.ඊයෙත් එකක් දුන්නා...ඒක මග හැර ගන්න එපා..දූවල ගිහින් කියෝලා එන්න....
.
.
...
..
..
කුකුලත් අතේම අරගෙන ආදි ධතාශ්ගෙ වත්තෙ කඩුල්ල පැන්නෙ නම් කලිසම් කොටයක් එක්ක ටී ශර්ට් කෑල්ලකුත් ගහගෙනමයි...ආදිගෙ ගෙදර මොකද ධතාශ්ගෙ ගෙදර..ගෙවල් දෙකම එකයි....ආදිට ධතාශ්ගෙ ගෙවල් පැත්තෙ යන්නවත් ධතාශ්ට ආදිගෙ ගෙවල් පැත්තෙ යන්නවත් අවසරයක්වත් වෙලාවක්වත් ඕන උනේ නෑ...සිතුවිල්ල විතරයි ඕන උනේ....
ඔන්න ඉතින් දෙයියනේ කියලා කඩුල්ල උඩින් පැනලා ආදි වත්තට අඩිය තිබ්බා විතරයි චරස් ගාලා කකුල පොලොව ඇතුලට ගිලා බහිද්දි....කොල්ලා ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ මාස ගානකින් වැහිබිදක් වැටුනේ නැති මිදුලේ මෙච්චර මඩ තොගයක් කොහෙන් කඩා පාත් උනාද කියලා හිතාගන්න බැරිව...ඇරත් ගේ පැත්තෙන් ඇහෙන පිරිමි කටහඩවල් තොගයක කසුකුසුව.....ඇහෙන්නෙත් ලිද පැත්තෙන්....මේ මොනා වෙලාද....
කේලම හොයාගන්න බැරිව ආදිගෙ ඇස් හතර අතේ කැරකෙනවා....බැරිවෙලා හරි ධතාශ් ලොකු ලමයෙක්වත් වෙලාද.....සතියකින් විතර ඒකව දැක්කෙ නැති එකේ වටේ පිටේ පිරිමි එකතු වෙලා ලිද ලග වාඩි කරවලා කොල්ලව මල් කලේකින් නාවනවාවත්ද......
එකපාරක් මඩ වතුර ගලාගෙන යන මිදුල දිහා බලලා කකුලත් කොරවක්කෙක් ගානට උස්සන් ආදි බෙල්ල කරකවලා ගේ දිහා බැලුවේ කෝකටත් කලින් විස්තරේ දැනගන්න...ඔය කිව්වට ඉතින් ලොකු ලමයෙක් වෙලා නාවන තැන්වලට යන්නත් හොද නෑනේ....මල්වර උනු කොල්ලට ඇස් වහ එහෙම වැදුනොත්....
...මාමන්ඩියෝහ්....මාමන්ඩියෝහ්හ්...ගෙදර ඉන්නවදෝ....මාම..
..මොකද බොල කෑ ගහන්නේ..තවම මැරිලා නෑ...!...
ඒ කටහඩ ඇහුනේ නම් ගේ ඇතුලෙන් නෙවේ ගෙදර පිටිපස්සෙන්..ආදිත් හනිකට අඩි තියලා මඩ පාගන්නෙ නැතුව පිටිපස්සට යන්න ගියේ වෙනදට නැගිට්ට පැදුරෙ ඉදන් හෙවිසි බදාගෙන ඉන්න අප්පච්චි අද මොකද ගෙයින් එලි බැහැලා කියලා බලන්න....
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........