....
..සීතලයිනේ..
..තව චුට්ටක් ඉන්නවද ම්ම්...
..හ්ම්....
ඒ මොහෙතේ හැගීම් පිට දැම්මෙම මඩත් එක්ක හාමු උනු වතුර කඳක් මැද උනත්.....එකිනෙක තෙරපුනු හදවත්වල උනුහුම ඈත් වෙන්න ලෝබකමෙ තව තවත් එයාලව එකතු කල එකම උනා.....මොහොතක් ගත වෙලා තිබුනත්...විඩාබර දෙතොල්වලට විවේකයක් ලැබිලා තිබුනත් කොහොමද හිත හදන් ඈත් කරන්නෙ...ඒ දෙන්නා විතරක් තනි උනු ලෝකෙක...කොහොමද පියවරක් පිටතට තියන්නේ......
ධතාශ් බර හුස්මක් ඇදලා ගත්තා......තවමත් වතුරට පෙගුනු නැති තීනුගෙ ගෙල ලගින්ම හරි බරට එයා හුස්මක් ඇදලා ගත්තා......විඩාබර දෙතොලට විවේකයක් දෙන්න ඇස් දිහා බලන් කතා හුගක් කියන්න තිබුනත්....ධතාශ් කලේම අත්වලින් එයාගෙ චූටි වස්තුව පපුවට තෙරපගත්තු එක.....වැටකටොලු බැදගන්න බැරි උනු හැගීම්වල අවසානයේ ඒ බර දරන්න බැරිවම මොහොතක සැනසෙන්න ආදරනීය පහසක හැංගුනු එක...
සීතලයිනෙ කියලා හෙමිහිට මුමුනන ගමන් තීනු උනත් කලේම තෙත කමිසෙ ඇගිලිතුඩුවලින් මිරිකන් එයාට.ආරක්ශිතයි කියලා වැඩියෙන්ම දැනෙන පපුවක් මැදට මූන තද කරගත්තු එක.......නොදැනුවත්කමටදෝ....නොතෙරුම්කමටදෝ දෙතොල් හාදුවක් ඉල්ලුවක්....හාදුවට වඩා පපුවට දැනෙන්නෙ ඒ හාදුව එක්ක කැටි උනු හැගීම්වල බර කියලා දැනෙද්දි.....තීනු හිතුවටත් වඩා ඒ හාදුව හරි සංකීර්න උනා.......දෙතොල් නෙවෙයි.....ඒ හාදුව අස්සෙන් දැනුනු "හැගීම්"හදවතේ කොනක් හිරිවට්ටන තරම් හරි සංකීර්න උනා...
ඇත්ත...හාදුවක් හරි රසවත්....ඒත් හාදුවත් එක්කම හදවත්වල හැගීම් කැටිඋනොත් පපු මැද්දෑවට දැනෙන්නෙම හරි බරසාර බවක්.....
ඒ නිසාමයි එයාලා තවමත් හාදුවේ බර දරාගන්න උනුහුම් වැලදගැනීමක සුවය විඳින්නේ.....
තීනු උත්සහා කලා සංකීර්නයි කියන්න එයාට දැනුනු හැගීම් එකිනෙක ලෙහාගන්න.....ඒ උනත් දැනටමත් ඒ හැගීම් ආයෙමත් ගැට නොගැහෙන තරමට ලෙහා ගත්තු ධතාශ්ගෙ හදවත කිව්වෙ වෙනමම කතාවක්...දවසක යන්නම දෙන්න උනොත් කියලා හිතන් ඈතින් හිටියත්...බිදිලා ගිය පුංච්ම පුංචි සීමාව එක්ක......ධතාශ්ට කීයටවත් පසුතැවීමක් දැනුනේ නෑ...හිත.පුරා දැනුනෙම...අයිතිය කියන හැගීම වෙනකොට......ඒ හැගීමෙන්ම එයා දැනටමත් තීනුගෙ බර දරාගන්න තීරනය කරලා තිබුනා......හය දෙනෙක්ගෙ බර දරාගන්න වෙන උරහිසකට හත්වෙනියෙක් කියන්නෙ තවත් ලොකු වගකිමක් උනත් එයාට බෑ ඒ වගකීම අත්හරින්න....වගකීමක් කිව්වත් ඒ වගකීම ඇතුලෙම තියෙන්නෙ සැනසීමක්ම වෙනකොට.....කොහොමටවත් එයාට යන්න දෙන්න බෑ......යන්න වෙන දවසක් උනත්......යන්න දෙන්න හිත හදාගන්න බෑ......
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........