0114

1.5K 260 83
                                    


........
.................









    අනේ මන්දා ඉතින්..ධතාශ්ටත් හරීයට කලබලේනේ....පොඩ්ඩක් ඉන්න කියලා කෑ ගැහුවට ඉන්නෙම නැනේ..සමිත පස්සෙන් එන වග දැක දැක...මොකක්දෝ සාක්කුවෙන් ගත්ත් දෙයක් උස්සලා පෙන්නන ගමන් බඩ තඩියත් හොල්ල හොල්ල එන එන හැටි දැක දැකත්......ධතාශ් තීනුගෙ අතින් අල්ලන් ස්කෝලෙන් එලියට බැස්සෙ ගෙදර ගේට්ටුවෙන් එලිබහින ගානට....



...මොනාද කරන්නෙ දතාස්...පොඩ්ඩක් ඉන්නකෝ...අර අර සමිත මල්ලි.ම්හ්ක්..හෙමින් යමුකෝ....අනේහ්හ්..හෙමීට...




   ධතාශ් උනත් මුරන්ඩු පොඩ්ඩක් නෙවෙයි ඉතින්.....තීනුව ඇදගෙන යනවා කිව්වටත් වඩා තීනුව කිහිල්ලෙ ගහන් ගියා කියලා තමා කියන්න වෙන්නේ....දිග අඩි තියලා වේගෙන් වේගෙන් ඇවිදින වාරයක් පාසා ඇබිත්තන් කකුල් දෙක ඒ වේගෙට පෑහෙන්න බැරිව සමහර වෙලාවට පාවෙලා වගේ ගියා...එක අඩියක් තියලා අනිත් අඩිය පොලොවට තියන්න කලින්ම තීනුව ධතාශ්ගෙ පස්සෙන් ඇදීගෙන ගියා....



..ම්.මේ අහන්න..කෝ මල්ලි..මේක වැරදීනේ...අපිට මෙහෙම කරන්න බෑනේ...ස්කෝලෙන් පනින එක වැරදීනේ..පොඩ්ඩක් නම් නෙවේ ඔන්න ගොඩක්ම ගොඩක් වැරදීනේ...ප්‍රින්සිපල් සර් එහෙම දැන ගත්තොත් ඔන්න මල්ලි...ආඅහ්...

..ඉවරද කියෝලා....



   ධතාශ්ගෙ කකුල්වල වේගෙ කොයිතරම්ද කියනවා නම් විනාඩියක් යනකොට එයාලා හිටියෙ ස්කෝලෙ නොපෙනෙන මානෙක...තාර නොදාපු..දූවිල්ලෙන් වැහුනු ගුරු පාරේ....එක වාහනයකට විතරක් යන්න ඉඩ ඇති පාර දෙපැත්තෙ තිබුනෙම කටු පදුරු එක්ක උස ගස්ම වෙනකොට....මේ තරන් වෙලා සරුංගලේ වගේ පස්සෙන් පාවීගෙන ආව තිනුව ඇදලා අරන් ධතාශ් ඒ ගහකට හිර කලේ බැරිම තැන......


  බෝල ඇස් ලොකු වෙලා...ලා රත ගැහුනු තොල්පට පුදුමෙන් යාන්තමට විවර වෙලා.....උරහිස් මතින් තද උනු ශක්තිමත් අත් නිසාම ගහට ඇලීගෙන ගහට තද වීගෙන ඔලුව උස්සලා බලපු චූටි වස්තුවගෙ වචනත් ධතාශ්ගෙ හදිසි වෙනස්වීම එක්ක හිර වෙලා ගියා.....පොඩ්ඩක් ඉන්න කියලා කෑ ගැහුවා උනත්.....ඒ නතර වෙන්න කියපු තැන මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවෙනකොට...හොරෙක් වගේ වටපිට බලපු චූටි වස්තුව හොරාවට ඇස් උස්සලා ධතාශ් දිහා බැලුවා...

🍁නූශ්🍁(Zhanyi)✅Where stories live. Discover now