....
..
අවුරුදු පහකට පසු..........
..ඕයි අකේන්.....ඔහොම නැවතියන් අකේන්!...
............
..ටිකක් නතර වෙයන් ඇටයෝ....උබ කොහොමද ඔහොම හිතුනු හිතුනු ව්දිහට තීරන ගන්නේ....උබ හිතන් ඉන්නෙ උබ මහ කෙරුමෙක් කියලද...
කටහඩක්...එක දිගටම පස්සෙන් වැටි වැටී පෞද්ගලික විශ්ව විද්‍යාලය දෙදරවමින් ඇහෙන කටහඩක්....
අසා කෑ ගහනවා.....පිටිපස්සෙන් දුව දුව සාප තියනවා...ඔහොම නතර වෙයන් කියනවා......අසාට වඩා අගල් දෙකක් විතර උස අකේන් කේන්තියේ උපරිම සීමාවත් පැනලා යන්න කලින් වේගවත් අඩි තියලා ඇවිදන් යන්න යද්දි ඔෆිස් රූම් එක තුල සිද්ධ උනු දේ දැනගත්තු කොල්ලට විසුමක් නැති උනා..ෆයිනල් ලියන්නෑ කියලා.දමලා ගහලා කැම්පස් එක අතෑරලා යන්න හදන අකේන්ව අල්ලන් කනට දෙකක් දෙනකම් හිතට සැනසීමක් නැති උනා....
අකේන්ට ඇහෙන්නෙ නැතිව නෙවේ අසා කෑ ගහනවා....එයාට සාප තියනවා...හොදටම ඇහෙනවා......ඒත් නෑහුනු ගානට අකේන් ඇවිදන් යනවා...නෑ ඇවිදන් යනවා කියනවටත් වඩා දිවිල්ලක වේගෙන් අඩි තියනවා...ඉස්සරහට හම්බෙන කවුරු උනත් ගනන් ගන්නෙ නැතුව.මූනවත් බලන්නෙ නැතුව එයා එයාගෙම පාරක යන්න යනවා...
පැහැපත් හමක් තිබුනයි කියන්න ලකුනු තිබුනත් අවු රැල්ලටදෝ පාට අඩුවෙලා කිරි පාට හම කහ ගැහිලා තියෙද්දි..ඒ හමේ තැනින් තැන රත ගැහුනු තුවාල පාරවල් තිබුනා...අතේ නකල්ස් හීරිලා තවමත් ලේ ගලමින් තිබුනා...මොකක් හරි හේතුවක් නිසා හීරීමක්වත් වෙන්න නොදී අකේන් එයාගෙ මූන පරිස්සම් කරගත්තා උනත් අත පය නම් කැලෑ වැදුනු වැදි.පැටියෙක් වගේ හීරිලා ලෙ පිරිලා තිබුනා...
අකේන්ගෙ කකුල් ඉක්මන් වෙනවා....අසාගෙ උසත් එක්ක කොල්ලට අකේන් පස්සෙ දුවන්න එන්න බැරි බව දැන දැනම අකේන් ඉක්මන් වෙනවා...එයාට ඕන කොහොමහරි අඩි පනහක්වත් අසාගෙන් ඈතට දුවන්න...මොකද කිව්වොත් අසා කොයිවෙලාවෙත් පොත අතේ තියන් ඉන්න..එයාලගෙ සාම විනිසුරු උනු උස දන්ඩට කතා කලොත් නම්....අකේන් කොච්චර දිව්වත් අඩියට දෙකට ඇවිත් කනෙන් අල්ලන් ඇදගෙන යන එක නම් නතර කරන්න බැරිවෙයි කීයටවත්...මේ ඕනාවට වඩා උස යන මිනිස්සුන්ගෙන් තියෙන්නෙ පුදුම කරදරයක්...අකේන්ට වඩා කවුද ඒ ගැන දන්නේ...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........