0126

1.6K 300 114
                                    


..

..

..

"බිත්තරේද හොයන්නේ.....උබල බර වැඩක් නිසා මන් බත් එක්ක බෙදාගෙන කෑවා"

"බිත්තරේද හොයන්නේ.....උබල බර වැඩක් නිසා මන් බත් එක්ක බෙදාගෙන කෑවා"

"බිත්තරේද හොයන්නේ.....උබල බර වැඩක් නිසා මන් බත් එක්ක බෙදාගෙන කෑවා"


    ඒක හරියට දීන් තනන දීන් තනන දින් දින් වාදනයක් එක්ක පසුබිමින් එකම දේ තුන් පාරක් දෝංකාර දීලා ඇහෙනවා වගේ දෙයක්...ඉන්දියන් නාට්ටියක ගෙදර ලේලි වැරැද්දක් කරලා කියලා හැමෝම විස්වාස කරලා එයාට චෝදනා කරද්දි......ඒ වැරැද්ද කලේ මමයි කියාගෙන කවුරු හරි එතනට කඩාපාත් වෙනකොට....ඒ 'මමයි' කියන කෑල්ල තුන් පාරක් දෝංකාර දීලා ඇහෙනවට සමානයි ...හුරුපුරුදු කටහඩකින් ඒ කිව්ව දේත් ආයෙ ආයෙ ඇහෙද්දි.....ටයිල් අල්ලපු පැන්ට්‍රිය ධතාශ්ට අත් දෙකෙන්ම මිරිකුනේ නම් වලක් කපන් වැලලෙන්න තිබ්බා නම් කියන හැගීමත් එක්කමයි...

    ඒ දෙන්නා බර වැඩක්  නිසා එයා බිත්තරේ බත් එක්ක බෙදාගෙන කෑවලු.....ඒ කියන්නෙ ගේ ඇතුලට කඩාපාත් වෙලා පැය දෙකකටත් වැඩී කියන එක නේද.....මෙලෝ සිහියක් නැතුව ඔහේ ඇරලා දාලා ගිය දොරෙන් ආදි කඩාපාත් වෙලා පැය දෙකකට වැඩී නේද.....

  උනුවෙන් කන්න බලන් උයපු හොදි මාලු පිනිවල රස්නෙ යන්න ගිහිල්ලා.....කූරු ගාන්නවත් බැරි උනු බත් එක්ක රයිස් කුකර් එකේම හීතල වෙලා යන්න ගිහිල්ලා......වාසනාවකට වගේ තෙල් තාච්චිය පැත්තකට කරලා ගෑස් ලිපත් ඕෆ් කරලා තියෙද්දි අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිව ධතාශ්ගෙ යටිතොලත් හැපිලා ගිහිල්ලා......


...උබේ ජාතික ආහරේ පරිප්පුව නම් ඉතින් කියලා වැඩක් නෑ ටොපේ ටොප්....බිත්තරේ තමා පොඩ්ඩක් කරවලා තිබ්බේ....ඒකත් මන් වෙලාවට ආව නිසා.........

..මොකද උබ ආවෙ..

   ධතාශ් ඉක්මනටම ඇහුවෙ තව ටිකක් කටවහන් ඉන්න ගියොත් නම් ආදි ගෝනි නැතුව කරේ යන්න හදනවා කියලා දන්න නිසා.....කෑම මේසෙ වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාන් මහ උන්නාන්සේ වගේ ඒකා ෆෝන් එක ඔබනවා . ධතාශ් දිහා ඔලුවවත් උස්සලා බලන්නෙ නෑ...ඒ තරම් ගනකම...

🍁නූශ්🍁(Zhanyi)✅Dove le storie prendono vita. Scoprilo ora