0117

1.2K 274 95
                                    


..

..

..





..උබට විස්වාසද ප්‍රශ්නයක් වෙන්නෙ නෑයි කියලා...

..ම්..

..ම් නෙවේ බල්ලෝ....උබ හොස්පිටල් එකෙන් පැනලා ආවා කියලා දැනගත්තාම උබ කියන්නෙ අංකල් උබව හොයන්නෙ නැතුව ඉදී කියලද.....





   අකේන්......එයා බරම බර හුස්මක් ඇදලා ගත්තෙ සාක්කු දෙක ඇතුලෙ හැංගුනු අත් එයාටත් නොදැනී මිටි මෙලවිලා යන්න යනකොට....අසා අහනවා හොස්පිටල් එකෙන් පැනලා ආද එකෙන් අකේන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයිද කියලා...නැතිව නෙවේ..අනිවාරෙන් ප්‍රශ්නයක් වෙනවා....ලොකු ප්‍රශ්නයක් වෙනවා...කොල්ලා ඒක හොදටම දන්නවා..දිනේශ් පිස්සු බල්ලෙක් ගානට අකේන්ව හොයනවා කියන්න එයා දන්නවා..නොදන්නවා නෙවේ..ඒක නොදැනගෙන මෙහෙම මුරන්ඩු උනත් නෙවෙ...

    ඒත්....අකේන්ගෙ හිත වෙනස් වෙලා තිබුනා......සීයා අත්තව බලලා එයා ධතාශ්ගෙ පපුව අස්සට ගුලිවෙලා බස් එකක් එනකම් බලන් හිටිය බස් හෝල්ට් එක පහුවෙලා යද්දි තදින් ඇස් පියාගෙන මොනවත් නොවුනු ගානට අහක බලන් යන්න එයා හිතාගෙන තිබුනා...කවදහරි දවසක ඒ බස් හෝල්ට් එක ලගින් ඇතුලට වැටෙන හුරුපුරුදු ගුරුපාරෙ ආයෙමත් ඇවිදන් යන්නෙ එයා එක්ක විතරයි කියනා අකේන් හිතන් හිටියා....එයා නැතුව මේ බස් හෝල්ට් එක ගාවදිම වෙන් වෙලා යන්න උනත්...එයා නැතුව ආයෙමත් ඒ බස් හෝල්ට් එක ලගට එන්නෙ නෑයි කියන්න අකේන් එයාටම කියාගෙන තිබුනා....

  ඒත් ඒ හැම සිතුවිල්ලක්ම විනාස වෙලා යන්න ගත උනේ හරිම පොඩිවෙලාවයි........හොස්පිටල් එක ඇතුලෙ දැකපු රූපෙත් එක්ක....ඒ ඇහුනු හඩත් එක්ක.....තීනුගෙ ලෝකෙම එක ක්ශනයකින් කනපිට හැරිලා ගිය හැගීමක් දැනුනා වෙද්දි...මේ වෙද්දි අකේන් හිටගෙන හිටියෙ ඒ ගුරු පාරෙ ගහකට හේත්තු වෙලා උනා...නෑහ් ගුරු පාර නෙවේ.......දුවිලි පිරුනු ගුරුපාර උඩින් තාර හලල සම්පූර්නයෙන් වෙනස් කරලා තිබුනු තාර පාරෙ උනා......

   දූවිලිවල තරම් මේ තාරපාරෙ කොහෙද බන් සුවදක්.....ඒ ගුරුපාර තරම් මේ තාරපාර   දන්නවද ඒ රස මතක තවටත්....





🍁නූශ්🍁(Zhanyi)✅Where stories live. Discover now