....
..
..ලොකූහ්හ්හ්...තමුසෙට ලියුමක් ඇවිත්.....
හවස් යාමෙක ඇහුනු මද්දුගෙ කෑ ගැහිල්ල ගෙදරට විතරක් නෙවෙ ගමෙන් බාගෙකටත් ඇහෙන්න ඇති...ලියුම අතට ලැබුනත් හරි....පියුම් මහත්තයා සයිකලේ හරවන් යන්නත් කලින් කෙල්ල කෑ ගැහුවා වෙද්දි...ඔන්න ලොකූටත් කලින් වෙන වෙන අය නම් ලියුම මොකක්ද කියලා බලන්න බෙලි එලියට දාන්න ගත්තා...
..ලොතූත ලිඋමක් ඇවිල්ලා..ලොතූත ලිඋමක් ඇවිල්ලා...අප්පත්තියේහ්...මේන් ලොතූත තෙල්ලෙක්ගෙන් ලිඋමක් ඇවිල්ලා....
පොඩි ගවුම් කොටයකුත් ගහගෙන...ගවුමෙ ශිපර් එකත් ඇරගෙන බට්ටි කෑ ගැහුවේ අත් දෙකත් උස්සන් මහ දෙයක් උනු ගානට...මද්දුගෙ අතේ තවම ලියුම තිබ්බා උනත්....ඒක කාගෙන්ද කොහෙන්ද කියලවත් නොබලා බට්ටි කෙලින්ම කෑ ගැහුවේ ධතාශ්ට කෙල්ලෙක්ගෙන් ලියුමක් ඇවිල්ලා කියලා වෙද්දි බොරු කියන කෙල්ලට රවන්නවත් මද්දුට වෙලාවක් හම්බුනේ නෑ...එකපාරටම කොහෙන්දෝ ආව අතකින් ලියුම ඉදිරිලා යද්දි...කෙල්ල ගැස්සිලා වගේ පිටිපස්ස හැරුනා...
..පුළුවන් නම් පත්තරෙත් දාපන්...
ධතාශ්ගෙ රැවිල්ලත් එක්ක මද්දු මෝඩ හිනාවක් දැම්මෙ දත් සේරම එලියෙ දාගෙන...කොහෙද ඉතින් කෑ.ගැහුවට පස්සෙනෙ මතක් වෙන්නෙ කෑ ගහන්න ඕන නෑ ගෙදර මිනිස්සුන්ගෙ කන් ඇහෙනවා කියලා...
..ඇත්තටම කාගෙන්ද ලොකූ ලිවුම...සිරාවටම කෙල්ලෙක්ගෙන් නෙවේනේ...
..පිස්සුද උබට....
ලියුම් කවරයක්වත් නැතුව සුදු පාට කොලයක් නවලා ස්ටේප්ලර් කටුවක් ගහලා ලිපිනේ ලියලා මුද්දරේ ඇලෙව්ව ලියුමක්....ඔය විදිහට ලියුම් කවර නැතුව ස්ටෙප්ලර් කටුවක් ගහලා එවන්නේ ලියුම් වර්ග කීපයයි....මොහොතක් ලියුම විවර නොකරම කොල්ලා ලියුම දිහා බලන් හිටියේ පපුව පිච්චිලා යන හැගීමකින්....මොකද කිව්වොත් මාස කීපෙකට කලින් අම්මගෙ කරාබු දෙක සින්න වෙන්න යනවා කියලා රත්තරන් බඩු සාප්පුවෙන් අවසන් නිවේදනය ආවෙත් මේ වගේම ස්ටෙප්ලර් එකක් ගහපු ලියුමක් විදිහට..
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........