0103

1.6K 289 81
                                    

.......
.....
.................







බාගේ ටිකට් එකක්...!...

ඒකත් මේ තීනුට...!

    කොහොමද් එහෙම වෙන්නෙ...කොහොමද එහෙම වෙන්නේ....එහෙම වෙන්න බෑමයි...කීයටවත් එහෙම වෙන්න බෑමයි...තීනු කියන්නෙ ලොකු ලමයෙක්....දතාස්ටත් වඩා ගොඩක් ලොකු ලමයෙක්...එහෙම වෙලත් බාගෙ ටිකට් එකක්..!...මේ තීනුට බාගෙ ටිකට් එකක්....

    එක අතක මොකක්දෝ මන්දා කලු පාට පෙට්ටියක් තියාගෙන...ඒකෙ බොත්තම් වගයක් ඔබලා බැරල් එකකට ඇදුමක් ඇන්දුවා වගේ ඉන්න ටිකට් දෙන අන්කල් මද්දුට සම්පුර්ණ ටිකට් එකක් දීලා තීනුට දුන්නේ බාගෙ එකක්....ඒකත් තීනු මෙච්චර කියලත්....එයා දැන් හුගාරියක් ලොකුයි කියලත්...තප්පරයක් තීනුගෙ මූන දිහාම ගල් ගැහිලා වගේ බලාන ඉදලා අර ටිකට් දෙක දික් කරලා යන්න යද්දි....ගානක් නෑ වගේ බොරු ටිකට් එක දීලා වෙන සීට් එකක් ලගට යන්න යද්දි...තීනුට නම් තවත් බලන් ඉන්න බැරි උනා...තීනුට නම් මේ වෙන අසාදාරනේ දිහා බලන් ඉන්න බැරි උනා....

    මොනවත් නොවුනු ගානට මද්දු ටිකට් දෙකයි ඉතුරු සල්ලියි කලිසම් සාක්කුවට ඔබාන ඉස්සරහා බලාන ඉද්දි තීනු කකුල් දෙක වේගෙන් වේගෙන් හෙල්ලුවා...ඔලුවට දාපු රතු පාට කැප් එක අත් දෙකෙන්ම ගලවලා අරගෙන ඒක පොඩි කරගෙන කරගෙන ගිහින් මද්දුගෙ ඇගට දමලා ගැහුවා...එතකොට නම් කෙල්ල ගැස්සිලා වගේ බැලුවේ මේ මොකද මේ වගේ බැල්මක් එක්ක....ඒත් ඉතින් දැන් මොකද කියලා අහලා වැඩක් තියෙනවද...උනු දේ උනානේ....වෙලා ඉවරයිනේ...වැඩක්ම නෑනේ දැන්...එයත් කට පියන් හිටියනේ එහෙම වෙනකොට..මේ තරම් අසාදාරනයක්..මේ තරම් වැරැද්දක් තීනුට වෙනකොට එයත් ගානක් නැතුව බලන් හිටියනේ....

   තීනු සීට් එක උඩ ඉදගෙනම කකුල් ගසන්න ගත්තා....ඉස්සරහා සිට් එකේ වැදෙන්නම එයා කේන්තියෙන් කකුල් ගසාගෙන ගසාගෙන ගියා....රිදුනත් මොකද....සීට් එකේ කකුල් වැදිලා තුවාල උනත් මොකද...තීනු කේන්තියෙන්ම අත් දෙකත් ගසන ගමන් කකුල් දෙකත් ගසාගෙන ගසාගෙන ගියා.....හරියට චූටි කුකුල් පැටියෙක් වගේ....




..සම්පුර්ණ එකක් ඕනමයි..බාගෙ එපා..!...තීනුට බාගෙ එපා..එපා කියන්නෙ එපා...සම්පුර්ණ එකක්...අනේ සම්පුර්ණ එකක්...ඕනා ඕනා..මේ දැන්ම ඕනා..නැත්නම් මන්..නැත්නම් මම...

🍁නූශ්🍁(Zhanyi)✅Where stories live. Discover now