..
..
..
...තීයාපත්තියේහ්හ්හ්....තීයාපත්තියේහ්හ්හ් ....
...දෝනි!...ගුටි නොකා මෙහාට එනවා....ඇත්තමයි අහු උනොත් මන්...
..බේලගන්නෝ....තීයාපත්තියේහ්හ්හ් ...අම්මි ගානෝහ්...දූනිත අම්මා ගානෝහ්හ්හ්....
..ගහන්න නෙවේ හමගහනවා මන්...දත්.මදින්න කියලා බුරුසුව අතට දීලා ගේ ඇතුලට ගිහින් එන ඩිංගට මේකි බුරුසුවෙන් මඩ හාරනවා.....!...ඔහොම ඉන්නවා දෝනි...අද මඩ පිටින් හරි දත් මද්දල තමා මොන්ටිසෝරි යවන්නේ....හිතේ ඇතිනේ අදත් බොරු කියලා ගෙදර නතර වෙන්න...
..හයියෝව්ව්....නන්න බා....මොත්තතෝලි යන්න බාහ්හ්...තීයාපත්තියේහ්හ්හ් බේලගන්නෝ මේ බූලු ගෑනිගෙන් දූනිව බේලගන්නෝ...
..ඔහොම ඉදපන්...දුවන්නෙ කොහෙද ආහ්...දෝනි!...මෙහට එනවා....
..තීයාපත්තියේහ්හ්හ් දූනිව මලනෝ.....බූලු ගෑනි දූනිව මලනෝ...
..කෙල්ලේ!!..
...මොකද යකෝ මේ උදේ පාන්දර විගඩම් නටන්නේහ්...දෝනි මොකද ඔය ආහ්...!..
උදේ පාන්දර ඇහෙන කන් කරච්චලයක් ...කන ලගම ඇහෙන කෑ ගැහිල්ලක්..ඝෝශාවක්...එකපාරටම උනේ මොකක්ද කියන්න හිතාගන්න බැරි තරම්......හරියට දැනෙන්නෙ කරවලා අතෑරියා වගේ.....වෙන ලෝකෙකින් කඩාපාත් වෙලා වගේ....අවුරුදු කීපයක් බෝඩිමේ නිස්කලංක ජීවිතේට හුරුවෙලා.....එයාලගෙම කියන්න පුලුවන් තැනක නිදහසේ ඇස් ඇරලා ඒත් එකපාරටම වගේ කනට පොල්ලෙන් ගහන්නා වගේ හඩවල් වගයක් එක්ක ඇහැරුනාම....තීනුට තප්පර කීපයක්ම ගියා ඉන්නෙ කොහෙද කියලා මීටර් කරගන්න...වෙන ග්‍රහලෝකෙකට ආවෙ නෑ කියලා තේරුම් ගන්න....
දෙයියනේ මෙච්චර කන් කරච්චලයක් ...මෙහෙම සද්දයක් තිබ්බෙ නෑ ස්කෝලෙ යන කාලෙවත්....විඩාබර වෙලා ඉදිමුනු ඇස් ඇගිලිතුඩුවලින් පොඩි කරන ගමන් තීනු ඔලුව ඉස්සුවා වෙනකොට.....බොද උනු ඇස්වලින්ම බැලුවේ මේ ඉන්නෙ කොහෙද කියලා හොයාගන්න....හිටිය විදිහටම කකුල්වලින් අංශුවක්වත් හොලවන්න මහන්සි නොවී තීනු ඔලුව උස්සලා බලද්දි එයා දැක්කේ මේ ඉන්නේ එයාලගෙ කාමරේ කියලා....අලුත් ඇද රෙද්දක් දාපු එයාලගෙම ඇද උඩ කියලා....
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........