් කරන්න තේරෙන්නෙ නෑ...එයාලා තාම පොඩියි..
ඒක එයාලගෙ හැටි...මිදුලෙ තිබුනු ගල් කැට පුරෝපු පොල් කටුවකටත් පයින් ගහගෙන කෙල්ල ගෙට ගොඩවෙද්දි...ඒ කෑ ගැහිල්ලට බය උනු බට්ටි ඉක්මනටම සයුමිගෙ පිටිපස්සෙ හැංගුනා.....පොඩි කෙල්ලට අකුලගෙන යන්න කිව්වත් හරි අනේ එයා බය වෙලා අක්කගෙ සාය අත්දෙකෙන්ම මිරිකගත්තා....
...ඕන් ආවා උරචක්කර මාලේ...මදැයි සැනසීමෙ හිටියා...
සයුමි එහෙම්මම මයුමිගෙ කනට කොදුරද්දි...ඒක නම් ඇත්ත කියන්න කෙල්ල ඔලුව හෙල්ලුවා.....අම්මා නම් මිනාශිට මොනවත් නොකියා ගේ ඇතුලට ගිය කෙල්ල පස්සෙන් බඩගිනීද..මහන්සිද අහගෙන යද්දි අප්පච්චි දොරකඩ ගාව නතර උනා....
..මට මේ හැමදේම එපා වෙලා තියෙන්නෙ..මේක මහ විකාරයක් උනානේ.....
..එහෙනම් ඉන්නෙ මොකටද..යන එකනෙ ඇත්තේ...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........