..
..
..
හැම මනුස්සයෙක්ටම දෙවෙනි අවස්තාවක් ලැබෙන්නම ඕන...අහේතුකව නෙවේ...කලු වලාවක උනත් රිදී රේඛාවක් තියෙනවා කියන්න අනිත් මිනිස්සුන්ට දැක ගන්න පුළුවන් වෙන්න....
...ඩ්...ඩැ..ඩා.....ඇ...ස් පියාගන්න එපා ඩැ...ඩා...මන් දිහා බලන්නකෝ....ඔ..යාගෙ සුදු මහ...ත්තයා දිහා බලන්නකෝ.......
ඇබිත්තන් දෙපාවලින් පියවරින් පියවර පොලොවෙ පය ගහලා ඇවිදින්න වාරුවක් උනු ඒ ශක්තිමත් දෑත මේ වතාවේ තදින් වෙලුනේ තව දුරටත් දෙපාවලට වාරු වෙලා හිටගෙන ඉන්න පුලුවන් කමක් නැතුව පොලොවට කඩා වැටුනු තාත්තා කෙනෙක්ගෙ දෑතක් එක්ක.....තාත්තෙක්ට පුළුවන් උනත් හරි හැටි ඇවිදගන්න නොතේරෙන දරුවෙක්ට වාරුවක් වෙන්න......දරුවෙක්ට පුලුවන් වෙයිද දෙපා වාරු නොවුනු පියෙක්ට ආයෙමත් නැගී හිටින්න කියා දෙන්න....අඩපන උනු දෙපා ආයෙමත් පන ගන්වන්න........තමන්ගෙම වතේ ගලන රුදිරයෙන් එකට වෙලුනු ඒ පිය පුතු දෑත් පෙගිලා යන්න යද්දි ඉවසන්න ඕන උනත් කඩා වැටෙන්නෙ නැතුව දරාගන්න....
ටයිල් පොලොව දිගේ ඉදිරියට ට්‍රොලිය ඇදීගෙන යන්න යනවා....ඒ හා සමානව ඒ මත වැතිරිලා ඉන්න දිනේශ් එක්ක කතා කරන ගමන් තීනුගෙ දෙපා හරි ඉක්මන් වෙනවා...වාරන නැතුවම ඒ ඇස්වලින් කදුලු කැට කඩාගෙන වැටෙනවා.....ලෙයටත් කදුලටත් පෙගුනු කම්මුල් තව තවත් තෙමීගෙන යනවා.....අතාරින්න ඕන උනත් අතෑරගන්න බැරිකමට ඒ අතැගිලි තව තවත් දිනේශ්ගෙ අතැගිලි එක්ක බැදීගෙන යන්න යනවා...
..ඇස් පි..යාගන්න එපා ඩැ..ඩා...මන් ඉන්න..වනේ..අනේ ඔයාගෙ තීනු ඉන්න..වනේ ඩැඩා.....
දිනේශ් දන්නවා.....එයාගෙ දරුවා එයා එක්ක ඉන්නවා කියන්න දිනේශ්ට පේනවා.....ඒත් අපැහැදිලි...ඒ චායාවන් හැම එකක්ම පාහේ අපැහැදිලි....එයා දන්නවා කියන්න ඕන උනත්......අඩන්න එපා කියන්න ඕන උනත් ඒ මුවට පවා අගුල් වැටීගෙන යන්න යනවා....ගල් එල්ලුව ගානට ඇහිපිහාටු බර වෙලා යන්න හදනවා......
...ට්...ත්...තී...නු...
...අනේ ක..තා කරන්න එපා ඩැඩා ඔයා..ට අමාරුයි ක...තා කරන්න ...එ...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........