0086

1.9K 373 57
                                    

..

..

..



දගලලා දගලලා රන්ඩු කරලා..පොර බදලා හේතු නැතුවම එයාම බොරුවට තරහා වෙලා , රෑ මැදක් වෙනකම් මුරන්ඩුකම් කරපු චූටි වස්තුව සනීපෙට ගුලි වෙලා නිදාන ඉද්දි.....පැය හතරක්වත් හරිහැටි නිදාගත්තෙ නැති ධතාශ් හොරෙන්ම තොල්පට උඩ හාදුවක් තැවරුවේ ඒ නින්දට බාධාවක් නොවෙන්න...පුලුන් මෙට්ටෙ තරම් සනීප නොවුනත්...කොහු මෙට්ටෙ උඩ ගුලි වෙලා ලා රත ගැහුව ඇගිලි මිටිමෙලවන් හරි තදට මිටිමෙලවන් උන්නු ඇගිලි අස්සට ඇද රෙද්ද මිරිකිලා ගිහින් තියෙද්දි...මොකක්දෝ තරහකින්දෝ මන්දා ඒ ඇද රෙද්ද නින්දෙන්ම තව තවත් ඇගිලි අස්සට අහුවෙලා පොඩි වෙලා ගියා.....හීනෙන්ම හීන් හැඩැති ඇහිබැමි රේඛා එකිනෙකට ලන් වෙන්න තනද්දි....සිනිදු කෙස් ගස්වලින් වැහුනු නලල් තලය ඇකිලි ඇකිලී රැලි ගැහෙද්දි.....චූට්ටන් නහයත් ඒ රිද්මෙටම ඇකිලුනා වගේම...හීන අස්සෙත් කාටදෝ රවලා බනින්න තොල්පට උල් කරන හොර කොල්ලෙක් ලග ධතාශ්ගෙ මූනේ ආදරනීය හිනාවක් ඇදුනා...මේ නිදන් ඉන්න වස්තුවගෙ අයිතිය හරිහැටි අයිති කාටද කියලා මතක් වෙලා ඒ ඇස් එයාටත් හොරා ආඩම්බරෙන් හිනා උනා.....



නින්දෙනුත් කරන්නෙ රන්ඩු අල්ලන එක...පොඩ්ඩ ඇත්නම් පැටලෙන්න හදන එක.....බෑනෙ එක තප්පරයක් එක විදිහට ඉන්නවා.....ඇද රෙද්ද පොඩි කරන ගමන් තිබුනු ඒ මුරන්ඩුකාර ඇගිලි එකින් එක දිග අරින්න හදන ගමන් ධතාශ්ගෙ හිත මුමුනනවා..අයිතිකාරයා වගේමයි ඒ ඇගිලිත්..එක විදිහකට ඉන්නෙම නෑ...දගලන්නමයි බලන්නේ....දිග අරින්න හැදුවත් ඒ ඇගිලි ආයෙ ආයෙම මිටි මෙලවීගෙන යද්දි.....නිදිමතේම ගුලි වෙලා හිටිය තීනු මොනවදෝ මුමුනලා එහාට හැරෙද්දි.....අතත් ටිකක් බුරුල් උනා වගේම.....ඒ ඇගිලි පහම දිග ඇරලා අතේ අල්ල මැදට ධතාශ් බර හාදුවක් තිබ්බා....එයාට විතරක් අයිති....එයාගෙ අත එක්ක විතරක් පැටලෙන්න අයිතිය තියෙන අල්ල මැදට සීතල දෙතොලින් ධතාශ් බර හාදුවක් තිබ්බා..

....ගිහින් එනකම් පරිස්සමට ඉන්න ම්ම්....ඉක්මනටම එනවා...කියලා යන්න බෑ....කියලා ගියාම යන්න දෙන්නෙ නෑනේ.....




තීනු අනිත් පැත්තට හැරිලා අත පය සේරම එක අතකට දාගෙන ආයෙමත් ගුලිවෙද්දි....අඩමානෙට ඇදේ වාඩිවෙලා.හිටිය ධතාශ් නැගිට්ටා...පොලු වෙනුවට යකඩ දැලක් තිබුනු ඇදේ චිරි චිරි හඩට ඒ වැහුනු ඇස් කෙවෙනි ඇහැරෙන්න නොදී ධතාශ් හරි පරිස්සමට ඇදෙන් නැගිට්ටා.....නැගිටලා යන්න යන නිසාදෝ පාත් වෙලා යාන්තමට විවර උනු රෝස පාට තොල් පටටත් ඉක්මන් හාදුවක් දීගෙන කොල්ලා කෙලින් වෙද්දි.....හැමදාමත් වගේ ගෙදර ඝෝශාව පටන් අරන් තිබුනා......




🍁නූශ්🍁(Zhanyi)✅Tahanan ng mga kuwento. Tumuklas ngayon