0133 (Bonus)

1.5K 289 94
                                    


..

..

..






හහ් හිතේ ඇති...
ඔව් ඔව් හිතේ ඇති දැලේ දාගන්න...
දගලන්නෙත් ඒකටමනේ...
වෙන මොනාද ඉතින් ....
හිතට බයද සැකද කියලා අහලා අක්කලා හොයන්නෙම මල්ලිලාගෙ වෙන්නනේ......


   එව්වා කොහෙද....තීනු අයියා ඉන්නකම් ධතාශ් මල්ලිව එහෙම උදුරගන්නෙ කොහොමද......මායම් දාලා දාලා අයියගෙ නමට ලියාගත්තු මල්ලි පොඩ්ඩව එහෙම එක එකාට පුදන්න පුලුවන්ද......


   තීනු කේන්තියෙන් ගල් කැටෙකට ගැහුවා...ඒ ගල් කැටේ ලගම තිබුනු තවත් ගල් කැටේකට මහ හයියෙන් ගැහුවා...තාර වැටුනු පාර දිගේ ගල් කැටේ විසි වෙලා ඇතට ඈතට යන්න යද්දි......තීනු කෙන්තියෙන් පොලොවෙ අඩි හප්පගෙන හප්පගෙන යන්න ගත්තා........


...ඔය ගෑනිගෙ බෙල්ල මිරිකනවා.....ඒ කාලේ ඉදන් බැල්ම.....මතකනේ නීනු ඔයාට නේද ඒ කිංකිනි ගෙදරටත් හොයාගෙන එන්න ආවා......දැන් කසාද බැදලා ලමයෙක් ඉන්නවා කියලාවත් ගානක් නෑනේ.....මිනිහා රට ගියා කියනා එනවා මගෙ මිනිහව අල්ලගන්න......ඔයාම කියන්නකො නීනු මට කේන්ති යන එක සාදාරන නැද්ද කියලා ආ.....දතාස් හැදුනේ අපේ අත්වලනේ නීනුවෝ...එහෙම ඇස් දෙක ගානට පරිස්සම් කරලා ඔහොම එක එක යක්සනියන්ට පුදන්න පුලුවන්ද කියන්නකෝ මට....



   නීනු බෙල්ල උස්සන් එයාගෙ අයියා දිහා බලාගෙන ඉන්නවා...අයියා ඇගිල්ල දික් කර කර කෑ ගහලා කියන වචනයක් පාසා එයත් බූල් වලිගෙ හොල්ලන ගමන් බෙල්ල ඇල කරනවා...එයාට ඒ කියන දේ තේරෙනවා වගේ ඉස්සරහා ගාත්වලින් ඉස්සිලා මොනාද කියනවා......හැබැයි තීනු කේන්තියෙන් මොන මොනවදෝ කියන ගමන් පොලොවෙ අඩි හප්පන නිසාදෝ ආයෙමත් පාත් වෙලා බෙල්ල ඇල කරන් හරි හුරතල් විදිහට බලන් ඉන්නවා......

  ඒකත් උස නැති උනාට මහ හුරතලයක්.......



   තීනු ඉනට අත තියාගන්නවා....තාර පාර දිගේ එහෙටත් මෙහටත් ඇවිදිනවා...ඈතින් පේන වැව දිහා බලන් ආයෙමත් මොනවදෝ හිතනවා.......ඔන්න ටිකකින් ඔලුවත් කසන ගමන් එක අතක් ඉනට තියාගන්නවා....කල්පනා කරලා ඉවර වෙලාදෝ තීනු ලගින්ම බිම ඇනතියාගන්නවා.......




🍁නූශ්🍁(Zhanyi)✅Where stories live. Discover now